ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w05 7/1 32 පි.
  • “අපි දිනුවා!”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “අපි දිනුවා!”
  • 2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w05 7/1 32 පි.

“අපි දිනුවා!”

වර්ෂ 2002දී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි අම්බාන්ඩාකා නමැති නගරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් දිස්ත්‍රික් සමුළුවක් පැවැත්වූවා. ඒ සමුළුවේදී ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය ලිංගාලා භාෂාවෙන් මුදාහරිනු ලැබූ විට සභාවේ සිටි අය ඇත්තෙන්ම ප්‍රීතියෙන් උඩ පැන්නා! සමහරුන්ගේ දෑසින් කඳුළු වැක්කෙරුණා. වැඩසටහන අවසන් වුණාම බොහෝදෙනෙක් අලුත් බයිබලය හොඳින් දැකගැනීම සඳහා වේදිකාව වෙතට දිව ගියේ “අපි දිනුවා! පූජකයෝ පැරදුණා!” යයි කියමිනුයි.

ඒ අය ඉන් අදහස් කළේ කුමක්ද? ඔවුන්ගේ ප්‍රීතියට හේතුව කුමක්ද? අම්බාන්ඩාකා නගරයේ සමහර පැතිවල සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ලිංගාලා භාෂාවෙන් බයිබල් ලබාගැනීමට නොහැකි වෙලයි තිබුණේ. ඊට හේතුව වුණේ පූජකයෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට බයිබල් විකිණීමට අකමැති වීමයි. ඒ නිසා සාක්ෂිකරුවෙක් නොවූ පුද්ගලයෙක් මාර්ගයෙන් බයිබල් ලබාගැනීමට සාක්ෂිකරුවන්ට සිදු වුණා. ඔවුන් එතරම් ප්‍රීති වුණේ බයිබල් ලබාගැනීමෙන් ඔවුන්ව වැළැක්වීමට තවදුරටත් පූජකයන්ට නොහැකි වන නිසයි.

අලුත් පරිවර්තනය ප්‍රයෝජනවත් වෙන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට පමණක් නොවෙයි. පොදු ජනයාටත් එය ප්‍රයෝජනවත් වෙයි. සමුළු භූමියේ තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ තම නිවසේ සිට වැඩසටහන අසා තිබූ එක් පුද්ගලයෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට මෙම ලිපිය ලිව්වා. “මේ බයිබලය මුදාහැරීම ගැන මට හරිම සන්තෝෂයි. අපිට බොහෝ දේවල් ගැන එමගින් දැනුමක් ලබාගන්න පුළුවන් වෙයි. මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නොවෙයි. නමුත් ඔබ විසින් මුද්‍රණය කර තිබෙන මෙම බයිබලය ලබාගැනීමට මම ගොඩාක් ආශාවෙන් බලා සිටිනවා.”

ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනයේ සම්පූර්ණ බයිබලය දැන් භාෂා 33කින් ලබාගත හැකි අතර, ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය සිංහල ඇතුළු භාෂා 19කින් ලබාගන්න පුළුවන්. මෙම කදිම පරිවර්තනයේ පිටපතක් ලබා ගැනීමට ඔබ කැමති නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් විස්තර විමසන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න