ඔබ විවාහය ගැන කල්පනා කරමින්ද සිටින්නේ?
අප ලෝක ව්‍යාප්ත දික්කසාද අර්බුදය භූමිකම්පාවකට සම කළොතින්, එක්සත් ජනපදය එහි කේන්ද්‍රස්ථානය වනු ඇත. මෑත වසරකදී, එරටේ විවාහයන් මිලියනයකට අධික ප්‍රමාණයක් අවසානයකට පැමිණියා. එයින් අදහස් කරන්නේ විනාඩියකට විවාහ දෙකක් අවසන් වූ බවයි. නමුත් එක්සත් ජනපදය පමණක් නෙවෙයි විවාහ ඛේදවාචකයකට ලක්ව සිටින්නේ.
එක් අධ්‍යයනයකට අනුව, 1970 සිට කැනඩාවේ, එංගලන්තයේ හා වේල්ස්හි, ප්‍රංශයේ, ග්‍රීසියේ හා නෙදර්ලන්තයේ දික්කසාද අනුපාතයන් දෙගුණයකින් වැඩි වී තිබෙනවා.
යුවළයන් බහුතරයක් විවාහ දිවියට පා තබන්නේ, ඔවුන් එකිනෙකාට ආදරය කරන නිසාත්, ජීවිතයේ ඉතිරි කාලය එකට ගත කිරීමට උවමනා නිසාත් බව විශ්වාස කිරීමට අපට හොඳ හේතු තිබෙනවා. කොහොම වුණත්, කනගාටුවට කරුණක් වන්නේ, සන්තෝෂවත් විවාහයක සිහිනය නිමා වන්නේද සිහිනයකින් වීමයි. යථාර්ථය සලකා බැලීමේදී, තමන්ට තව කාලයක් ඉන්න තිබුණාය කියා හෝ තමන් විවාහ වූයේ වැරදි පුද්ගලයා සමඟ බව හෝ බොහෝදෙනෙක් පවසා තිබෙනවා.
මෙතරම් විවාහ සංඛ්‍යාවක් අසාර්ථක වන්නේ ඇයි? “මූලිකම හේතුව වන්නේ සූදානම් රහිතබවය” කියා පූර්ව විවාහ ඇසුර පිළිබඳ පොතක කර්තෘවරියක් පවසයි. ඇය තවදුරටත් එයට මෙසේද එකතු කරයි: “විවාහ පීඩනවලට ලක් වී සිටින යුවළයන් සමඟ මම කටයුතු කරද්දී, මට දෙවිදිහකට හැඟෙනවා; දයානුකම්පාවක් වගේම කේන්තියක්. අන්‍යෝන්‍ය වශයෙන් තෘප්තිමත් සබඳතාවක් ඇති කරගැනීමට ඔවුන්ට නොහැකිව තිබෙන නිසා මට දයානුකම්පාවක් ඇති වෙනවා. හැබැයි මට කේන්තියක් ඇති වෙන්නේ කාර්යයේ ඇති සංකීර්ණත්වය ගැන ඔවුන්ට තිබෙන නොදැනුවත්කම නිසයි.”
ඇත්තෙන්ම, වැඩිදෙනෙක් විවාහ දිවියට ඇතුල් වන්නේ එය සාර්ථක කරගැනීම සම්බන්ධයෙන් කිසිම දැනුමක් නොමැතිවයි. එහෙත්, මේ ගැන එතරම් පුදුම විය යුතු නැහැ. එක් උපදේශකයෙක් මෙසේ නිරීක්ෂණය කළා: “මීයන් හා කටුස්සන් වැනි සතුන්ගේ ජීවන රටා ගැන අපේ යෞවනයන් බොහෝදෙනෙක් ඉගෙනගන්නවා. හැබැයි ස්වාමිපුරුෂයා භාර්යාව කියන පුද්ගලයන් දෙන්නාගේ හැසිරීම් රටාව ගැන කීයෙන් කීදෙනාද ඉගෙනගන්නේ?”
ඔබ විවාහය ගැන කල්පනා කරමින්ද සිටින්නේ? එනම්, අනාගතයේ විවාහ වීම ගැන හෝ දැනටමත් ගත කරන ඔබේ විවාහ ජීවිතය ගැන ඔබ කල්පනා කරමින් සිටීද? ඔබ එසේ කල්පනා කරමින් සිටී නම්, සැබෑ ජීවිත සබඳතාවක් චිත්‍රපට, රූපවාහිනි නාට්‍යය හෝ ප්‍රේමකතාවල හුවා දක්වන දෙයට වඩා බොහෝ සෙයින් වෙනස් බව ඔබ මතක තබාගත යුතුයි. ඒ විතරක් නෙවෙයි, සැබෑවටම එකිනෙකා සමඟ ප්‍රේමයෙන් බැඳී සිටින මේරූ පුද්ගලයන් දෙදෙනෙකුගේ විවාහය ඇත්තෙන්ම දෙවිගෙන් වූ ආශීර්වාදයකි. (හිතෝපදේශ 18:22; 19:14) එසේ නම්, විවාහයත් සමඟ එන වගකීම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඔබ සූදානමින් සිටින බව ඔබට ස්ථිර විය හැක්කේ කොහොමද? විවාහ කලත්‍රයෙක් තෝරාගැනීමේදී ඔබ කිනම් කාරණා සලකා බැලිය යුතුද? ඔබ දැනටමත් විවාහ වී සිටී නම්, ඔබේ විවාහ ජීවිතයේ කල්පවතින සන්තෝෂය සොයාගැනීමේ හැකියාව ඔබ වැඩි කරගන්නේ කොහොමද?