ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w02 12/15 30 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ප්‍රීතියක් අද්දැකිය හැකි අයුරින් සම්මාදම් දීම
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාව ඉගෙනගත යුතුද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාදානයට රහස සමාව ඉල්ලීමයි
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w02 12/15 30 පි.

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ සඟරාවල ලිපි කියවීමෙන් ඔබ අවබෝධයක් ලැබුවාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැකිදැයි බලන්න.

• “කල්පනා ශක්තිය” ඔබට ආරක්ෂාවක් විය හැක්කේ කෙසේද? (හිතෝපදේශ 1:4, NW)

ආත්මික අන්තරායන් ගැන අපට අනතුරු ඇඟවීමට එයට හැකියි. ඒ වගේම සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට සැලසුම් කරන්න එය අපව පොලඹවනවා. රැකියා ස්ථානයේදී ඇති විය හැකි ලිංගික පෙලඹීම්වලින් වැළකී සිටීම එයට එක් නිදසුනක්. සෙසු ක්‍රිස්තියානීන් පවා අසම්පූර්ණ බව වටහාගැනීමටත් ඒ වගේම යම් කෙනෙකු විසින් අපව කුපිත කරවන විට හදිසි වී ප්‍රතික්‍රියා කිරීමෙන් වැළකීමටත් එය උපකාර කරයි. තවද අපගේ ආත්මික දෘෂ්ටිය බොඳ කළ හැකි ද්‍රව්‍යවාදී ආකල්පවලට යටවීමෙන් අපව වළක්වයි.—8/15, පිටු 21-4.

• අසල්වැසියෙක් ලෙස අන් අයට ආශීර්වාදයක් වීමට අපට හැක්කේ කෙසේද?

හොඳ අසල්වැසියෙක් විය හැකි ක්‍රම දෙකක් තිබෙනවා. එකක් ත්‍යාගශීලී වීම. අනෙක හොඳ අගය කරන්නෙක් වීම. විපත්ති කාලවලදී යහපත් අසල්වැසියෙක් වීම ඉතා වටිනවා. සිදුවීමට නියමිත දෙයක් වන, නුදුරු අනාගතයේදී දෙවි දුෂ්ටකමට ගෙනෙන අවසානය ගැන අන්‍යයන්ට අනතුරු ඇඟවීම තුළින් යෙහෝවාගේ සාක්ෂිකරුවන් යහපත් අසල්වැසියන් වීමට වෙර දරනවා.—9/1, පිටු 4-7.

• බයිබලයට අනුව සැබෑ සාන්තුවරයන් කවුද? ඔවුන් මනුෂ්‍යයන්ට උදව් කරන්නේ කොහොමද?

මුල් කාලයේ සිටි සියලුම ක්‍රිස්තියානීන් සැබෑ සාන්තුවරයන් හෝ ශුද්ධවන්තයන් වුණා. ඔවුන්ව පත් කළේ මනුෂ්‍යයන් විසින්වත් සංවිධාන විසින්වත් නොවෙයි, දෙවි විසිනුයි. (රෝම 1:7, NW [රෝම 1:3, 4 පැ.අ.]) ස්වර්ගික ජීවිතයකට නැවත නැඟිටවීමෙන් පසු මෙම ශුද්ධවන්තයන් යේසුස් සමඟ එක් වී පොළොවේ සිටින ඇදහිලිවන්තයන්ට ආශීර්වාද කරයි. (එපීස 1:18-21)—9/15, පිටු 5-7.

• පුරාණ ග්‍රීසියේ පැවති මලල ක්‍රීඩා සම්බන්ධයෙන් යම් දැනුමක් ලබාගැනීමෙන් ක්‍රිස්තියානීන්ට ඇති ප්‍රයෝජනය කුමක්ද?

ප්‍රේරිතයන් වූ පාවුල් හා පේතෘස්ගේ ලිපිවල භාවිත කර තිබෙන නිදර්ශන මෙම ක්‍රීඩා හා පදනම් වූ හෝ ඒවා පිළිබඳව යම් ඇඟවීමක් කරන ඒවායි. (1 කොරින්ති 9:26; 1 තිමෝති 4:7, NW; 2 තිමෝති 2:5; 1 පේතෘස් 5:10, NW) පුරාණයේ විසූ ක්‍රීඩකයන්ට අත්‍යවශ්‍ය වූ කාරණා නම්, ආත්ම දමනයෙන් ක්‍රියා කිරීම, විශිෂ්ටතම ප්‍රතිඵල අත් කරගැනීම සඳහා උපරිම වෑයමක් දැරීම සහ හොඳ පුහුණුකරුවෙක් සිටීමයි. අද දින ක්‍රිස්තියානීන්ටත් තමන් දරන ආත්මික වෑයම්වලට අවශ්‍ය වන්නේ එවැනිම දේවල්ය.—10/1, පිටු 28-31.

• පිටරටකදී දරු දැරියන් ඇති දැඩි කිරීමේ අභියෝග හා ආශීර්වාද මොනවාද?

බොහෝ දරුවන් දෙමව්පියන්ට වඩා ඉක්මනින් අලුත් භාෂාවක් ඉගෙනගැනීමට දක්ෂයි. එමනිසා දෙමව්පියන්ට දරුවන් සිතන හා ප්‍රතික්‍රියා කරන ආකාරය තේරුම්ගැනීම අසීරු විය හැකියි. තවද, දරුවන්ටත් තමන්ගේ දෙමව්පියන්ගේ භාෂාවෙන් බයිබලයේ සත්‍යයන් උකහාගන්න පහසු වන්නේ නැහැ. එහෙත් දරුවන්ට තම මව් බස ඉගැන්වීම මගින් පවුල තුළ බැඳීම ශක්තිමත් කරගත හැකියි. භාෂා දෙකක් ඉගෙනගන්නා දරුවන්ට සංස්කෘතීන් දෙකක උරුව ලැබෙයි.—10/15, පිටු 22-6.

