ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w99 11/1 28-29 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • කොඩියට ආචාර කිරීම, ඡන්ද දැමීම හා අනිවාර්ය සේවා
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශපාලනයට සම්බන්ධ නොවන්නේ ඇයි?
    නිතර අසන ප්‍රශ්න
  • ‘ඔවුහු ලෝකයට අයත් නොවෙති’
    එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න
  • හොඳ තීරණ ගන්න මට පුළුවන් කොහොමද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w99 11/1 28-29 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ඡන්දය දැමීම සම්බන්ධව යෙහෝවාගේ සාක්ෂිකරුවන් දරන දෘෂ්ටිය කුමක්ද?

දෙවිගේ සේවකයන්ට මේ ගැන නිවැරදි දෘෂ්ටියක් ලබාගැනීමට බයිබලයේ පැහැදිලි ප්‍රතිපත්ති ගණනාවක් තිබෙනවා. නමුත් මෙම ප්‍රතිපත්ති සෑම ක්ෂේත්‍රයේම ඡන්ද දැමීමේ ක්‍රියාවකට අදාළ කරගත නොහැකියි. උදාහරණයක් වශයෙන් ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් යම් තීරණයක් ගැනීම සඳහා ඡන්දයක් පැවැත්වීමේ වරදක් නැහැ. පවත්වන රැස්වීම්වල වේලාවන් වෙනස් කිරීමට හෝ සභාව සතු මුදල් භාවිත කිරීම ගැන හෝ නිතරම වාගේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් අත ඔසවා කැමැත්ත හෝ අකමැත්ත පළ කරනවා.

එහෙත් දේශපාලනික මැතිවරණයකදී ඡන්දය දැමීම ගැන කුමක් කිව හැකිද? ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවත්වන මැතිවරණවලදී ජනගහනයෙන් සියයට 50ක්වත් ඡන්දය දමන්න පැමිණෙන්නේ නැති බව මුලින්ම කිව යුතුයි. සෙසු පුරවැසියන්ගේ ඡන්දය දැමීමේ අයිතියට යෙහෝවාගේ සාක්ෂිකරුවන් බාධා පමුණුවන්නේ නැති අතර දේශපාලන මැතිවරණ පැවැත්වීමේදී ඊට විරෝධය පෑමට වෙරදරන්නෙත් නැහැ. මෙවැනි මැතිවරණවලට අනතුරුව බලය ලබන අයට ඔවුන් ගරු කරන අතර ඔවුන්ගේ නියෝගවලටද කීකරු වෙනවා. (රෝම 13:1-7) නමුත් දෙවි සහ රජය හමුවෙහි ඔවුන්ගේ වගකීම ගැන බයිබලය කියන දේ මත පදනම් වූ හෘදයසාක්ෂියකට අනුව ඡන්ද අපේක්ෂකයෙකුට පෞද්ගලිකව ඡන්දයක් දෙනවාද නැද්ද කියා යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක් එක්කෙනා තීරණයක් ගනියි. (මතෙව් 22:21; 1 පේතෘස් 3:16) මෙම පෞද්ගලික තීරණය ගැනීමට පෙර සාක්ෂිකරුවන් විසින් සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා.

‘මා ලෝකයට අයිති නැති සේම, ඔවුන්ද ලෝකයට අයිති නැත’ කියා යේසුස් කිවූ බව මුලින්ම මතක් කරගන්න අවශ්‍යයි. (යොහන් 17:14) යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙම ප්‍රතිපත්තිය බැරෑරුම් කොට සලකනවා. ‘මේ ලෝකයට සම්බන්ධ නොවන’ නිසා ඔවුන් ලෝකයේ දේශපාලනික කටයුතු පිළිබඳව මධ්‍යස්ථව සිටිනවා.—යොහන් 18:36.

