ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w05 5/1 3 පි.
  • කනගාටුදායක සිදුවීමක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කනගාටුදායක සිදුවීමක්!
  • 2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • කනගාටුදායක සිදුවීම්
    2014 පිබිදෙව්!
  • නැවත නැඟිටීම අනර්ඝ බලාපොරොත්තුවක්!
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හැඳින්වීම
    2020 පිබිදෙව්!
  • දුක්මුසු සිද්ධියක් දරාගන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
තව තොරතුරු
2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w05 5/1 3 පි.

කනගාටුදායක සිදුවීමක්!

අවුරුදු දෙකහමාරක් වයසැති ඔවන් නාන කාමරයේ සෙල්ලම් කරමින් සිටියා. එහි තිබූ බෙහෙත් ද්‍රව්‍ය තබා තිබෙන රාක්කයකට කොහොමහරි නැඟගන්න ඔහුට පුළුවන් වුණා. ඔහුට එතැනට නැඟගන්න පුළුවන් වෙයි කියලා ඔහුගේ දෙමාපියන් කොහොමටවත් සිතුවේ නැහැ. රාක්කයේ බෙහෙත් ද්‍රව්‍ය අතර තිබූ බෝතලයක් වෙතට ඔහුගේ නෙත් ඇදී ගියා. ඔහු ඒ බෝතලය අතට අරන්, මූඩිය ඇරලා බිව්වා. ඒ බෝතලයේ තිබුණේ සැර ඇසිඩ් වර්ගයක්! සිදු වූ දේ නම් හරිම කනගාටුදායකයි!

කුඩා ඔවන් මිය ගියා! ඔහුගේ දෙමාපියන්ට දැනුණේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් ඉමහත් වේදනාවක් සහ කම්පනයක්. ඔහුගේ පියා වන පර්සි මනස සන්සුන් කරගැනීමේ බලාපොරොත්තුවෙන් පල්ලියට ගියා. “මේ වගේ දෙයක් වුණේ ඇයි?” කියා ඔහු පූජකයාගෙන් ඇහැව්වා. “දෙවිට තවත් දේවදූතයෙක් ඕන වුණා” කියා පූජකයා පිළිතුරු දුන්නා. දුකින් සිටි මෙම පියාගේ වේදනාව තවත් වැඩි වුණා. දෙවි කළ දේ කොහෙත්ම සාධාරණ නැති බව ඔහුට හැඟුණා. ඇත්තටම තම දරුවාගේ මරණයට වග කියන්න ඕනේ දෙවිද? පර්සි හොඳටම කලකිරුණා. පල්ලි යන එක එතනින් නතර කරන්න ඔහු තීරණය කළා.

තම දරුවාට සිදු වූ දෙය ගැන මතක් වෙද්දී පර්සි නිතරම සිතුවේ ‘අනේ මගේ පුතා ඉන්න තැනක දුකක් වේදනාවක් නැතුව ඉන්නවා නම් මට ඒ ඇති’ කියායි. ඒ විතරක් නෙවෙයි ‘මගේ දරුවාව නැවත කවදාහරි දකින්න ලැබෙයිද?’ කියාත් ඔහු කල්පනා කළා.

මරණයේදී සිදු වෙන්නේ කුමක්ද කියාත්, වියෝ දුකින් පෙළෙන්නන්ට තම ආදරණීයයන්ව නැවත දැකගැනීමට හැකි වෙයිද කියාත් ඔබ කල්පනා කරනවා ඇති. ඒ ප්‍රශ්නවලට දේවවචනය වන බයිබලයෙන් පිළිතුරු සොයාගන්න පුළුවන්. මීට සමාන දුක්බර සිද්ධීන්වලට මුහුණ දී සිටින සියලුදෙනාට සහනය ගෙන දෙන පැහැදිලි පිළිතුරු බයිබලයේ අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි, මිය ගිය අයව නැවත ජීවත් කරවන බවට දෙවි දී තිබෙන පොරොන්දුව ගැනත් එහි සඳහන් වෙනවා.

මෙම අතිවිශේෂ බලාපොරොත්තුව ගැන ඊළඟ ලිපියෙන් අපට තවත් දැනගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න