වාර්ෂික රැස්වීම, 1998 ඔක්තෝබර් 3
වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියාහි සාමාජිකයන්ගේ වාර්ෂික රැස්වීම, 1998 ඔක්තෝබර් 3වනදා, නියූ ජ’සි, ජ’සි නගරයේ, කෙනඩි බූලවාඩ් 2932 දරන ස්ථානයේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක්රැස්වීම් ශාලාවේ පැවැත්වෙනු ඇත. සාමාජිකයන් සඳහා පමණක් තිබෙන ප්රාරම්භක රැස්වීම පෙ.ව. 9:15ට ආරම්භ වන අතර, ඉන් අනතුරුව පොදු වාර්ෂික රැස්වීම පෙ.ව. 10:00ට පවත්වනු ලබනවා.
පසුගිය වසර ඇතුළත ලිපිනයේ යම් වෙනසක් සිදු වී තිබේ නම්, ආයතන සාමාජිකයන් දැන් ඒ සම්බන්ධයෙන් ලේකම්ගේ කාර්යාලයට දැනුම් දිය යුතු අතර, එවිට මේ පිළිබඳව දැනුම් දෙන ලිපි හා පෙරකලාසි ජූලි මාසය අතරතුර එම ලිපිනවලට යැවිය හැකියි.
වාර්ෂික රැස්වීමේ නිවේදනය සමඟින් සාමාජිකයන් වෙත එවනු ලබන පෙරකලාසි, අගෝස්තු 1වනදාට පෙර ලැබෙන සේ සමිතියේ ලේකම්ගේ කාර්යාලයට ආපසු එවිය යුතුයි. තමන් රැස්වීමට පෞද්ගලිකව පෙනී සිටින්ට යනවාද නැද්ද යන වග සඳහන් කරමින්, සෑම සාමාජිකයෙකුම මෙම පෙරකලාසිය පුරවා, නොපමාව ආපසු එවිය යුතුයි. මෙම එක් එක් පෙරකලාසියේ සඳහන් වන තොරතුරු මේ කාරණය සම්බන්ධයෙන් නිශ්චිත විය යුතු වන්නේ, පෞද්ගලිකව පෙනී සිටින්ට යන්නේ කවරෙකුද යන වග, මෙම තොරතුරු මත තීරණය කරනු ලබන නිසයි.
සමිතියේ විධිමත් ව්‍යාපාර රැස්වීම සහ වාර්තාද ඇතුළුව සම්පූර්ණ සැසිවාරයම ප.ව. 1:00ට හෝ ඉන් මද වේලාවකට පසුව අවසන් වේයයි අපේක්ෂා කෙරේ. දහවල් සැසිවාරයක් නොතිබෙනු ඇත. සීමිත ඉඩ ප්‍රමාණයක් තිබෙන බැවින්, ඇතුල් විය හැක්කේ ප්‍රවේශ පත්‍ර සතු අයට පමණයි. මෙම වාර්ෂික රැස්වීම දූරකථන මාර්ගයෙන් වෙනත් ශ්රවණාගාරවලට සම්බන්ධ කිරීමට කිසිදු විධිවිධානයක් සැලසීමට යන්නේ නැහැ.