දෙවනුව, තමා ඒ කාලයේ ජීවත් වූ ජනයා අතරේ යේසුස්ව නියෝජනය කළ ‘තානාපතියෙක්’ වූ බව පාවුල් කිව්වා. (එපීස 6:19; 2 කොරින්ති 5:20) යේසුස් ක්‍රිස්තුස් දැන් දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ රජ හැටියට කටයුතු කරන බවත්, ඔවුන් තානාපතීන් මෙන් මෙය ලොව මුළුල්ලේ ප්‍රචාරය කළ යුතු බවත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. (මතෙව් 24:14; එළිදරව් 11:15) තමන්ව යවා තිබෙන රටෙහි කාරණාවලට ඇඟිලි නොගසා මධ්‍යස්ථව කටයුතු කිරීම තානාපතියෙකුගෙන් බලාපොරොත්තු වෙනවා. දෙවිගේ ස්වර්ගික රාජ්‍යයේ නියෝජිතයන් හැටියට තමන් ජීවත් වන රටවල දේශපාලනික කාරණාවලට අනිසි ලෙස අත නොගැසීමට එවැනිම වගකීමක් තිබෙන බව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට හැඟෙනවා.

අපේක්ෂකයෙකු බලයට පැමිණුණාට පසු ඔහු කරන දේවල්වලට ඔහුට ඡන්දය දැමූ අය වගකිව යුත්තන් විය හැකි බව අපේ සැලකිල්ලට භාජනය විය යුතු තුන්වන කරුණයි. (1 තිමෝති 5:22 සසඳන්න.) මෙම වගකීම උසුලන්න කැමතිද කියා ක්‍රිස්තියානීන් පරීක්ෂාකාරිව සිතා බැලිය යුතුයි.

සතරවන කරුණ වන්නේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම ක්‍රිස්තියානි එකමුතුකම මහත් සේ අගය කිරීමයි. (කොලොස්සි 3:14) ආගම්, දේශපාලනය සමඟ හවුල් වුණාම එහි සාමාජිකයන් අතරේ භේද ඇති වෙනවා. යේසුස්ගේ ක්‍රියා පිළිවෙත අනුකරණය කරමින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් දේශපාලනයට අත නොගසා සිය ක්‍රිස්තියානි එකමුතුභාවය රැකගන්නවා.—මතෙව් 12:25; යොහන් 6:15; 18:36,37.

පස්වන සහ අවසාන කරුණ මෙයයි—දේශපාලනික කටයුතුවල සහභාගි නොවීම නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට කතා කිරීමේ නිදහසක් ඇතුව ඕනෑම දේශපාලනික පසුබිමක් ඇති කෙනෙකුට රාජ්‍ය පිළිබඳ වැදගත් පණිවිඩය කියා දෙන්න පුළුවන්.—හෙබ්‍රෙව් 10:35.

බොහෝ රටවල ඉහත සඳහන් කරුණු පදනම් කරගෙන දේශපාලන මැතිවරණවලදී ඡන්ද නොදමන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් පෞද්ගලිකව තීරණය කරනවා. එමෙන්ම, එම රටවල නීතිය මෙයට ඉඩ දෙනවා. නමුත් නීතිය මගින් ඡන්දය දැමීම අනිවාර්යය කරන රටවල් ගැන කුමක් කිව හැකිද? එවැනි අවස්ථාවකදී සෑම සාක්ෂිකරුවෙක්ම හෘදයසාක්ෂිය මත පදනම් වූ තීරණයක් ගන්න බැඳී සිටිනවා. යමෙක් ඡන්ද මධ්‍යස්ථානයට යන්න තීරණය කරනවා නම් එය ඔහුගේම පෞද්ගලික තීරණයක්. එතැනට ගොස් ඔහු කරන දෙය ඔහු සහ ඔහුගේ මැවුම්කරු අතර සිදු වන දෙයක්.

එක්දහස් නවසිය පනහේ නොවැම්බර් 15 මුරටැඹ කලාපයේ 445 සහ 446වන පිටුවල මෙවැනි මාර්ගෝපදේශයක් සැපයුවා: “ඡන්දය දැමීම කායිසර් අනිවාර්ය දෙයක් කෙරුවොත් . . . [සාක්ෂිකරුවන්ට] ඡන්ද මධ්‍යස්ථානවලට යන්න පුළුවන්. ඡන්ද පත්‍රිකාවක තම කැමැත්ත ලකුණු කිරීමට හෝ විස්තර කිරීමට මෙතැනදී ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. එම පත්‍රිකාව සමඟ කරන දෙය ඡන්ද දායකයා තීරණය කරන්න ඕනෑ. ඉතින් මේ අවස්ථාවේදී තමයි සාක්ෂිකරුවා යෙහෝවාගේ ආඥාවලට කීකරුව ඔහු ඉදිරියෙහි තම ඇදහිල්ලට එකඟව ක්‍රියා කළ යුත්තේ. ඔවුන්ට ඡන්ද පත්‍රිකාව ලැබුණු විට ගත යුතු තීරණය නියම කිරීම අපේ වගකීමක් නොවෙයි.”

