ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w02 4/15 32 පි.
  • නැණවත්ම දේ පලායෑම නම් . . .

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නැණවත්ම දේ පලායෑම නම් . . .
  • 2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w02 4/15 32 පි.

නැණවත්ම දේ පලායෑම නම් . . .

අද මුළු ලෝකයම බොරු චණ්ඩිකම් පෑම්වලින්, සතුරුකම හෝ වරදට පොලඹවාගැනීම වැනි දූෂිත බලපෑම්වලින් ගහන වූ තැනක් බවට පත් වී ඇත. මෙවැනි ක්‍රියාවන් මඟහරින නැතහොත් ඒවායින් පලායන කෙනෙකුව දුර්වලයෙකු හෝ නිවටයෙකු ලෙස සලකනු ලැබේ. ඔහු අනුන්ගේ සමච්චලයටද ලක් විය හැක.

කෙසේවෙතත් ඇතැම් අවස්ථාවලදී සුදුසුම දේ පලායෑම බවත් එය ඥානවන්ත හා නිර්භීත ක්‍රියාවක් බවත් බයිබලයේ පෙන්වා තිබේ. මෙම බයිබල් සත්‍යතාවය තහවුරු කරමින් යේසුස් ඔහුගේ ගෝලයන්ව සේවය සඳහා පිටත් කර යැවීමට පෙර මෙසේ පැවසීය. “ඔවුන් එක් නුවරකදී නුඹලාට පීඩා කරන කල ඊළඟ නුවරට පලායන්න.” (මතෙව් 10:23, NW) ඔව්, ඔවුන්ට පීඩා කරන්නන්ගෙන් බේරීම සඳහා කටයුතු කිරීමට යේසුස්ගේ ගෝලයන්ට කියා තිබිණි. අන් අයට තම විශ්වාසයන්ට එකඟ වන්න කියා බල කිරීම හෝ ආගමික යුද්ධයක් කිරීම ඔවුන්ගෙන් අපේක්ෂා නොකෙරිණි. මන්ද ඔවුන්ගේ පණිවිඩය සාමයේ පණිවිඩයක් විය. (මතෙව් 10:11-14; ක්‍රියා 10:34-37) ක්‍රිස්තියානීන් කෝපය ඇතිවීමට තුඩු දෙන තත්වයන් මඟහැර පලා ගිය අතර ප්‍රකෝපකාරි ක්‍රියාවලින්ද ඔවුන් සම්පූර්ණයෙන් ඉවත් විය යුතුව තිබිණි. මේ ආකාරයට කටයුතු කිරීම නිසා යෙහෝවා සමඟ ඔවුන්ට තිබූ අගනා සම්බන්ධයට හා යහපත් හෘදසාක්ෂියට කිසිදු හානියක් සිදු නොවීය.—2 කොරින්ති 4:1, 2.

මීට වෙනස්ව කටයුතු කළ කෙනෙකුගේ අවාදර්ශය බයිබලයේ හිතෝපදේශ පොතේ සඳහන් කර තිබේ. එහි පෙන්නුම් කරන්නේ තරුණයෙක් වැරදි දෙයකට පෙලඹුණු විට එයින් පලා නොයෑම නිසා අත් වන ප්‍රතිඵලය ගැනයි. මෙම තරුණයා වේශ්‍යාවක් පසු පස ගියේ හරියට ‘ගොනෙකු මරණයට යන්නාක් මෙනි.’ ප්‍රතිඵලය කුමක් වීද? ඔහු එම වැරදි පෙලඹීමට අසු වූ නිසා ඔහුගේ මුළු ජීවිතයම විපත්තියකට ගොදුරු විය.—හිතෝපදේශ 7:4, 6, 7, 9, 21-23.

ඔබට ලිංගික දුරාචාරයට හෝ වෙනත් අන්තරාවකට මුහුණ දීමට සිදු වුවහොත් ඔබ කරන්නේ කුමක්ද? දේවවචනයේ පවසන්නේ කළ හැකි නැණවත්ම දේ නම් එතැනින් පලායෑම නොහොත් එකෙණෙහිම එම දසුනෙන් ඔබව ඈත් කරගැනීම බවයි.—හිතෝපදේශ 4:14, 15; 1 කොරින්ති 6:18; 2 තිමෝති 2:22.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න