“ප්‍රබලයි ඒ වගේම ඒත්තුගන්වනසුලුයි”
“මම හෙට ඉඳන් ඒක දේශනා සේවයේදී යොදාගන්න යනවා, මොකද ඒකේ තියෙන තර්කානුකූල කරුණු ඇත්තෙන්ම ප්‍රබලයි ඒ වගේම ඒත්තුගන්වනසුලුයි” කියා ප්‍රංශයේ සිට යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ලිව්වා. එක්සත් ජනපදයේ සාක්ෂිකරුවෙක් මෙසේ ලිව්වා: “මම ඒක නොනවත්වා දිගටම කියෙව්වා, උදාසීන වගේම බයිබලය කෙරෙහි විශ්වාසයක් තබන්නේ නැති හුඟදෙනෙකුව අපිට හමු වෙන නිසා, ඒක ක්ෂේත්‍ර සේවයේදී යොදාගන්න තුරු මට ඉවසිල්ලක් නැහැ.” ඔවුන් විස්තර කරමින් සිටියේ මොකක් ගැනද? සියලුම ජනයා සඳහා පොතක් යන නමින් යුත් පිටු 32 විවරණිකාව ගැනයි; එය 1997/98 අතර කාලය තුළ පැවැත්වූ “දේවවචනය කෙරෙහි ඇදහිල්ල” නමැති සමුළුවේදී වොච් ටවර් සමිතිය විසින් මුදාහැරියා.
මේ ප්රකාශනය පිළියෙළ කර තිබෙන්නේ විශේෂ පාඨක පිරිසක්, එනම් උසස් අධ්‍යාපනයක් ලබා තිබුණත් බයිබලය ගැන දැනුමක් නැති අයව මනසේ තබාගෙනයි. එවැනි පුද්ගලයන් කවදාවත් බයිබලය පෞද්ගලිකව කියවා නොතිබුණත්, එය ගැන නිශ්චිත අදහස් දරනවා. මේ විවරණිකාවේ අරමුණ වන්නේ, බයිබලය කියන්නේ අඩුම තරමින් පරීක්ෂා කර බැලීමට වටිනා යමක් කියා පාඨකයන්ට ඒත්තුගැන්වීමයි. බයිබලය දේවානුභාවයෙන්ය යන්න පිළිගැනීමට මේ විවරණිකාව මගින් පාඨකයාට බල කිරීමක් කරන්නේ නැහැ. ඒ වෙනුවට එය, එහි දැක්වෙන කරුණුවලට කතා කිරීමට ඉඩහරිනවා. අලංකාර වචන යොදා නැති වුණත්, එය පැහැදිලියි, ඒ වගේම ඍජුයි.
කලින් සඳහන් කළ අදහස් දැක්වීම්වලින් අඟවන්නාක් මෙන් සමුළුවලට පැමිණ සිටි අය මේ විවරණිකාව තමන්ගේ ක්ෂේත්රයේදී භාවිත කිරීමට දැඩි උනන්දුවක් දැක්වුවා. උදාහරණයක් හැටියට, ලෝක යොවුන් දිනය සැමරීම සඳහා ලොව දස දෙසින් යෞවනයන් සියදහස් ගණන් අගෝස්තු 23 සහ 24 යන දිනවල පැරිස් නගරයට රැස් වූ අවස්ථාවේදී, සාක්ෂිදැරීමේ විශේෂ ප්රයත්නයක් ප්‍රංශයේ සංවිධානය කර තිබුණා. සාක්ෂිකරුවන් 2,500ක් පමණ (වැඩිදෙනෙක් අවුරුදු 16 සිට 30 දක්වා වයස් කාණ්ඩයට අයත්) ඉංග්‍රීසි, ප්‍රංශ, ජ’මන්, ඉතාලි, පෝලන්ත සහ ස්පාඤ්ඤ භාෂාවලින් මේ විවරණිකාවේ පිටපත් 18,000ක් බෙදාහැරියා.
අපි සියලුම ජනයා සඳහා පොතක් නමැති විවරණිකාව අපේ දේවසේවයේදී යොදාගැනීමට සහතික වෙමු. තමන් විසින්ම බයිබලය පරීක්ෂා කර බැලිය යුතුයි කියා සාධාරණ මිනිසුන්ට ඒත්තුගැන්වීමේදී මේ ප්රකාශනය වටිනාකමින් යුත් එකක් වේවා!