ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 2/1 8 පි.
  • දෙවි අප ගැන සැලකිලිමත්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවි අප ගැන සැලකිලිමත්ද?
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ආත්ම විෂයෙහි පාලකයෝ
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි දුක් විඳින්නේ ඇයි?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • මිනිස් වර්ගයා සඳහා දෙවිගේ අරමුණ කුමක්ද?
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • මෙච්චර දුක් කරදර දුෂ්ටකම් තියෙන්නේ ඇයි?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 2/1 8 පි.

දෙවි අප ගැන සැලකිලිමත්ද?

බොහෝදෙනා පවසන්නේ . . .

▪ “දෙවි උසස් කෙනෙක් නිසා ඔහු මගේ ප්‍රශ්න ගැන හිතන එකක් නැහැ.”

▪ “දෙවි මං ගැන සැලකිලිමත් කියලා මට නම් හිතෙන්නේ නැහැ.”

යේසුස් පැවසුවේ . . .

▪ “ගේ කුරුල්ලන් පස්දෙනෙකු සුළු වටිනාකමක් ඇති කාසි දෙකකට විකුණනවා නොවේද? එහෙත් උන්ගෙන් එකෙකුවත් දෙවි අමතක කරන්නේ නැත. මන්ද ඔබේ සියලු හිසකේ පවා ගණන් කර තිබේ. බිය නොවන්න. ගේ කුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටින්නහුය.” (ලූක් 12:6, 7) යේසුස් එසේ පැවසුවේ දෙවි අපි ගැන සැලකිලිමත් වන බව ඔහු දන්නා නිසයි.

▪ “‘කුමක් කමුද?’ කියාවත් ‘කුමක් බොමුද?’ කියාවත් ‘කුමක් අඳිමුද?’ කියාවත් කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද අන්‍යජාතීන් මහත් උනන්දුවකින් හඹා යන්නේ මේ සියල්ල පසුපසය. නමුත් මේ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නේය.” (මතෙව් 6:31, 32) යේසුස්ට එසේ පැවසීමට හැකි වුණේ දෙවි අපේ අවශ්‍යතාවන් ගැන සැලකිලිමත් වන බව ඔහු වටහාගෙන තිබුණු නිසයි.

දෙවි අප ගැන සැලකිලිමත් බව බයිබලයේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. (ගීතාවලිය 55:22; 1 පේතෘස් 5:7) එසේනම් අද අපි මෙතරම් දුක් වේදනාවන්ට මුහුණ දෙන්නේ ඇයි? සියලු බලැති දෙවි ප්‍රේමණීය කෙනෙක් නම් ඔහු දුක් වේදනාවන් නැති කරදැමීමට පියවර නොගන්නේ ඇයි?

අද පොළොවේ මෙතරම් දුක් වේදනා පවතින්නේ යක්ෂයා මේ පොළොව පාලනය කරන නිසයි. අප එය දන්නේ කෙසේද? එක් අවස්ථාවකදී යක්ෂයා යේසුස්ව වරදකට හසු කරගැනීමට උත්සාහ දරමින් ලොව පුරා ඇති රාජ්‍යයන් පෙන්වා ඔහුට මෙසේ පැවසුවා. “මම ඔබට මේවා කෙරෙහි සම්පූර්ණ අධිකාරියද ඒවායේ තේජසද දෙන්නෙමි. මන්ද ඒවා මට දී ඇති හෙයින් මා කැමති කෙනෙකුට ඒවා දෙන්නෙමි.” ඉන් පැහැදිලි වන්නේ යක්ෂයා අද මේ පොළොව පාලනය කරන බවයි.—ලූක් 4:5-7.

මේ ලෝකයේ පාලකයා ලෙස යක්ෂයාව පත් කළේ කවුද? මුල් මිනිස් යුවළ වූ ආදම් සහ ඒව දෙවිට අකීකරු වූ අවස්ථාවේදී ඔවුන් තමන්ගේ පාලකයා ලෙස යක්ෂයාව තෝරාගත්තා. එතැන් පටන් යක්ෂයාට සාර්ථකව පාලනය කළ හැකිද කියා පෙන්වීමට දෙවි ඔහුට යම් කාලයක් පොළොව පාලනය කිරීමට ඉඩ දී තිබෙනවා. ඒ කාලය තුළ දෙවිට සේවය කිරීමට කැමති අය සඳහා දෙවි අවස්ථාව ලබා දී තිබෙනවා. (රෝම 5:10) නමුත් තමන්ට සේවය කරන්න කියා දෙවි කිසිම කෙනෙකුට බල කරන්නේ නැහැ.

යෙහෝවා දෙවි අපි ගැන සැලකිලිමත් වන නිසා යක්ෂයාගේ පාලනයෙන් අපිව මුදවාගැනීමට ඔහු යේසුස් මාර්ගයෙන් පියවර ගෙන තිබෙනවා. බයිබලයේ මෙවැනි පොරොන්දුවක් දී තිබෙන්නේ ඒ නිසයි. යේසුස් ‘මරණය ගෙන ඒමට බලය ඇති තැනැත්තාව එනම්, යක්ෂයාව නැති කර දමන්නේය.’ (හෙබ්‍රෙව් 2:14) ඔහු එසේ කරන්නේ ‘යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම සඳහායි.’—1 යොහන් 3:8.

අනාගතයේදී මුළු පොළොවම පාරාදීසයක් වීමට නියමිතයි. ඒ කාලයේදී දෙවි මිනිසුන්ට ලබා දෙන ආශීර්වාද ගැන බයිබලයේ මෙසේ සඳහන් වී තිබෙනවා. දෙවි ‘මිනිසුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.’—එළිදරව් 21:4, 5.a

[පාදසටහන]

a දුක් වේදනා පැවතීමට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි කියා දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 11වන පරිච්ඡේදය බලන්න.

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අනාගතයේදී මුළු පොළොවම පාරාදීසයක් වීමට නියමිතයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න