ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 7/1 21 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 7/1 21 පි.

ඔබ දැන සිටියාද?

එෆීස 2:11-15හි පාවුල් සඳහන් කළ යුදෙව්වන්ව හා යුදෙව් නොවන ජාතීන්ව වෙන් කළ පවුර සැබෑ එකක්ද?

පාවුල් එෆීසවරුන්ට ලියූ ලිපියේ ඊශ්‍රායෙල් ජාතිය හා “අමුත්තන්” අතර ඇති වෙනස කාවැද්දුවා. එම කණ්ඩායම් දෙක “වෙන් කළ” ‘පවුරක්’ ගැන එහිදී ඔහු සඳහන් කළා. (එෆීස 2:11-15) එදා සිටි අයට පවුර කියද්දී ඒ කාලයේ තිබූ සැබෑ පවුරක් මතක් වෙන්න ඇති. නමුත් පාවුල් සඳහන් කරමින් සිටියේ මෝසෙස් තුළින් දෙන ලද “ආඥා අඩංගු නීතිය” ගැනයි.

පළමුවෙනි සියවසේ තිබූ දේවමාලිගාවේ, මළු ලෙස හැඳින්වූ එළිමහන් භූමි ප්‍රදේශ කිහිපයක් තිබුණා. නමුත් ඒවාට ඇතුල් වීමට සෑම කෙනෙකුටම අවසර තිබුණේ නැහැ. උදාහරණයකට යුදෙව් නොවන ජාතීන්ට වෙන් කර තිබූ මළුවට ඕනෑම කෙනෙකුට ඇතුල් වීමට අවසර තිබුණත් දේවමාලිගාවට කිට්ටුවෙන් පිහිටි මළුවට ඇතුල් වීමට අවසර තිබුණේ යුදෙව්වන්ට හා යුදෙව් ආගමට හැරුණු අයට පමණයි. මෙම කොටස් දෙක වෙන් කිරීමට අඩි හතරක් පමණ උස ගල් පවුරක් ඉදි කර තිබුණා. එය හැඳින්වූයේ සොරෙග් ලෙසයි. පළමුවෙනි සියවසේ සිටි ඉතිහාසඥයෙක් වන ෆ්ලේවියස් ජොසීෆස් පවසන ආකාරයට යුදෙව් නොවන අයට දේවමාලිගාවට කිට්ටු මළුවට ඇතුල් වීම තහනම් බව ග්‍රීක භාෂාවෙන් හා ලතින් භාෂාවෙන් ලියැවුණු දැන්වීම් එම පවුරේ අලවා තිබුණා.

සොයාගන්නා ලද එවැනි දැන්වීමක සඳහන් වුණේ මෙවැනි දෙයක්. “කිසිම විදේශිකයෙකුට පවුර පසු කරගෙන ශුද්ධ භූමියට ඇතුල් වීම තහනම්. ඇතුල් වෙන අයට හිමි දඬුවම මරණයයි.”

පාවුල් මෙහිදී පවුර යන වචනයෙන් යොමු දැක්වූයේ මෝසෙස් විසින් යුදෙව්වන්ට දෙන ලද නීතියටයි. එම නීතිය යුදෙව්වන්ව හා යුදෙව් නොවන ජාතීන්ව වෙන් කර තැබුවා. නමුත් යේසුස්ගේ මරණයත් සමඟ මෝසෙස්ට දෙන ලද නීතිය නමැති එම ‘පවුර බිඳී ගියා.’

ඊශ්‍රායෙලයේ ගෝත්‍ර 13ක් තිබුණත් ගෝත්‍ර 12ක් ගැන පමණක් සඳහන් කර ඇත්තේ ඇයි?

ඊශ්‍රායෙලයේ ගෝත්‍ර ඇති වුණේ යාකොබ්ගේ දරුවන් 12දෙනාගෙනුයි. ඔවුන් නම් රූබෙන්, සිමියොන්, ලෙවී, යූදා, දාන්, නෆ්තලී, ගාද්, ආෂෙර්, ඉසකා, සෙබ්‍යූලන්, යෝසෙප් සහ බෙන්ජමින් යන අයයි. (උත්පත්ති 29:32–30:24; 35:16-18) මොවුන්ගෙන් 11දෙනෙකුටම තමන්ගේම නමින් ගෝත්‍රයක් තිබුණත් යෝසෙප්ගේ නමින් ගෝත්‍රයක් තිබුණේ නැහැ. නමුත් යෝසෙප්ගේ පුතුන් දෙදෙනා වූ එෆ්‍රායිම් හා මනස්සේට ඔවුන්ගේ නමින් ගෝත්‍ර දෙකක් තිබුණා. මේ අනුව ඊශ්‍රායෙලයේ මුළු ගෝත්‍ර ගණන 13යි. නමුත් බයිබලයේ නිතරම ගෝත්‍ර 12ක් ගැන පමණක් සඳහන් වන්නේ ඇයි?

ඊශ්‍රායෙල් ජාතිය අතර සිටි ලෙවී නම් ගෝත්‍රයේ අයව යෙහෝවා දෙවිගේ මණ්ඩපයේ හා පසුව දේවමාලිගාවේ සේවය කිරීමට තෝරාගෙන තිබුණා. ඒ නිසා ඔවුන් යුධමය කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. ඒ ගැන යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ පැවසුවා. “ඊශ්‍රායෙල් සෙනඟ ලියාපදිංචි කරන විට ලෙවී ගෝත්‍රයේ අයව ලියාපදිංචි නොකරන්න. ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඔවුන්ව ගණන් නොකරන්න. ගිවිසුම් පෙට්ටිය තබා තිබෙන සම්මුඛ වීමේ කූඩාරම හා එහි සියලු භාණ්ඩද මෙවලම්ද බලාගන්නා පිණිස ලෙවීවරුන්ව පත් කරන්න.”—ගණන් කතාව 1:49, 50, නව ලොව පරිවර්තනය.

එමෙන්ම ලෙවීවරුන්ට පොරොන්දු දේශයේ උරුමයක් ලැබුණේද නැහැ. ඒ වෙනුවට ඔවුන් ඊශ්‍රායෙල් දේශයේ නගර 48ක විසිරී සිටියා.—ගණන් කතාව 18:20-24; යෝෂුවා 21:41.

ඒ හේතූන් දෙක නිසා ලෙවී ගෝත්‍රය අනික් ගෝත්‍ර 12 සමඟ ගණන් ගැනෙන්නේ නැහැ. ඊශ්‍රායෙලයේ ගෝත්‍ර 12ක් තිබුණු බව සඳහන් වන්නේ ඒ නිසයි.—ගණන් කතාව 1:1-15.

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Archaeological Museum of Istanbul

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න