ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w03 1/1 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සිහි කිරීම වෙනුවෙන් ඔයා ගන්න වෑයමට දෙවියන් ආශීර්වාද කරයි!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අනුස්මරණය කළ යුත්තේ මන්ද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට ගැඹුරු අරුතකින් යුත් ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ස්වාමීන් වහන්සේගේ සන්ධ්‍යා භෝජනයට ඔබ සඳහා අර්ථයක් තිබීමට හේතුව
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w03 1/1 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද” කියා පාවුල් පැවසූ විට ඔහු ඉන් අදහස් කළේ කුමක්ද?

යේසුස්ගේ මරණය සිහි කිරීමේ උත්සවය ස්ථාපිත කිරීම පිළිබඳව පාවුල් ලිව්වේ මෙසේයි. “යම් පමණ වරක් [සෑම වතාවකදීම, NW] මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමීන් එන තුරු නුඹලා ඔහුගේ මරණය ප්‍රකාශ කරන්නහුය.” (1 කොරින්ති 11:25, 26) සමහර අය හිතන්නේ මෙහිදී “යම් පමණ වරක්” කියා පවසා ඇති නිසා යේසුස්ගේ මරණය සිහි කිරීම නිතරම කළ යුතු බවයි. එනම් බොහෝ වාරයක් සිදු කළ යුතු බවයි. ඒ නිසා ඔවුන් අවුරුද්දකට එක වතාවකට වඩා සිහි කිරීම පවත්වනවා. පාවුල් ඉන් අදහස් කළේ එවැනි දෙයක්ද?

යේසුස් ඔහුගේ මරණය සිහි කිරීම ස්ථාපිත කළේ දැනට අවුරුදු 2,000කට පමණ පෙරයි. එමනිසා යේසුස්ගේ මරණය වසරකට වතාවක් සිහි කළත් පො.යු. 33 සිට ගණන් බැලූ විට එය සෑහෙන වාර ගණනාවක් කර තිබෙනවා කියා පැවසිය හැකියි. කෙසේවෙතත්, 1 කොරින්ති 11:25, 26හි පාවුල් පවසන්නේ සිහි කිරීම කොපමණ වාර ගණනක් පැවැත්විය යුතුද කියා නොව එය අනුස්මරණය කළ යුත්තේ කෙසේද කියායි. ඔහු මුල් ග්‍රීක භාෂාවෙන් “නිරතුරුවම” හෝ “නිතර” යන තේරුම ඇති පොල්ලාකිස් යන යෙදුම වෙනුවට “යම් පමණ වර” යන තේරුම ඇති හොසාකිස් යන යෙදුම යොදා තිබේ. මෙම කියමනෙහි තේරුම වන්නේ “සෑම වතාවකදීම” හෝ “සෑම වේලාවකදීම” යන්නයි. ඇත්ත වශයෙන්ම පාවුල් ප්‍රකාශ කරමින් සිටියේ ‘ඔබ මෙය කරන සෑම වතාවකදීම, ඔබ යේසුස්ගේ මරණය ප්‍රකාශ කරන’ බවයි.

එසේනම්, යේසුස්ගේ මරණය සිහි කළ යුත්තේ කොපමණ කලකට වරක්ද? වසරකට වරක් එය සිහි කිරීම උචිතයි. ඇත්ත වශයෙන්ම, එය සිහි කිරීමක් වන අතර සාමාන්‍යයෙන් සිහි කිරීමක් පවත්වනු ලබන්නේ අවුරුද්දකට එක වතාවකි. ඊට අමතරව යේසුස් මිය ගියේ යුදෙව්වන්ගේ පාස්කු දිනයේදීය. එය සමරනු ලැබුවෙත් අවුරුද්දකට වතාවකි. පාවුල් යෝග්‍ය ලෙස යේසුස්ව “අපගේ පාස්කුව” ලෙස හැඳින්වීය. එයට හේතුව වූයේ පළමුවෙනි පාස්කු සැමරීම මගින් ඊජිප්තුවේ සිටි ස්වාභාවික ඊශ්‍රායෙලිතයන්ට තම කුලුදුලන්ගේ ජීවිත බේරාගනිමින් ජාතියක් ලෙස වහල්භාවයෙන් නිදහස ලබාගැනීමට හැකි වූවා සේම යේසුස්ගේ ජීවිත පූජාවෙන් ආත්මික ඊශ්‍රායෙලියතයන්ට ජීවනයට මඟ විවර විය. (1 කොරින්ති 5:7; ගලාති 6:16) යුදෙව්වන් වාර්ෂිකව සැමරූ පාස්කුව සම්බන්ධයෙන් බලන කල යේසුස්ගේ මරණය සිහි කිරීමත් වාර්ෂිකව අනුස්මරණය කළ යුතු බවට එය තවත් සාක්ෂියක් වේ.

තවදුරටත් පාවුල් යේසුස්ගේ මරණය වාර්ෂිකව සිදු කරන තවත් යුදෙව් මංගල්‍යයක් වන සමඟි කිරීමේ දවසට සම්බන්ධ කළේය. හෙබ්‍රෙව් 9:25, 26 පෙන්වන්නේ “උත්තම පූජකයා අන්‍ය ලේ රැගෙන [සමඟි කිරීමේ දවසේදී] අවුරුදු පතා ශුද්ධස්ථානයට ඇතුල් වන්නාක් මෙන් [යේසුස්] බොහෝ වර තමන්ම ඔප්පු කරන පිණිස [ඇතුල් වුණා] නොවේය. . . . නුමුත් තමන්ම පූජා කිරීම කරණකොටගෙන පාපය පහ කරන පිණිස ඔහු කාලයන්ගේ කෙළවරදී එක වරක් ප්‍රකාශ වූයේය.” අවුරුදු පතා පැවැත්වූ සමඟි කිරීමේ දවස යේසුස්ගේ ජීවිත පූජාවෙන් අහෝසි වූවා නම් ඔහුගේ ජීවිත පූජාව සිහි කළ යුත්තේත් අවුරුද්දකට වරක් පමණි. යේසුස්ගේ මරණය අවුරුද්දකට එක වතාවකට වඩා සිහි කළ යුතු බව ඔප්පු කිරීමට කිසිම ශුද්ධ ලියවිලිමය පදනමක් නැත.

මෙම අදහසට එකඟව, සුළු ආසියාවේ සිටි ක්‍රිස්තියානීන් යේසුස්ගේ මරණය සිහි කිරීමට හුරු පුරුදු වී සිටියේ “යුදෙව් දින දර්ශනයේ පළමුවෙනි මාසයේ [නීසාන්] දහහතරවෙනිදා” බව ඉතිහාසඥ ජෝන් ලෝරන්ස් ෆොන් මෝෂයිම් ප්‍රකාශ කළේය. අවුරුද්දකට එක වතාවකට වඩා සිහි කිරීම පැවැත්වීමට වූ ක්‍රිස්තියානි ලෝකයේ චාරිත්‍රය ඇති වූයේ ඊට පසු කාලයකයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න