ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w04 9/15 32 පි.
  • “සුදුස්සන්ව සොයාගන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “සුදුස්සන්ව සොයාගන්න”
  • 2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w04 9/15 32 පි.

“සුදුස්සන්ව සොයාගන්න”

දමස්කය පොදු යුගයේ පළමු සියවසේදී සමෘද්ධිමත්ව තිබූ නගරයකි. පලතුරු වතුවලින් ගහනව තිබුණ එය ඊට නැඟෙනහිරෙන් වූ රටවල සිට පැමිණි තවලම්කරුවන්ට ක්ෂේම භූමියක් මෙන් විය. යේසුස් ක්‍රිස්තුස්ගේ මරණයෙන් පසු වැඩි කල් යෑමට මත්තෙන් දමස්කයේ ක්‍රිස්තියානි සභාවක් ඇති වී තිබිණ. එහි සාමාජිකයන් බවට පත්ව සිටි යුදෙව්වන් යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වන්න ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 33දී යෙරුසලමේ පෙන්තකොස්ත මංගල්‍යය පැවති සමයේදීය. (ක්‍රියා 2:5, 41) ස්තේපන්ට ගල් ගසා මරා දැමීමෙන් පසු හටගත් පීඩා රැල්ල නිසා යුදයේ ඇතැම් ගෝලයන් දමස්කයට ගියා විය හැකිය.—ක්‍රියා 8:1.

දමස්කයේ ක්‍රිස්තියානියෙකු වූ අනනියස්ට අසාමාන්‍ය පැවරුමක් ලැබුණා. මෙය සිදු වන්නට ඇත්තේ ක්‍රි.ව. 34දීය. ස්වාමීන් ඔහුට මෙසේ පැවසීය. “නැඟිට, කෙළින් වීථියට ගොස්, ටාසස්හි සාවුල් නම් මිනිසෙකු ගැන යූදස්ගේ නිවසෙන් විමසන්න. බලන්න! ඔහු යාච්ඤා කරමින් සිටින්නේය.”—ක්‍රියා 9:11.

මෙම කෙළින් වීදිය දිගින් කිලෝමීටර 1.5ක් වූ අතර එම මාර්ගය දිව ගියේ දමස්කය මැදින්ය. මෙහි දැක්වෙන 19වන සියවසේ කැටයම් චිත්‍රය දෙස බැලීමෙන් පුරාණයේදී එම වීදිය කුමනාකාරයේ එකක් වීදැයි අපට සිතාගත හැකියි. එහි ස්වභාවය ගැන කල්පනා කර බලන කල, යූදස්ගේ නිවස සෙවීමට අනනියස්ට සෑහෙන වේලාවක් ගත කිරීමට සිදු වූවා විය හැක. කෙසේනමුත් අනනියස්ට එය සොයාගත හැකි වූ අතර ඔහුගේ පැමිණීම සාවුල්ට ප්‍රේරිත පාවුල් බවට පත් වී ශුභාරංචිය උද්‍යෝගයෙන් යුතුව ප්‍රකාශ කරන්නෙකු වීමටද මඟ පෑදීය.—ක්‍රියා 9:12-19.

යේසුස් තම ගෝලයන්ව යවා තිබුණේ ශුභාරංචිය ලැබීම සඳහා “සුදුස්සන්ව සොයාගන්න” කියා ඔවුන්ට පවසමිනි. (මතෙව් 10:11) වචනානුසාරයෙන්ම අනනියස් සාවුල්ව සෙවූ බවයි පෙනෙන්න තිබෙන්නේ. අනනියස් මෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවෝද ප්‍රීතියෙන් යුතුව සුදුස්සන්ව සොයමින් සිටින අතර ඔවුන් රාජ්‍යයේ ශුභාරංචිය පිළිගන්නා විට ඉන් මහත් සතුටක් ලබති. ඔවුන්ව සෙවීමට දරන සෑම වෑයමක්ම වටියි.—1 කොරින්ති 15:58.

[32වන පිටුවේ පින්තූරය]

නවීන දින “කෙළින් වීථිය”

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

From the book La Tierra Santa, Volume II, 1830

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න