“සැමට ප්‍රීතිය ගෙන දිය යුතු දෙයක්”
දකුණු පැසිෆික් සාගරයේ දූපත් නවයකින් සමන්විත ටුවාලු නමැති කුඩා රට දැකීමට ශෝභමානය. එම රටෙහි 10, 500ක් පමණ ජනගහනය සිටියි. දෙවිගේ කැමැත්ත නම් ‘සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණීම’ බව මෙම රටෙහි සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ විශ්වාස කරති. එමනිසා, තම මව් භාෂාවෙන් බයිබල් ප්‍රකාශන ලබාගැනීමට ඔවුහු මහත් ආශාවකින් සිටියහ. (1 තිමෝති 2:3, 4) නමුත් එම රටවැසියන්ගේ භාෂාවෙන් ශබ්දකෝෂයක් නොතිබූ හෙයින් මෙය විශාල අභියෝගයක් මෙන් පෙනෙන්නට විය. වර්ෂ 1979දී ටුවාලුවල සේවය කරමින් සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මිෂනාරිවරයෙක් මේ අභියෝගය භාරගත්තේය. ඔහු සහ ඔහුගේ භාර්යාව ස්වදේශික පවුලක් සමඟ ජීවත් වෙමින් භාෂාව ඉගෙනගත් අතර, ක්‍රමක්‍රමයෙන් ට්වාලුවන් වචන අඩංගු අකාරාදියක් සකස් කළේය. එක්දහස් නවසිය අසූහතර වන විට ට්වාලුවන් භාෂාවෙන් පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන ප්රකාශනය නිකුත් කරන ලදි.a
සදා ජීවනය නමැති මෙම පොත පිළිබඳව, වෛද්‍යවරයෙක් මෙන්ම ටුවාලුවල හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වූ ටොමාසි පුවාපු තම අගය ලිපියකින් ප්‍රකාශ කළේය. එහි මෙසේ පවසා තිබිණ. “ඇත්තෙන්ම මේ පොත ටුවාලු උරුමයට එකතු වූ තවත් ‘වටිනා දායාදයක්.’ ටුවාලු ජාතිකයන්ගේ ආත්මිකත්වය නඟා සිටුවීමට දැරූ වෑයමේදී දැක්වූ අනගි සහයෝගය ගැන ඔබ සතුටු විය යුතුයි. මගේ විශ්වාසයට අනුව නම් අධ්‍යාපනික පොත් පත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ඉටු කළ මෙම වැදගත් මෙහෙය ගැන ටුවාලු ඉතිහාසයේ ලියවේවි. . . . සත්‍ය වශයෙන්ම මෙය සැමට ප්‍රීතිය ගෙන දිය යුතු දෙයක්.”
පරිවර්තකයන් විසින් රැස් කරගත් වචන මාලාව නිසා 1993දී ට්වාලුවන්-ඉංග්‍රීසි ශබ්දකෝෂයක් ප්‍රකාශයට පත් කරන ලදි. එය එම රටෙහි ප්‍රකාශයට පත් වූ පළමු ශබ්දකෝෂයයි. මෑතකදී ටුවාලු භාෂා මණ්ඩලය විසින් ස්වදේශිය භාෂාවෙන් ප්‍රථම ශබ්දකෝෂය නිකුත් කිරීමට එම ට්වාලුවන්-ඉංග්‍රීසි ශබ්දකෝෂය භාවිතයට ගැනීම සඳහා අවසර ඉල්ලන ලදි.
වර්ෂ 1989 ජනවාරි 1වනදා සිට මුරටැඹ සඟරාව ට්වාලුවන් භාෂාවෙන් මාසිකව ප්‍රකාශයට පත් කර තිබේ. ඔබ මෙම සඟරාව කියවන්නේ ඔබේ දෙවෙනි භාෂාවෙන් නම් ඔබේම මව් භාෂාවෙන් මුරටැඹ ලබාගත හැකිදැයි දැනගැනීමට මෙම සඟරාවේ දෙවන පිටුව බලන්න. ඔබේම මව් භාෂාවෙන් සඟරා කියවීමට ඔබ වැඩි රුචිකත්වයක් දක්වනු ඇති බව නිසැකයි.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc. මගින් ප්රකාශිතය.