අපට අන් අයව අවශ්‍යමද?
“අපි අපේ ජීවිත හා දරන වෑයම් ගැන සෝදිසි කර බලන විට, අපේ ක්‍රියා සහ ආශාවන්ගෙන් වැඩි හරියක් අනෙක් මිනිසුන්ගේ පැවැත්ම සමඟ සම්බන්ධ වී තිබෙන බව අපිට ඉක්මනින්ම දකින්න ලැබෙනවා” කියා ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු වූ ඇල්බට් අයින්ස්ටයින් පැවසුවේය. “අපි කන්නේ අනිත් අය නිපදවපු දේවල්. අපි අඳින්නේ අනිත් අය මහලා තියෙන ඇඳුම්. ජීවත් වෙන්නේ අනිත් අය හදපු ගෙවල්වල. . . . කෙනෙකුට යම් තත්වයක් සහ වැදගත්කමක් ලැබී ඇත්නම්, ඒ ඔහුගේම පෞද්ගලිකත්වය නිසා ලැබුණ දෙයක් නොවෙයි. එය තොටිල්ලේ සිට මිනීවළ දක්වා වූ ඔහුගේ ද්‍රව්‍යමය හා අධ්‍යාත්මික පැවැත්ම මෙහෙයවන විශාල ජන සමූහයේ සාමාජිකයෙකු වශයෙන් ඔහුට ලැබෙන දෙයක්” කියාද ඔහු පැවසීය.
සත්ව ලෝකයේ සහජ මිත්‍රත්වයන් දක්නට ලැබීම පොදු දෙයකි. අලි ඇතුන් තම පැටවුන්වද පරෙස්සම් කරගනිමින් එහා මෙහා සැරිසරන්නේ රංචු පිටිනි. සිංහදේනුවෝ එකතු වී දඩයම් කර තම ආහාර පිරිමි සතුන් එක්ක බෙදාගනිති. ඩොල්ෆීනයන් එකට සෙල්ලම් කරන අතර වෙනත් සත්වයන්ව හෝ කරදරයට පත් පිහිනුම්කරුවන්ව පවා උන් ආරක්ෂා කර තිබේ.
කෙසේ වුවද, මිනිසුන් අතර තිබෙන ප්‍රවණතාවක් කෙරෙහි වැඩි අවධානයක් දිය යුතු බව සමාජ විද්‍යාඥයන්ට පෙනී ගොස් ඇත. මෙක්සිකෝවේ පළ කෙරෙන පුවත්පතකට අනුව, ඇතැම් සමාජ විද්‍යාඥයෝ “පුද්ගලයන් දශක ගණනක් හුදෙකලා වීම හේතුවෙන් හා සමාජය තුළ පුද්ගලයන්ගේ පිරිහීම හේතුවෙන් එ.ජ. සමාජයට මහත් වින්නැහියක් සිදු වී ඇතැයි” යන මතය දරති. “රටේ සාර්ථකත්වය රඳා පවතින්නේ සාමූහික ජීවන රටාවකට යළි හැරීම ඇතුළත් විශාල සමාජ වෙනසක් සිදුවීම මතයි” කියා පුවත්පතේ පළ විය.
සංවර්ධිත රටවල වෙසෙන අය අතර මෙම ගැටලුව විශේෂයෙන් පැතිර ඇත. හුදෙකලාව සිටීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී. ජනයාට වුවමනා වන්නේ ‘තමන්ට රිසි ජීවිතයක්’ ගත කිරීමටයි. එමනිසා අනුන් ‘තමන්ගේ ලෝකයට ඇතුල් වීම’ ඔවුහු තරයේ ප්‍රතික්ෂේප කරති. චිත්තවේගීය ගැටලුවලට, මානසික අවපීඩනයට හා සියදිවි නසාගැනීමට වැඩි ප්‍රවණතාවක් දැක්වීම සඳහා මෙම ආකල්පය මිනිස් සමාජයට මඟ පාදා ඇතැයි යන අදහස පළ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ආචාර්ය ඩැනියෙල් ගෝල්මන් මෙසේ පැවසීය. “පෞද්ගලික හැඟීම් බෙදාගැනීමට හෝ කිට්ටු සබඳතාවක් පවත්වාගැනීමට කෙනෙකු නැතිව තමන් සමාජයේ හුදෙකලා වී ඇතැයි යන සංකල්පය කෙනෙකු අසනීප වීමේ හෝ මරණයට පත්වීමේ හැකියාව දෙගුණ තෙගුණ කරයි.” සයන්ස් (විද්‍යාව) සඟරාවේ පළ කර ඇති වාර්තාවක නිගමනය වූයේ ‘දුම්පානය කිරීමේ පුරුද්ද, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යෑම, ස්ථූලතාව සහ ශාරීරික ව්‍යායාමය අඩුවීම වැනි දෑ හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව යම් සේද, සමාජයේ හුදෙකලා වීම නිසා සිදු වන මරණ සංඛ්‍යාවද එසේම’ බවය.
එසේනම්, විවිධ හේතූන් නිසා අපට අන් අයව අවශ්‍යමය. අපට සම්පූර්ණයෙන්ම ස්වාධීන වීමට නොහැක. මෙබැවින් හුදෙකලා වීමේ ගැටලුව විසඳාගත හැක්කේ කෙසේද? බොහෝදෙනාගේ ජීවිතවලට සැබෑ අර්ථයක් දී ඇත්තේ කුමක්ද? මතු ලිපියෙහි එවැනි ප්‍රශ්න සලකා බැලෙනු ඇත.
[3වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘අපේ ක්‍රියා සහ ආශාවන්ගෙන් වැඩි හරියක් අනෙක් මිනිසුන්ගේ පැවැත්ම සමඟ සම්බන්ධ වී තිබේ.’—ඇල්බට් අයින්ස්ටයින්