ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w06 2/1 32 පි.
  • ඔබ මැයි ගහක් වගේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ මැයි ගහක් වගේද?
  • 2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w06 2/1 32 පි.

ඔබ මැයි ගහක් වගේද?

පැපුවා නිව් ගිනියාවේ පිහිටි පෝට් මෝස්බි නගරයට යාබද ගම්මානයක විසූ ක්‍රිස්තියානි සහෝදරයන් දෙදෙනෙක් දේශනා සේවය නිම වී ගෙදර යමින් සිටියා. මඟ දී ලස්සන ගහක් දැක්ක එක්කෙනෙක්, “ෂා! මැයි ගහක්!” කියලා කිව්වා. මේ ගහ ගැන විස්තර කරමින් ඔහු කිව්වේ, “මේ ගහේ මල් පිපෙන්නේ අවුරුද්දේ එක කාලෙක විතරයි. නිවර්තන කලාපයේ වැවෙන ගොඩක් ගස්වලට වඩා මේ ගහ වෙනස්. අවුරුද්දේ එක කාලෙකට මේ ගහේ කොළ ටික ඔක්කොම හැළෙනවා. එතකොට පේන්නේ ගහ මැරිලා වගෙයි. ඒත් වැස්සට ආයෙත් දළු දාන්න පටන්ගත්තාම ගහ පිරෙන්න ලස්සනට මල් පිපෙනවා.”

සමහර උද්භිද විද්‍යාඥයන් කියන්නේ, ලෝකයේ ලොකු මල් ගස් අතර තිබෙන ලස්සනම ගස් පහට මැයි ගහත් ඇතුළත් බවයි. වියළි කාලයේදී මේ ගහේ මල් සහ කොළ ටික ඔක්කොම හැළුණත් ගහ ජලය රැස් කර තබාගන්නවා. මේ ගහට ශක්තිමත් මුල් තිබෙන නිසා පොළොව යට තිබෙන විශාල ගල් පර්වත සොයාගෙන ගොස් ඒවා වටේට ඒ මුල් එතෙනවා. මේ නිසා කුණාටුවලට වුණත් ඔරොත්තු දෙන්න මේ ගස්වලට පුළුවන්. කෙටියෙන් කියනවා නම් මේ ගහ දුෂ්කර කාලවලදී වුණත් නොමැරී සිටීම සඳහා කළ හැකි උපරිමය කරනවා.

මැයි ගහ වගේ වෙන්න අපිටත් පුළුවන්. සමහර කාලවලදී අපේ ඇදහිල්ලත් පරීක්ෂාවට ලක් වෙන්න ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවලදී නොසැලී ස්ථිරව සිටින්න නම් දැන් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ, දේවවචනයේ තිබෙන ඉතා වටිනා තොරතුරු අපේ සිතේ ගබඩා කර තබාගැනීමයි. ඒ වගේම ‘අපේ පර්වතය’ වන යෙහෝවාටත් ඔහුගේ සංවිධානයටත් අපි ඇලී සිටිය යුතුයි. (2 සාමුවෙල් 22:3) ඔව්, ලස්සන මැයි ගහක් දකිද්දී අපිට යමක් මතක් විය යුතුයි. ඒ තමයි යෙහෝවා අපිට දෙන සැපයුම්වලින් අපි ප්‍රයෝජන ගත්තොත්, දුෂ්කරතා හමුවේ වුණත් අපේ ඇදහිල්ල ශක්තිමත්ව තබාගෙන, ලස්සන ගුණාංග විදහා පෙන්වන්න අපිට පුළුවන් බව. එහෙම කළොත් සදාකාල ජීවනය ඇතුළු දෙවි දී තිබෙන “පොරොන්දු උරුම කරගන්න” අපිට පුළුවන් වන බව ස්ථිරයි.—එළිදරව් 21:4; හෙබ්‍රෙව් 6:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න