ක්‍රිස්තියානි සහෝදරියෙකුගේ නොඇදහිලිකාර ස්වාමිපුරුෂයෙක් ඡන්දයක් දැමිය යුතුයි කියා ඇයට බල කෙරුවොත් තත්වය කුමක්ද? ක්‍රිස්තියානීන් බලය ලත් මුලාදෑනීන්ට යටත් වෙනවා වගේම ඇය ස්වාමිපුරුෂයාටද යටත් විය යුතුයි. (එපීස 5:22; 1 පේතෘස් 2:13-17) තම ස්වාමිපුරුෂයාගේ කැමැත්තට එකඟව ඇය ඡන්ද මධ්‍යස්ථානයට ගියොත් එය ඇයගේ පෞද්ගලික තීරණයක්. ඒ ගැන ඇයට කවුරුත් දොස් කීම සුදුසු නැහැ.—රෝම 14:4 සසඳන්න.

ඡන්දය දැමීම අනිවාර්යය නොවුණත් ඡන්ද මධ්‍යස්ථානවලට නොයන අය ගැන වෛරයක් ඇති වන වාතාවරණයක් ඇති රටක් ගැන කුමක් කිව හැකිද? ඇතැම් විට ඔවුන්ට ශාරීරිකව තුවාල කිරීමට පවා සමහරු උත්සාහ කරන්න පුළුවන්. තවද ඡන්දය දමන්න නීතියෙන් අනිවාර්යය කර නැතත් ඡන්ද මධ්‍යස්ථානයට නොයෑම නිසා යම් ආකාරයේ බරපතළ දඬුවම් විඳින්න සිදු වුණොත් තත්වය කුමක්ද? මෙවන් අවස්ථාවලදී ක්‍රිස්තියානියෙක් කරන්න යන්නේ කුමක්ද කියා පෞද්ගලිකව තීරණයක් ගන්න ඕනෑ. “එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය.”—ගලාති 6:5.

තම රටේ සමහර සාක්ෂිකරුවන් ඡන්ද මධ්‍යස්ථානයකට යද්දී තවත් සමහරු එයින් වැළකී සිටිනවා දුටු විට ඇතැම් අය ඒ සම්බන්ධයෙන් පැකිලෙන්න පුළුවන්. එවිට ඒ අය “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට එකම ප්‍රතිපත්තියක් නැහැ” කියලා කියන්න පුළුවන්. නමුත් හෘදයසාක්ෂියට අනුව ගත යුතු මෙවැනි තීරණවලදී ක්‍රිස්තියානීන් එක් එක්කෙනා යෙහෝවා ඉදිරියෙහි තම පෞද්ගලික තීරණය ගන්නා බව ඔවුන් වටහාගත යුතුයි.—රෝම 14:12.

විවිධ තත්වයන්වලට අනුව යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගන්නා පෞද්ගලික තීරණය කුමක් වුණත් ඔවුන් ඔවුන්ගේ ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය හා කතා කිරීමේ නිදහස ආරක්ෂා කරගැනීමට වගබලා ගන්නවා. මේ සියල්ලකදීම ශක්තිය ලබන්ටත්, ප්‍රඥාව ලබන්ටත්, තමන්ගේ ඇදහිල්ල අඛණ්ඩව පවත්වාගෙන යන්ටත් ඔවුන් යෙහෝවා දෙවි මත රඳා පවතිනවා. එමගින් ඔවුන් ගීතිකාකරු කිවූ දෙය ගැන ඔවුන්ගේ නිසැකකම විදහාපානවා: “ඔබ මාගේ පර්වතය සහ බලකොටුවය; එබැවින් ඔබගේ නාමය නිසා මට මඟ පෙන්වමින් මා ගෙනගිය මැනව.”—ගීතාවලිය 31:3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න