ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w06 8/15 32 පි.
  • මහලු වුණත් තනි වී නැහැ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මහලු වුණත් තනි වී නැහැ
  • 2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w06 8/15 32 පි.

මහලු වුණත් තනි වී නැහැ

මහලු අය විවිධ ආබාධවලින් පෙළෙන අතර ඔවුන්ට පාළුව හා තනිකම තදින්ම දැනෙනවා. එහෙත් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර විසූ වයස අවුරුදු 95දී මිය ගිය ෆර්නා රිවොරොල්ට නම් මහලු වියේදී තනිකමක් දැනුණේ නැහැ. ඔහුගේ භාර්යාව මිය ගොස් සිටි නිසාත් ඔහුගේ දියණිය විවාහ වී වෙනත් තැනක පදිංචි වී සිටි නිසාත් ඔහු ජීවත් වූයේ තනිවමයි. දවසේ වැඩි කාලයක් ඔහු නිවසටම කොටු වී සිටියත් ඔහුට තනිකමක් දැනුණේ නැහැ. බොහෝ වේලාවට ඔහු සාලයේ මේසය ළඟ වාඩි වී දූරකථනයෙන් අන් අය සමඟ බයිබලයේ සඳහන් කාරණා ගැන කතා කළා.

ඔහුගේ ජීවිතයේ එක්තරා කාලයකදී ඔහු ඇත්තටම තනි වී කොටු වී සිටි කාලයක් තිබුණා. වර්ෂ 1939දී දෙවන ලෝක මහ යුද්ධය යුරෝපයේ ආරම්භ වූ කාලයේදී ෆර්නා සහ ඔහුගේ භාර්යාව යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට උද්‍යෝගයෙන් දෙවිට සේවය කරමින් සිටියා. බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට එකඟව කිසිම කෙනෙකුට හානියක් නොකිරීමට ඔහු ගත් තීරණය නිසා ඔහුට ඔහුගේ රැකියාවද අහිමි වුණා. ඒ වගේම කිහිප වතාවක් සිරදඬුවම් විඳින්නත් සිදු වුණා. ඔහු අවුරුදු පහමාරක් සිරගත වී සිටි අතර ඒ කාලය පුරාම ඔහු සිටියේ තම භාර්යාවගෙන් හා කුඩා දියණියගෙන් වෙන් වී තනිවමයි.

අතීතය සිහිපත් කරමින් ෆර්නා මෙසේ පැවසුවා. “මම හොඳ රැකියාවක් අත්හැරලා මගේ පවුලේ අයට යන එන මං නැති කළා කියලා හුඟදෙනෙක් සිතුවා. මිනිස්සු මට සැලකුවේ අපරාධකාරයෙක්ට සලකනවා වගෙයි. ඒත් ඒ දුෂ්කර කාලය ගැන මම හිතනකොට මගේ මතකයට වැඩියෙන්ම නැඟෙන්නේ යෙහෝවා දෙවි මට කළ උපකාර ගැනයි. දැන් ඒ දේවල් සිදු වී බොහෝ කාලයක් ගත වෙලා තිබුණත් යෙහෝවා දෙවි කෙරෙහි තිබෙන මගේ විශ්වාසය පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ.”

අන් අයත් එක්ක බයිබලයේ සඳහන් කාරණා බෙදාගන්න ෆර්නා තුළ පෙලඹීමක් ඇති වුණේ දෙවි කෙරෙහි ඔහු තුළ තිබූ ඒ නොසැලෙන විශ්වාසයයි. යම් කෙනෙක් උනන්දුවක් දැක්වූවා නම් ඔහු බයිබලය ගැන පහදා දෙන පොත් පත් ඒ කෙනාට තැපැල් කර හැරියා. ඒ පොත් පත්වල තිබෙන දේවල් කියවා බැලුවාද කියා දැනගැනීමට ඔහු නැවතත් ඒ පුද්ගලයාට දූරකථනයෙන් කතා කළා. සමහර අය ඔහුගේ සේවය අගය කරමින් ඔහුට ලිපි එව්වා. මේවා කියවා ඔහු ලොකු සතුටක් ලැබුවා.

ෆර්නා වැනි යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් සමහරවිට ඔබ සමඟත් බයිබලය ගැන කතා කරන්න පුළුවන්. ඔවුන් විශ්වාස කරන දේවල් දැනගැනීම සඳහා එවැනි කෙනෙකුට සවන් දී බලන්න. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ විශ්වාසයන් ගැන අන් අය සමඟ කතා කරන්න නිතරම සතුටින් සිටිනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න