ඇයි ඔවුන් සමඟ සිටින්නේ නැත්තේ?
ඤජාඋකූයා ඌලිම්බා වයසින් අවුරුදු 73ක් වන අතර, පසුගිය වසරේ කි.මී. 450ක පමණ ගමනක ඔහු නිරත වුණා. ඔහු මුළු දුරම පයින් ගමන් කළ අතර, එසේ කරන්න ඔහුට දින 16ක කාලයක් ගත වුණා.
මෙම වයසක මහත්මයා ඔහුගේ ගමනේ නිරත වුණේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂිකව පැවැත්වෙන සමුළුවලට සහභාගි වීමට පුළුවන් වන හැටියටයි. සමුළුවෙන් පසුව ප්රීතියෙන් උද්දාමයට පත්ව හා ආත්මිකව ශක්තිමත් වී, තවත් දින 16ක කාලයක් ගත කරමින් ඔහු තම නිවසට නැවත පයින් ගමන් කළා. ඔහු දැරූ එම වෑයම වටිනා එකක් වුණාද? ඇත්තෙන්ම ඔව්! ඤජාඋකූයා ඌලිම්බා අවුරුදු ගණනාවක් පුරා වාර්ෂිකව මෙම ගමනෙහි නිරත වී තියෙනවා.
මෙම අප්රිකානු මිනිසා, පසුගිය වසරේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවලට සහභාගි වූ රටවල් 230කටත් වැඩි ප්රමාණයකින් ඇදී ආ මිලියන 15කට වැඩිදෙනෙකුගෙන් එක් අයෙක් වුණා. වැඩිදෙනෙකු මෙම සමුළුව පිහිටි ස්ථානයට දින ගණනාවක් තිස්සේ පයින් ගමන් නොකළ බව අමුතුවෙන් කිව යුතු නැහැ. බහුතරයක් මෝටර් රථයෙන්, බසයෙන්, දුම්රියෙන් හෝ ගුවන් යානයෙන් පැමිණියා. ඔබ ඔවුන්ගෙන් එක් කෙනෙකු වුණාද?
එක්දහස් නවසිය අනූඅටේදී, ලොව පුරා විශේෂයෙන්ම ගිම්හාන මාස තුළ (නැතිනම් වියළි සෘතුව පුරා) සමුළු නැවත පැවැත්වීමට යනවා. සෞඛ්යය ඔහුට ඉඩ දේ නම්, සහභාගි වීම සඳහා ඤජාඋකූයා ඌලිම්බා එම දිගු ගමනේ නැවතත් නිරත වන්න ඉඩ කඩ තියෙනවා. ඔහු මෙන්ම තවත් මිලියන සංඛ්යාතදෙනෙක් ප්රායෝගික, ඇදහිල්ල ශක්තිමත් කරවන හා ප්රබෝධය දනවන වැඩසටහනකට සවන් දෙන්න යනවා. සහභාගි වන සියල්ලන්ට, මෙම සමුළුව වසරේ විශේෂාංගය වනු ඇති. සහභාගි වීමට අපෙන් ඔබටත් උණුසුම් ඇරයුම්. ඔබට කිට්ටුම සමුළුව පිහිටා ඇති ස්ථානය ගැන ඔබට කියන්න ඔබ ප්රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇත්තෙන්ම සතුටු වෙයි.