ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w06 4/15 32 පි.
  • නමක් ඇතුව සිටීමේ අයිතිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නමක් ඇතුව සිටීමේ අයිතිය
  • 2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w06 4/15 32 පි.

නමක් ඇතුව සිටීමේ අයිතිය

නමක් ඇතුව සිටීමේ අයිතිය සෑම කෙනෙකුටම තිබෙනවා. ටාහිටිවල අත්හැර දමා ගොස් තිබූ අලුත උපන් බිලිඳෙකුගේ මව හෝ පියා කවුදැයි දැනගැනීමට නොහැකි වුවත් ඒ රටේ නම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය මගින් ඒ බිලිඳාට නමක්ද වාසගමක්ද දී තිබෙනවා.

‘ස්වර්ගයේ හා පොළොවේ සෑම පවුලකටම නම ලැබී ඇත්තේ පියාණන්ගෙන්’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (එෆීස 3:14, 15) කෙසේවෙතත් නමක් ඇතුව සිටීමේ අයිතිය අපට දී තිබෙන මේ තැනැත්තාටද නමක් තිබුණත් එය පාවිච්චි කිරීමට බොහෝදෙනෙක් කැමති නැහැ. බයිබලයේ ඔහුගේ නම ගැන මෙසේ සඳහන් වෙනවා. ‘යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොව කෙරෙහි ඉතාම උසස් තැනැත්තායි.’ (ගීතාවලිය 83:17) බොහෝදෙනෙක් යෙහෝවා යන ඒ නමින් ඔහුව ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කැමති ඔහුව “ස්වාමින්” හෝ “දෙවි පියාණන්” යන පදවි නම්වලින් හැඳින්වීමටයි.

දහනවවන සියවසේ මැදභාගයේදී ලන්ඩනයේ මිෂනාරි සංගමයේ මිෂනාරිවරුන් කිහිපදෙනෙක් ටාහිටිවලට පැමිණි කාලයේදී එහි වැසියන් විවිධ දෙවිවරුන්ට නමස්කාර කරමින් සිටියා. ඒ සෑම දෙවියෙකුවම හඳුනාගැනීමට නමක් දී තිබුණා. ඔවුන්ගේ ප්‍රධාන දෙවිවරුන්ව හැඳින්වූයේ ඕරො සහ ටාරොආ යන නම්වලින්. අන් දෙවිවරුන්ගෙන් වෙන්ව බයිබලයේ සඳහන් සැබෑ දෙවිව ඔහුගේ නමින්ම හඳුන්වා දීමට මිෂනාරිවරුන්ද පසුබට වූයේ නැහැ. ටාහිටියානු භාෂාවට අනුව එම නාමය යාහෝවා ලෙස මිෂනාරිවරුන් හැඳින්වූවා.

එම නාමය සියලුදෙනා අතර ප්‍රසිද්ධ වෙමින් සාමාන්‍ය ව්‍යවහාරයට එක් වුණා. පොත් පත්වලද බොහෝවිට දක්නට ලැබුණා. දහනවවන සියවසේ මුල්භාගයේදී ටහිටිවල රජකම් කළ දෙවන පෝමාරා රජ එම දිව්‍ය නාමය ඔහුගේ පෞද්ගලික ලියකියවිලිවල බොහෝවිට සඳහන් කළා. ඊට එක් සාක්ෂියක් ලෙස ටාහිටි සහ එහි අවට දිවයින්වලට අයත් කෞතුකාගාරයක ඇති ඔහු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද එක් ලිපියක දක්නට තිබෙනවා. මෙහි දක්නට තිබෙන්නේ එම ලියුමයි. මින් පැහැදිලි වන්නේ එවකට සිටි මිනිසුන්ද දිව්‍ය නාමය භාවිත කිරීමට පසුබට නොවූ බවයි. එමෙන්ම 1835දී නිකුත් කළ ටාහිටියානු භාෂාවෙන් කරන ලද බයිබලයේ මුල්ම අනුවාදයේ දෙවිගේ නාමය සිය දහස් ගණනක් සඳහන් වී තිබෙනවා.

[32වන පිටුවේ පින්තූරය]

දෙවන පෝමාරා රජ

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

King and letter: Collection du Musée de Tahiti et de ses Îles, Punaauia, Tahiti

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න