ඔවුන් සැහැසියාව යොදාගැනීමට හේතු
අමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ නම් ප්‍රාන්තයේ ඩෙන්වර්හි, සති 27ක බිළිඳෙක් අඩු මාසෙන් ඉපදුණා. කුඩා දරුවාගේ පණ කෙන්ද රැකුණු අතර, රෝහලේ තෙමසක් සිටීමෙන් පසු ඔහුගේ දෙමාපියන්ට ඔහුව නැවත බාර දුන්නා. සති තුනකට පසුව දරුවා නැවතත් රෝහල්ගතව සිටියා. ඇයි ඒ? ඔහුගේ පියා සැහැසික ලෙස සෙලවීමෙන් ඇති වූ කම්පනය නිසා මොළයේ සිදු වූ දරුණු අනතුරකින් ඔහුට වේදනා විඳින්ට සිදු වී තිබුණා. පියාට බිළිඳාගේ හැඬීම ඉවසගෙන ඉන්න බැරි වුණා. කුඩා දරුවා අන්ධයෙක් මෙන්ම ආබාධිතයෙක් බවට පත් වුණා. නූතන වෛද්‍ය ක්‍රමයට උපතේදී සිදු වුණු මානසික කම්පනයෙන් ඔහුව බේරාගැනීමට හැකි වුණත් ඔහුගේ පියාගේ සැහැසියාවෙන් නම් ඔහුව බේරාගැනීමට බැරි වුණා.
අසංඛ්‍යාත දරුවන් ප්‍රමාණයක් පොළොවේ තිබෙන සැහැසිකම ස්ථානයේදී අතවරයට, පහර දීම්වලට හෝ මරණයට ලක් වෙනවා. එම ස්ථානය නම් නිවසයි! එක්සත් ජනපදයේ පමණක් අවුරුද්දකට දරුවන් 5,000ක් වගේ විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ දෙමාපියන් අතින් මරණයට පත් වන බව සමහරු තක්සේරු කරනවා! නමුත් ගොදුරු බවට පත් වන්නේ දරුවන් පමණක් නෙවෙයි. ලෝක සෞඛ්‍යය (ඉංග්‍රීසියෙන්) සඟරාවට අනුව, එක්සත් ජනපදයේ “දරුවන් ලැබෙන වයසේ සිටින ස්ත්‍රීන් අතරෙහි සිදු වන අනතුරුවලට ප්‍රධානම හේතුව නම් පුරුෂයන් විසින් භාර්යාවන්ට පහර දීමයි.” අනිත් රටවල්වල තත්වය කුමක්ද? “සමීක්ෂණයට අනුව [සංවර්ධනය වෙමින් පවතින රටවල] ස්ත්‍රීන්ගෙන් තුනෙන් එකක සිට අඩකටත් වැඩි ප්‍රමාණයක් දක්වා තම සහකරුවාගේ පහර දීම්වලට ලක් වන බව වාර්තා වෙනවා.” ඇත්තෙන්ම, විශේෂයෙන්ම නිවසේදී සැහැසියාවේ ප්‍රතිඵල අද්දකිනවා.
බොහෝ ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් තමන්ගේ එකඟ නොවීම් සැහැසියාව මගින් නිරාකරණය කරගන්න උත්සාහ කරනවා. සමහර රටවල්වල දෙමාපියන් සහ ගුරුවරුන්, තමන්ගේ කේන්තිය ළමයින්ගෙන් පිරිමහන්න සැහැසියාව ප්‍රයෝජනයට ගන්නවා. හුදු විනෝදය තකා හිරිහැර කිරීමෙන් චණ්ඩීන්, ශක්තියෙන් අඩු අයව සැහැසියාවට ලක් කරනවා. මනුෂ්‍යයන් එතරම්ම සැහැසික වෙන්නේ ඇයි?
ජනයා සැහැසික වීමට හේතු
මනුෂ්‍යයන් ස්වභාවයෙන්ම සැහැසික බව සමහරුන් පවසනවා. පොදුවේ ගත් කල එක්සත් ජනපදයේ සැහැසික අපරාධ අඩු වී තිබුණත් එය යෞවනයන් අතර වර්ධනය වී තිබෙනවා. ඒ වගේම සැහැසියාවට දක්වන උනන්දුව වැඩි වී තිබෙනවා. ප්‍රධාන රූපවාහිනි ජාලයන් තුනක් අපරාධ අඩංගු වෘත්තාන්ත ප්‍රමාණය දෙගුණ කර ඇති අතර, මිනිමැරුම් පිළිබඳ තොරතුරු වාර්තා කිරීම තෙගුණ කර තිබෙනවා. ඔව්, අපරාධවලට හොඳ ඉල්ලුමක් තියෙනවා! මනෝ වෛද්‍යවරයෙක් වන කාල් මෙනින්ජ’, මෙසේ පවසනවා: “අපි සැහැසියාවට ඉඩ දෙනවා විතරක් නෙමෙයි, ඒවා අපේ පුවත්පත්වල මුල් පිටුවලත් දමනවා. රූපවාහිනි වැඩසටහන්වලින් තුනෙන් එකක් හෝ හතරෙන් එකක් ඒවා භාවිතා කරන්නේ අපේ ළමයින්ගේ විනෝදය තකායි. අපි ඒවා සැහැල්ලුවට ගන්නවා විතරක් නෙමෙයි, මගේ දයාබර මිත්‍රයෙනි අපි ඒවාට ඇලුම් කරනවා.”