• සමාව ඉල්ලීමට ඉගෙනගැනීම අත්‍යවශ්‍ය ඇයි?

අවංකව සමාව ඉල්ලීම බොහෝවිට කැඩී බිඳී ගිය සම්බන්ධතාවක් නැවත ගොඩනැඟීමට මඟ පාදයි. සමාව ඉල්ලීමෙහි ඇති බලගතුකම ගැන බයිබලයේ උදාහරණවලින් පෙන්නුම් කෙරේ. (1 සාමුවෙල් 25:2-35; ක්‍රියා 23:1-5, NW) දෙදෙනෙක් අතර යම් ආරවුලක් තිබෙන විට සාමාන්‍යයෙන් දෙදෙනාගේම පැත්තෙන් යම් තරමක වරදක් සිදු වී තිබිය හැකියි. ඒ නිසා දෙදෙනාම වරද පිළිගැනීම හා සමාව ඉල්ලීම අවශ්‍යයි.—11/1, පිටු 4-7.

• සුළු මුදලකට වුවත් ඔට්ටු ඇල්ලීම වැරදි වන්නේ මන්ද?

සූදුවේ නියැලෙන කෙනෙක් තුළ මමත්වය, නුසුදුසු තරඟකාරී ස්වභාවය හා කෑදරකම යන ගුණාංග ඇති වන අතර මෙම ගුණාංග බයිබලය හෙළා දකියි. (1 කොරින්ති 6:9, 10) සූදුවට ඇබ්බැහි වී ඇති බොහෝදෙනා එය ආරම්භ කර තිබෙන්නේ කුඩා කාලයේ සුළු මුදලකට ඔට්ටු ඇල්ලීම මගින්.—11/1, පිටුව 31.

• බයිබලයේ බොහෝ පොත් ග්‍රීක් භාෂාවෙන් ලියා තිබුණු නිසා බයිබලය ග්‍රීක් භාෂාවට පරිවර්තනය කිරීමට අවශ්‍ය වූයේ මන්ද? එයින් අත් වූ ප්‍රතිඵල මොනවාද?

නූතන ග්‍රීක් භාෂාව අතරත් සෙප්ටූඅජින්ට් කියා හඳුන්වනු ලබන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල ග්‍රීක් පරිවර්තනයෙහි හා ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල සඳහන් ග්‍රීක් භාෂාව අතරත් සැලකිය යුතු වෙනස්කම් තිබෙනවා. බයිබලය සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් නූතන ග්‍රීක් භාෂාවෙන් පරිවර්තනය කිරීමට පසුගිය සියවස් ගණනාව පුරා වෑයම් දරා තිබෙනවා. අද වන විට සම්පූර්ණ හෝ කොටස් වශයෙන් ග්‍රීක් භාෂාවෙන් බයිබල් පරිවර්තන 30ක් පමණ තිබෙන අතර ඒවා සාමාන්‍ය ග්‍රීක ජාතියෙකුට පහසුවෙන් තේරුම්ගත හැකියි. මෙම පරිවර්තන අතර අනගි පරිවර්තනයක් වන්නේ ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනයයි. එම පරිවර්තනය මුදාහැරියේ 1997දීයි.—11/15, පිටු 26-9.

• ක්‍රිස්තියානීන් දසයෙන් කොටස දීම අවශ්‍ය නොවන්නේ මන්ද?

ආදි ඊශ්‍රායෙලිතයන්ට දී තිබුණු නීතිය යටතේ දසයෙන් කොටසක් දීමට යුතුව තිබුණේ ලෙවී ගෝත්‍රයේ හා දුප්පතුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහායි. (ලෙවී කථාව 27:30; ද්විතීය කථාව 14:28, 29) යේසුස්ගේ යාගික මරණය මගින් නීතිය සහ දසයෙන් කොටස එකතු කිරීමට වූ ආඥාවද මකා දමනු ලැබුවා. (එපීස 2:13-15) මුල් ක්‍රිස්තියානි සභාවේ සිරිත වූයේ සෑම ක්‍රිස්තියානියෙකුම තමන්ට හැකි ප්‍රමාණයක් සහ සිතින් නියම කරගත් කොටසක් දීමයි. (2 කොරින්ති 9:5, 7)—12/1, පිටු 4-6.

• එළිදරව් 20:8 පෙන්නුම් කරන්නේ සාතන් අවසාන පරීක්ෂණයේදී අතිවිශාල සංඛ්‍යාවක් නොමඟ යවන බවද?

එම පදයේ කියැවෙන්නේ “මුහුදේ වැලි මෙන්” සංඛ්‍යාවක් නොමඟ යනවා කියායි. බයිබලයේ එම යෙදුමෙන් බොහෝවිට යොමු දැක්වෙන්නේ අතිවිශාල නොවන සංඛ්‍යාවකටයි. එම ගණන දන්නේ නැහැ. ආබ්‍රහම්ගේ වංශය “මුහුදු වෙරළෙහි වැලි මෙන්ද” වන බවට වූ පොරොන්දුවේ ඉටුවීම සලකා බලද්දී ආබ්‍රහම්ගේ “වංශය” යේසුස් ක්‍රිස්තුස් හැර ගණනින් 1,44,000ක්. (උත්පත්ති 22:17; එළිදරව් 14:1-4)—12/1, පිටුව 29.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න