ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 11/15 32 පි.
  • “මේ සුළු තෑග්ග පිළිගන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මේ සුළු තෑග්ග පිළිගන්න”
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 11/15 32 පි.

“මේ සුළු තෑග්ග පිළිගන්න”

ඉහත කී වදන් සඳහන් වී තිබුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රුසියානු ශාඛා කාර්යාලයට එවා තිබූ ලිපියකයි. ඒ ලිපියත් සමඟම මේස් කුට්ටම් ඇසුරූ ලොකු පෙට්ටියකුත් එවා තිබුණා.

මේ තෑග්ග එවා තිබුණේ රුසියාවේ නැඟෙනහිර ප්‍රදේශයේ සිටින වයස අවුරුදු 67 වූ ආලා නමැති යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරිය විසිනුයි. ඇය අවුරුදු 10කට වඩා වැඩි කාලයක් පුරා උද්‍යෝගීමත්ව දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරමින් සිටිනවා. නමුත් නොසිතූ විදිහට ඇය අංශභාග රෝගියෙකු බවට පත් වුණා. ඒ වුණත් යෙහෝවා දෙවි වෙනුවෙන් ඇයට කළ හැකි දේ කරන්න ඇය උත්සාහ කළා. ඇය බයිබලයේ සඳහන් අන් අය වෙනුවෙන් ඇඳුම් මැසූ දොර්කස් නමැති ස්ත්‍රියව ආදර්ශයට ගත්තා.—ක්‍රියා 9:36, 39.

ආලා එවා තිබූ ලිපියේ මෙසේද සඳහන් කර තිබුණා. “මට එහාට මෙහාට යාගන්න බැරි වුණත් මගේ අත් දෙක නම් හොඳට පණ තියෙනවා. ඒ නිසා මම අනිත් අයට දෙවි ගැන කියලා දෙන්නේ ලිපි ලියලයි. ඒ වගේම මම හිතුවා මේස් ටිකක් ගොතන්න. මම කැමතියි මේවා සයිබීරියාව වගේ සීතල ප්‍රදේශවල රාජ්‍ය ශාලා හදන්න සූදානම් වන සහෝදර සහෝදරියන්ට දෙන්න.”

තම සැබෑ අනුගාමිකයන් ගැන යේසුස් මෙවැනි දෙයක් පැවසුවා. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම්, ඔබ මාගේ ගෝලයන් බව සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35) ආලා ඇගේ සෙසු සහෝදර සහෝදරියන්ට පෙන්නූ ප්‍රේමය යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගැනීමේ ලකුණක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න