ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w06 6/1 32 පි.
  • “ගලීලයේ මුතු ඇටය”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ගලීලයේ මුතු ඇටය”
  • 2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w06 6/1 32 පි.

“ගලීලයේ මුතු ඇටය”

යේසුස් හැදුණු වැඩුණු නගරය වූ නාසරෙත්ට කිලෝමීටර හයාමාරක් වයඹ දිගට වෙන්න පිහිටා ඇති නුවර ගැන බයිබලයේ යේසුස්ගේ ජීවිත කතාව අඩංගු පොත් හතරේ සඳහන් වෙලා නැහැ. ඒ වුණත් පළමු ශතවර්ෂයේ සුප්‍රසිද්ධ ඉතිහාසඥයෙක් වූ ෆේලේවියස් ජොසෆස් එය සඳහන් කළේ “ගලීලයේ මුතු ඇටය” කියලයි. කුමක්ද ඒ නුවර? ඒ සෙෆොරිස් නුවරයි. අපි ඒ නුවර ගැන තව දන්නේ මොනවාද?

පෙනෙනාකාරයට ක්‍රි.පූ. 1දී මහා හෙරෝද්ගේ මරණයෙන් පසු සෙෆොරිස්හි වැසියන් රෝමයට විරුද්ධව කැරළිගැසුවා. එහි ප්‍රතිඵලය වුණේ මුළු සෙෆොරිස් නගරයම විනාශ වීමයි. ඉන්පසු හෙරෝද්ගේ පුත් අන්තිපස්, ගලීලයත් පෙරියත් නටඹුන්ව තිබූ සෙෆොරිස් නුවර කොටසකුත් ඔහුගේ අගනුවර වශයෙන් තෝරගත්තා. ඒ නුවර නැවත ගොඩනැඟුවේ ග්‍රීක-රෝමානු ගොඩනැඟිලි නිර්මාණ ක්‍රමයට අනුවයි. නමුත් එහි සිටි ජනයාගෙන් වැඩිදෙනෙක් යුදෙව්වන් වුණා. අන්තිපස් ක්‍රි.ව. 21දී ටයිබීරියාව ගොඩනඟා සෙෆොරිස් නගරය වෙනුවට එය අගනගරය කරන තෙක් “ගලීලයේ සහ පෙරියේ පාලක මධ්‍යස්ථානය හැටියට සෙෆොරිස් නගරය තිබුණා” කියා රිචඩ් ඒ. බේටි මහාචාර්යවරයා පවසනවා. ඒ කාලයේදී තමයි යේසුස් ඒ නගරයට ආසන්නව ජීවත් වුණේ.

සෙෆොරිස් නගරයේ කැණීම් කළ මහාචාර්ය ජේම්ස් ස්ට්‍රාන්ජ් විශ්වාස කරන්නේ ඒ නගරයේ පුස්තකාලයක්, නිධාන, යුද්ධායුධ ගබඩාවක්, බැංකු, පොදු ගොඩනැඟිලි මෙන්ම පිඟන් බඩු, වීදුරු, ලෝහමය බඩු, ආභරණ සහ විවිධ ආහාර පානාදිය විකුණු වෙළඳ පොළක් තිබූ බවයි. ඒ වගේම රෙදි වියන්නන් සහ රෙදි වෙළෙන්ඳොත් එහි සිටියා. කූඩ, ලී බඩු, සුවඳ විලවුන් වැනි දේ මිල දී ගත හැකි කඩසාප්පුද එහි තිබුණා. ඒ කාලයේදී එහි සිටි ජනගහනය අටදාහත් දොළොස්දාහත් අතර වූ බව සංඛ්‍යා ලේඛනවල පෙන්වා තිබෙනවා.

නාසරෙත් නුවර සිට පැයකින් ගමන් කළ හැකි වූ මේ නගරයට යේසුස් කවදා හෝ ගියාද? බයිබලයේ එයට පිළිතුරක් දීලා නැහැ. නමුත් “නාසරෙත් සිට ගලීලයේ කානා නුවරට සෙෆොරිස් හරහා පාරක් වැටී තිබුණා.” කියා දි ඇන්කර් බයිබල් ඩික්ෂනරි නම් ශබ්දකෝෂය පවසනවා. (යොහන් 2:1; 4:46.) ඒ වගේම නාසරෙත් නුවරට සෙෆොරිස් නගරය පිහිටි මීටර් 120ක් පමණ උස කන්ද පේනවා. ඒ නිසා “ඔබ ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි නුවරක් පිහිටා ඇති විට එය සැඟවිය නොහැක” කියන උපමාව යේසුස් කියද්දී ඔහුගේ සිතේ මේ නගරය තිබුණා විය හැකියි. (මතෙව් 5:14)

යෙරුසලම ක්‍රි.ව. 70දී විනාශ වීමෙන් පසුව ගලීලයේ අගනගරය වුණේ සෙෆොරිස් නගරයයි. පසුව සැන්හෙඩ්‍රිනය හෙවත් යුදෙව් මහා අධිකරණයද එහි පිහිටෙව්වා. කලකට යුදෙව් විද්වතුන් ඉගෙනගත් සහ ඉගැන්නූ ස්ථානයක් ලෙසටද ඒ නගරය ජනප්‍රියයි.

[32වන පිටුවේ සිතියම⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

ගලීලයේ මුහුද

ගලීලය

කානා

සෙෆොරිස්

නාසරෙත්

ටයිබීරියාව

පෙරිය

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Pottery: Excavated by Wohl Archaeological Museum, Herodian Quarter, Jewish Quarter. Owned by Company for the Reconstruction of the Jewish Quarter in the Old City of Jerusalem, Ltd

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න