ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 4/1 11-12 පි.
  • එහි යටත් වැසියන් කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එහි යටත් වැසියන් කවුද?
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අලුත් උපත එය ලැබීමේ අරමුණ කුමක්ද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සදාකාල ජීවනයට එකම මඟ
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සියලුම හොඳ මිනිසුන් ස්වර්ගයට යනවාද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සියලුම අනාගතවක්තෘවරුන් සාක්ෂි දැරූ තැනැත්තා
    එකම සැබෑ දෙවිට නමස්කාර කරන්න
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 4/1 11-12 පි.

එහි යටත් වැසියන් කවුද?

යේසුස්ගේ මුල් ගෝලයන් ජීවත් වූ කාලයේ පටන් දෙවි ඇදහිලිවන්ත සේවකයන් සුළු පිරිසකට අලුත් උපතක් ලබා දී ඔවුන්ව පුත්‍රකමට ගෙන තිබෙනවා. දෙවි එසේ කළේ ස්වර්ගයේ සිට පාලනය කිරීම සඳහා ඔවුන්ව සූදානම් කිරීමටයි. (2 තිමෝති 2:12) මේ ඇදහිලිවන්තයන් පාලකයන් වීමට නම් ඔවුන් මරණයෙන් පසු ස්වර්ගයෙහි නැවත නැඟිටීමක් ලැබිය යුතුයි. (රෝම 6:3-5) ඔවුන් ස්වර්ගයේ සිට යේසුස් සමඟ “පොළොව කෙරෙහි රජකම් කිරීමට නියමිතයි.”—එළිදරව් 5:10; 11:15.

කෙසේවෙතත් අලුත් උපතක් ලබා නැති අයත් ගැලවීම ලබන බව බයිබලයේ සඳහන් වෙනවා. එහි සඳහන් ආකාරයට කණ්ඩායම් දෙකක් ගලවාගැනීම දෙවිගේ අරමුණයි. එක් කණ්ඩායමක් කුඩායි. පාලකයන් වන ඔවුන් ජීවත් වන්නේ ස්වර්ගයෙයි. අනිත් කණ්ඩායම විශාලයි. යටත් වැසියන් වන ඔවුන් ජීවත් වන්නේ මේ පොළොවෙයි. අලුත් උපතක් ලැබූ යේසුස්ගේ ගෝලයෙක් වූ යොහන් යේසුස් කළ දෙය ගැන පැවසුවේ මෙසේයි. “ඔහු අපේ [කුඩා කණ්ඩායමේ] පාප උදෙසා සමඟි කිරීමේ පූජාවකි. එහෙත් අපේ පාප උදෙසා පමණක් නොව, මුළු ලෝකයේද [විශාල කණ්ඩායමේද] පාප උදෙසාය.”—1 යොහන් 2:2.

පාවුල්ද එවැනිම දෙයක් පැවසුවා. “දෙවිගේ පුත්‍රයන්ගේ [කුඩා කණ්ඩායමේ] එළිදරව් වීම ගැන මැවිල්ල [විශාල කණ්ඩායම] මහත් ආශාවෙන් බලා සිටී.” (රෝම 8:19-21) යොහන් හා පාවුල් යන අය පැවසූ ඒ වදන්වල තේරුම කුමක්ද? අලුත් උපතක් ලැබූ අය ස්වර්ගයේ තිබෙන රාජ්‍යයේ හවුල්කරුවන් බවට පත් වෙනවා. ඒ කුමන අරමුණක් සඳහාද? එම රාජ්‍යයේ යටත් වැසියන් වන මේ පොළොවේ ජීවත් වන මිලියන ගණන්දෙනාට ආශීර්වාද ගෙන ඒමටයි. යේසුස් ඔහුගේ ගෝලයන්ට මේ ආකාරයට යාච්ඤා කරන්න කියා ඉගැන්නුවෙත් ඒ නිසයි. “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.”—මතෙව් 6:10.

ගැලවීම ලබන මේ කණ්ඩායම් දෙක ගැන යෙහෝවා දෙවි යේසුස්ගේ මුතුන්මිත්තෙකු වූ ආබ්‍රහම්ට පැවසූ දෙය සලකා බලන්න. “ඔබේ වංශය [කුඩා කණ්ඩායම] කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු [විශාල කණ්ඩායම] ආශීර්වාද ලබන්නෝය.” (උත්පත්ති 22:18) ඒ අනුව ආබ්‍රහම්ගේ “වංශය” මාර්ගයෙන් සියලුම ජාතීන් ආශීර්වාද ලැබීමට නියමිතයි.

එම ‘වංශයෙන්’ නියෝජනය කරන්නේ කාවද? යේසුස්ව හා අලුත් උපතක් ලබාගෙන දෙවිගේ පුත්‍රකම ලබා තිබෙන අයවයි. පාවුල් ඒ ගැන මෙසේ පැවසුවා. “ඔබ ක්‍රිස්තුස්ට අයිති නම්, ඔබ ඇත්තෙන්ම ආබ්‍රහම්ගේ වංශය වන්නහුය.” (ගලාති 3:16, 29) ඒ “වංශය” මාර්ගයෙන් සියලුම ජාතීන් ලබන ආශීර්වාද මොනවාද? දෙවි ඉදිරියේ අනුමැතිය ඇති තත්වයක් ලැබීම හා පාරාදීස පොළොවක සදාකාල ජීවනයක් ලැබීමයි. ඒ ගැන දාවිත් රජ මෙසේ පැවසුවා. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29, නව ලොව පරිවර්තනය, NW; යෙසායා 45:18; එළිදරව් 21:1-5.

ඇත්තෙන්ම ස්වර්ගයේ සිට පාලනය කිරීම ටිකදෙනෙකුට පවරා තිබුණත් ඉන් පොළොවේ ජීවත් වන බොහෝදෙනෙකුට සදාකල් ජීවනය ඇතුළු තවත් බොහෝ ප්‍රයෝජන ලැබෙනවා. ඔබත් ඔබේ පවුලේ අයත් දෙවිගේ රාජ්‍යය මගින් ලබා දෙන සදාකාලික ප්‍රයෝජන ලබන අය අතර සිටියිද? එසේ සිටීවා කියා අප ප්‍රාර්ථනා කරනවා.

[12වන පිටුවේ පින්තූරය]

ගණන් කළ නොහැකි තරම් සෙනඟකට මේ පොළොවේ සදාකාල ජීවනය ලැබෙනවා. ඔබත් ඔවුන්ගෙන් කෙනෙකු වෙයිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න