ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w01 2/1 32 පි.
  • ‘ඒක ඔබේ පෙකණියට සනීපයක්’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ඒක ඔබේ පෙකණියට සනීපයක්’
  • 2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w01 2/1 32 පි.

‘ඒක ඔබේ පෙකණියට සනීපයක්’

මිනිසුන් බහුතරයක් ලෙඩ රෝගවලට ගොදුරු වීමට මූලික හේතූන් වී ඇත්තේ භීතිය, දුක, ඊර්ෂ්‍යාව, නුරුස්සන ස්වභාවය, වෛරය හා වරදසහිතභාවය යන චිත්තවේගී ආතතීන් බව විශ්වාස කෙරේ. මෙම අදහස් සලකා බලද්දී, බයිබලයේ සඳහන්ව ඇති මෙවදන් මොනතරම් සැනසිලිදායකද! ‘යෙහෝවාට භයවීම ඔබේ පෙකණියට සනීපයද ඔබේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය’ කියා එහි පවසයි.—හිතෝපදේශ 3:7,8, NW.

ශරීර කූඩුව නිර්මාණය වී ඇත්තේ ඇටවලින් (අස්ථි) බව අපි දනිමු. කෙසේවෙතත්, බයිබලය “ඇට” යන වචනය උපමාලංකාරයෙන් යොදාගෙන ඇත්තේ යම් පුද්ගලයෙකුගේ අභ්‍යන්තරයේ ඇති ගැඹුරු හැඟීම් හා චිත්තවේගයන් විස්තර කිරීමටය. එසේනම්, යෙහෝවාට භයවීම ‘ඔබේ පෙකණියට සනීපයක්’ වන්නේ කෙසේද?

ඉහත සඳහන් “පෙකණිය” යන වචනයේ භාවිතය සම්බන්ධයෙන් බයිබල් විශාරදයන් පළ කළ විවිධ අදහස් සලකා බලන්න. එක් විශාරදයෙක් පැහැදිලි කළේ “පෙකණිය” පිහිටා ඇත්තේ “ශරීරයේ මැද කොටසේ” නිසා එය ඇතැම්විට ශරීරයේ වැදගත් අවයවයන් නියෝජනය කිරීමට භාවිතා කර ඇතැයි කියාය. එසකියෙල් 16:4හි සඳහන් ආකාරයට පෙකණි වැලට යොමු දැක්වීමටද “පෙකණිය” යන වචනය භාවිත කළ හැකි බව තවත් විශාරදයෙක් පවසන්නේය. මේ අනුව, කිසිදු සරණක් නැති කලලයක් පෝෂණය සඳහා මව මත සම්පූර්ණයෙන් රඳා පවතින ආකාරයටම අපත් සම්පූර්ණයෙන්ම දෙවි මත රඳා පැවතිය යුතු බව හිතෝපදේශ 3:8හි අවධාරණය කරනවා විය හැක. තවත් අදහසකට අනුව, මෙම බයිබල් ඡේදයේ “පෙකණිය” යන වදන භාවිත කර ඇත්තේ ශරීරයේ පේශි හා නහර නියෝජනය කිරීමට විය හැක. ඇතැම්විට එම ඡේදයේම ශරීරයේ වඩාත් ඝනව පවතින ‘ඇටවලටත්’ යොමු දක්වන නිසා, පේශි හා නහර ඇටවලට වඩා කොතරම් වෙනස්ද කියා මෙහි කාවැද්දවීමට වෑයම් කරනවා වන්නට ඇත.

මේ සම්බන්ධයෙන් විවිධ අදහස් දැක්වුවත් එක දෙයක් නිශ්චිත වශයෙන් සත්‍යයයි, එනම් යෙහෝවාට ගරුබියක් දැක්වීම ප්‍රඥාවේ මූලාරම්භය බවය. තවද අප යෙහෝවාගේ ප්‍රමිති පවත්වනවා නම් අපේ නිරෝගි සෞඛ්‍යයට එය රුකුලක් වනු ඇත. ඊටත් වඩා වැදගත් වන්නේ යෙහෝවා පිරිනමන පිරිපුන් සෞඛ්‍යයක් එනම් මානසික හා ශාරීරික සුවය සහිත නිමක් නැති ජීවිතයක් ඔහුගේ අලුත් ලෝකය තුළ හිමි කර දීමට එයට හැකිවීමය.—යෙසායා 33:24; එළිදරව් 21:4; 22:2.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Dr. G. Moscoso/​SPL/​Photo Researchers

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න