මෑතකදී කළ විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙන්වන්නේ, මොළයේ සැකැස්ම සහ ඇති දැඩි වන පරිසරය මනුෂ්‍ය කලහකාරිත්වයට සෑහෙන්න බලපාන බවයි. ඉලිනොයි විශ්වවිද්‍යාලයේ, බාලයන් පිළිබඳ පර්යේෂණ ආයතනයේ වෛද්‍ය මාර්කස් ජේ. කෘසි මෙසේ පවසනවා: “අප සියලුදෙනාම එළඹෙමින් තිබෙන නිගමනය නම්, දරුවන් වැඩි වැඩියෙන් නිරාවරණය වන හානිදායක පරිසරය, සැහැසියාවේ වසංගතයක් බිහි කර තියෙන බවයි. පාරිසරික සාධකයන් මොළයේ අණුක වෙනස් වීම්වලට ඇත්තෙන්ම හේතු වන අතර, එමගින් මිනිසුන්ව වඩාත් කලහකාරි කරවයි.” “පවුල් ව්‍යූහයේ බිඳ වැටීම්, තනි මාපිය පවුල් වැඩිවීම, අඛණ්ඩව පවතින දුගී බව, දීර්ඝ කාලයක් පුරා මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැනි සාධකයන්ට ඇත්තෙන්ම මොළයේ රසායනික ක්‍රියාකාරිත්වය කලහකාරි හැසිරීමකට පත් කරවන්න පුළුවන්; මුලින් මෙම බලපෑම සිදු විය නොහැක්කක් ලෙස සිතුවා” යයි මොළයේ අභ්‍යන්තරය (ඉංග්‍රීසියෙන්) නම් පොතේ සඳහන් වෙනවා.
කලහකාරි ස්වභාවය පාලනය කිරීමට තුඩු දෙනවායයි සිතන මොළයේ ඇති රසායනික ද්‍රව්‍යයක් වන සෙරටොනින් මට්ටම අඩුවීම, මොළයේ ඇති වන වෙනස් වීම්වලට ඇතුළත් වන බව එය පවසනවා. දිගු කලක් පුරා දැන සිටි, සැහැසියාව සහ මද්‍යසාර අනිසි භාවිතය අතර තිබෙන සම්බන්ධතාවට විද්‍යාත්මක පදනමක් දෙමින්, මොළයේ සෙරටොනින් මට්ටම පහත හෙළීමට මද්‍යසාරයට හැකි බව අධ්‍යයනයන් අනාවරණය කරනවා.
එසේ වුවත් අදදින සැහැසියාව වැඩිවීමට වෙනත් සාධකයක් දායක වෙනවා. “මෙය හිතට ගන්න” යයි පවසමින් අනාවැකිවලින් යුත් විශ්වාස කටයුතු පොතක් වන බයිබලය අපට අනතුරු අඟවන්නේ මෙලෙසයි: “අවසාන කාලයේ දී උවදුරු අවස්ථා ඇති වෙයි. ඒ කාලයේ දී මිනිස්සු ආත්මාර්ථකාමී, මිලමුදලට ආලය කරන, අහංකාර, ආඩම්බර, අශිෂ්ට, . . . අනුකම්පා රහිත, දයාවිරහිත, ඕපාදූප කියන, අසංවර, කුරිරු [සැහැසික, NW], හොඳ දේට අකමැති, ද්‍රෝහී, හිතුවක්කාර, හිස උදුම්මාගත් . . . අය වන්නෝය. . . . එබඳු අයගෙන් අහක් වී සිටින්න.” (2 තිමෝති 3:1-5, නව අනුවාදය) ඇත්තෙන්ම අදදින අප දකින සැහැසියාව ‘අන්තිම දවස්’ සම්බන්ධයෙන් තිබෙන අනාවැකි සම්පූර්ණ වීමක්.
තවත් දෙයක්, මෙය විශේෂයෙන්ම සැහැසික කාලයක් බවට පත් කරවනවා. බයිබලය මෙසේ පවසනවා: “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.” (එළිදරව් 12:12) යක්ෂයා සහ ඔහුගේ භූත පිරිසව ස්වර්ගයෙන් හෙළා තිබෙන අතර, දැන් ඔවුන් ද්වේෂසහගතව මනුෂ්‍යවර්ගයා කෙරෙහි බලපවත්වනවා. එන්න එන්නම පොළොව සැහැසික ස්ථානයක් බවට පත් කරමින් “බලපවත්වන වාතාවරණයේ අධිපතියා” හැටියට සාතන් “අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවූ ආත්මය” පාලනය කරනවා.—එපීස 2:2, NW.
එසේනම් අපි, අදදින ලෝකයේ සැහැසික ‘වාතාවරණය’ සමඟ හොඳින් කටයුතු කරන්නේ කොහොමද? ඒ වගේම අපි සැහැසියාවෙන් තොරව මතභේද නිරාකරණය කරගන්නේ කොහොමද?
[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
අසංඛ්‍යාත දරුවන් ප්‍රමාණයක් පොළොවේ තිබෙන සැහැසිකම ස්ථානයේදී අතවරයට, පහර දීම්වලට හෝ මරණයට ලක් වෙනවා. එම ස්ථානය නම් නිවසයි!