ගුරුවරයෙකුගේ අසාධාරණයට දෙමාපිය විරෝධය
ඉතාලියේ කාසානෝ මුර්ජිවල ප්‍රාථමික පාසැලක ගුරුවරයෙක්, තම ශිෂ්‍යයන්ගෙන් සමහරෙකුට ස්ටිකර් වගයක් දීලා කිව්වා ගෙදර ගෙනිහින් ඔවුන්ගේ ඉස්සරහ දොරේ ඒක අලවන්න කියලා. “අපි කතෝලිකයන්. මේ දොරට තට්ටු කිරීම යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තහනම්” කියා එහි ලියා තිබුණා.
ශිෂ්‍යයන්ගේ දෙමාපියන්ගෙන් සමහරෙක්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොවුවත් ඔවුන් ගුරුවරයාගේ ක්‍රියාකලාපයට තදින්ම විරෝධය පෑවා. මෝවිටි මෝවිටි නම් පුවත් සඟරාව පවසන පරිදි, ‘දරුවන්ට මෙයාකාර මඟ පෙන්වීමක් දුන්නොත්, ඔවුන් තමන් කැමති කැමති විදිහට අනිත් අයව ප්‍රතික්ෂේප කරයි. එසේ නැතහොත් ආගම “වෙනස්” නිසාම කෙනෙකුව තම ඇසුරෙන් ඉවත් කරයි’ කියා දෙමාපියන් චෝදනා කර තිබෙනවා. මෙම සඟරාවට ලියූ එක් දෙමාපියෙක් මේ ස්ටිකරය හැඳින්නුවේ “වල්පැළෑටියක බීජයක්,” එනම් “නූගත්කමේ හා මෝඩකමේ ඵලයක්” හැටියටයි.
මේ වාර්තාව පෙන්වන ආකාරයට, සාධාරණව සිතන බොහෝදෙනෙක් අසාධාරණය නමැති බීජ වැපිරීමේ අනතුර වටහාගෙන තිබෙනවා. ඉතාලිය හා මුළු ලෝකය පුරාම යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිදු කරන ක්‍රිස්තියානි දේවසේවය සඳහාත් ඔවුන් ගෞරවය පෙන්වනවා. සාක්ෂිකරුවන්ගේ ‘බලාපොරොත්තුව සම්බන්ධයෙන් ඔවුන්ගෙන් හේතු’ නොවිමසන්නේ මන්ද? ඔවුන් ‘ගැඹුරු ගෞරවයකින් යුතුව’ ඔබ සමඟ කතා කිරීමට ආසාවෙනුයි ඉන්නේ.—1 පේතෘස් 3:15, NW.