ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 3/1 3 පි.
  • දිවි ගලවාගැනීම!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දිවි ගලවාගැනීම!
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යේසුස්ගේ මරණය ඔබට ගැලවීම ගෙන දෙයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපිට මිදීමක් ඕන මොකකින්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මරණය පිළිබඳ මිථ්‍යාවන් කීපයක් දෙස සමීප බැල්මක්
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දිගු කාලීන ජීවිතයක් සොයා අප යන ගමන
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 3/1 3 පි.

දිවි ගලවාගැනීම!

එක්සත් ජනපදයේ පිට්ස්බර්ග් අසල තිබූ ගල්අඟුරු ආකරයක් තුළ විශාල ජලකඳක් පිරෙන්න පටන්ගත්තා. ඒ අවස්ථාවේ පතල්කරුවන් නවදෙනෙක් පොළොව මට්ටමේ සිට අඩි 240ක් පමණ ගැඹුරු තැනක කොටු වී සිටියා. නමුත් දවස් තුනකට පසුව කිසිම අනතුරක් නැතුව ඔවුන් බේරුණා. ඒ කෙසේද?

ආකරයේ සිතියම්වල හා භූමිකම්පා දත්ත එකතු කිරීමේ ජාලයේ ආධාරයෙන් ජීවිත ආරක්ෂක භටයන් අඟල් 30ක වටප්‍රමාණයකින් යුත් වළක් හෑරුවා. ඉන්පසු පින්තූරයේ පෙන්වා ඇති ආකාරයට සිර වී සිටි පතල්කරුවන් වෙත කූඩයක් බස්සවා එක් එක්කෙනාව එළියට ගත්තා. මෙසේ ඔවුන්ව බේරා නොගත්තා නම් එය ඔවුන්ගේ මිනීවළ වීමට ඉඩ තිබුණා. තමන්ගේ ජීවිත බේරුණු එක ගැන ඔවුන් කොතරම් සතුටු වන්න ඇද්ද?

එවැනි භයානක අද්දැකීමකට අපි කෙදිනකවත් මුහුණ නොදෙන්න පුළුවන්. නමුත් මුළු මිනිස් සංහතියම ලෙඩ දුක්, මහලු විය හා මරණය හමුවේ ඉතා අසරණව සිටින නිසා සියලුදෙනාටම ගැලවීමක් අවශ්‍යයි. “මව් කුසින් උපන් සෑම කෙනෙක්ම ජීවත් වන්නේ ස්වල්ප කලකටය. එයත් දුක් කම්කටොලුවලින් පිරී ඇත. ඔහු මලක් මෙන් පිපී පරවී යන්නේය. සෙවණැල්ලක් මෙන් නැති වී යන්නේය” කියා පුරාණයේ සිටි යෝබ් පැවසුවා. (යෝබ් 14:1, 2, නව ලොව පරිවර්තනය, NW) එම වදන් පවසා වසර 3,500ක් පමණ ගෙවී ඇතත් නොමැරෙන කෙනෙක් නැති නිසා එය අදටත් සත්‍යයක්. දුක්වේදනා, මහලු විය සහ මරණයේ ග්‍රහණයෙන් අපව ගලවාගන්න කවරෙකු හෝ සිටිය යුතුයි.

විද්‍යාඥයන් සහ වෙනත් අය මිනිසාගේ ආයු කාලය දික් කිරීමට සෑහෙන වෙහෙසක් දරමින් සිටිනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන එක් සංවිධානයක් කියා සිටියේ “මරණය නැති කිරීමට කළ හැක්කේ මොනවාද කියා සොයා බැලීමට වෙහෙසෙන තම සාමාජිකයන්ට උපකාර කිරීම” තමන්ගේ අභිප්‍රාය බවයි. විද්‍යාව කොතරම් දියුණු වුවත් මිනිසාගේ ආයු කාලය දීර්ඝ කිරීමට කිසිවෙක් සමත් වී නැහැ. මීට වසර 3,500කට පමණ පෙර බයිබල් ලේඛකයෙක් වූ මෝසෙස් පැවසුවේ මිනිසාගේ සාමාන්‍ය ආයු කාලය වසර 70ක් හෝ 80ක් වන බවයි.—ගීතාවලිය 90:10.

යෝබ් පැවසූ දේට ඔබ එකඟ වුණත් නැතත් යම් දිනක අපි හැමෝටම පවුලේ අයගෙන්, මිතුරන්ගෙන්, නිවසෙන් හා අප අත් කරගෙන තිබෙන දේවලින් සමුගෙන ‘සෙවණැල්ලක් මෙන් නැති වී යන්න’ සිදු වෙනවා. පුරාණයේ සිටි ප්‍රඥාවන්ත රජෙක් වූ සලමොන් මෙසේ ලීවා. “තමුන් කවදා හෝ මැරෙන බව ජීවත්ව සිටින අය දනිති. නමුත් මිය ගිය අය කිසිවක් නොදනිති. තමන්ට කිසිවක් ලැබෙයි කියා බලාපොරොත්තුවක්ද ඔවුන්ට නැත. ඔවුන් කළ කී සියල්ල දැන් සම්පූර්ණයෙන්ම අමතක වී ඇත.”—දේශනාකාරයා 9:5, NW.

“මරණය” කෲර ‘රජෙක් මෙන් රජකම් කරමින්’ මිනිස් වර්ගයාව පාලනය කරන බව බයිබලයේ පෙන්වනවා. එමනිසා මිනිස් සංහතියම එම කෲර සතුරාගෙන් ගලවාගැනීම අත්‍යවශ්‍යයි. (රෝම 5:14; 1 කොරින්ති 15:26) මොන පළපුරුද්දක් තිබුණත්, අවශ්‍ය ආම්පන්න තිබුණත් මරණය නැති කරන්න මේ ලෝකයේ කිසිවෙකුටවත් බැහැ. එය කළ හැක්කේ මිනිසාව නිර්මාණය කළ යෙහෝවා දෙවිට පමණයි. ඒ සඳහා ඔහු යම් ක්‍රියා මාර්ගයක් ගෙන තිබෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න