යහපත් ක්‍රියා දෙවිට ගෞරවය ගෙන දෙයි
දෙවිට ප්‍රේම කරන්නෝ, ඔහුගේ වචනය වන බයිබලයේ ඇති ආත්මික ආලෝකය විහිදුවීමට වෑයමක් දරති. මේ මගින් ඔවුහු ‘මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාට ගෞරවය කරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළන්න’ කියා යේසුස් දුන් ආඥාව අනුගමනය කරති. (මතෙව් 5:16) අප කතා කරන වචනවලින් මෙන්ම, අපේ යහපත් හැසිරීමෙන්ද දෙවිට ගෞරවය ගෙන දිය හැකියි.
යෙහෝවාගේ සාක්ෂිකරුවෝ බයිබලයට එකඟව ක්‍රියා කිරීමෙන් දෙවිව සතුටු කිරීමටත්, සෙසු මනුෂ්‍යයන්ට ආත්මිකව උපකාර කිරීමටත් වෑයමක් දරති. ඔවුන්ගේ ප්‍රසිද්ධ දේවසේවය නීත්‍යනුකූලව ලියාපදිංචි කර නොමැති රටවල පවා ඔවුන් මෙලෙස ක්‍රියා කර තිබෙන බවට සාක්ෂි ඇත. මෙම නීත්‍යනුකූලව ලියාපදිංචි කර නොමැති රටවල් අතුරින් එක් රටක අගනුවර සාක්ෂිකරුවන් විසින් පවත්වනු ලැබූ වාර්ෂික සමුළු සඳහා 6,000 සිට 9,000ක පිරිසක් සහභාගි වී තිබේ. එවැනි එක්රැස්වීම් පැවැත්වීම සඳහා ප්‍රදර්ශන පවත්වන ශාලාවන් ඔවුහු කුලියට ගත්හ. සාක්ෂිකරුවන් කලින් වසරවලදී කළාක් මෙන්, 1999 සමුළුව පැවැත්වීමට පෙර ඔවුන්ගෙන් සිය ගණනක් එම ශාලා පිරිසිදු කරමින්, ශබ්ද විකාශන හා ආසන දහස් ගණනක් සකසමින් වෙහෙස මහන්සි නොබලා වැඩ කළෝය.
සිදු කෙරුණු මෙම සියලු වැඩ කටයුතු මනුෂ්‍යයන්ගේ දසුනින් ගිලිහී නොගියේය. එම ශාලා සංකීර්ණයේ කළමනාකරණ අංශය විසින් වැඩ කටයුතු සියල්ල හොඳින් නිරීක්ෂණය කළේය. ඔවුන්ගේ අවධානය තවත් එක් විශේෂ දෙයක් වෙත යොමු විය. එනම්, 15,666ක සංඛ්‍යාවක් පැමිණියත්, සෑම දෙයක්ම සන්සුන්ව සිදු වූ ආකාරයත්, සාක්ෂිකරුවන් ඉතාමත් පිළිවෙළකට කටයුතු කළ ආකාරයත්ය. සමුළුව අවසන් වූ පසුත් ශාලාව හොඳින් පිරිසිදු කර හොඳ තත්වයෙන් නැවත භාර දීම කළමනාකරුවන්ගේ ඉමහත් පැසසුමට ලක් විය.
ඊළඟ වසර සඳහාත් ශාලාව කුලියට දීමේදී ප්‍රමුඛතා ලැයිස්තුවේ සාක්ෂිකරුවන්ගේ නම මුලට දැමීමෙන්, කළමනාකරුවන් තම අගය පෙන්වීය. එපමණක්ද නොව ඔවුන් විසින් වර්ෂ 1999 ජූලි 15වන දින, “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාව” යන වදන්, පලකයක කොටා එය සමුළු සංවිධායක කමිටුවට, තම අගය ප්‍රකාශ කිරීමේ තිළිණයක් ලෙස පිරිනමන ලදි. බයිබල් අධ්‍යාපන ක්‍රියාකාරකම් තහනම් කර ඇති රටක එවැනි සිදුවීමක් ඇත්තෙන්ම සුවිශේෂි දෙයක් නොවෙයිද?
වර්ෂ 2000/2001 සඳහා ලොව වටා, යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පවත්වනු ලබන “දේවවචනය පිළිපදින්නෝ” යන දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීමට දැනටමත් මිලියන ගණන් අය බලාපොරොත්තුවෙන් සිටිති. යහපත් ක්‍රියාවලින් දෙවිට ගෞරවය ගෙන දෙයි යන බයිබලයේ පවසන වදන්වලට එකඟව කටයුතු කිරීමට වෑයම් කරන අයව, එයට සහභාගි වීමෙන් ඔබටත් පෞද්ගලිකවම නිරීක්ෂණය කළ හැකියි.