ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 10/1 6-7 පි.
  • 3 කෙසේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 3 කෙසේද?
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යාච්ඤාවෙන් දෙවියන්ට ළං වෙන්න
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • යාච්ඤාවෙන් දෙවිට ළං වන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • යාච්ඤාව තුළින් දෙවිට ළංවීම
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 10/1 6-7 පි.

3 කෙසේද?

යාච්ඤාව සම්බන්ධයෙන් බොහෝ ආගම් අවධානය යොමු කර තිබෙන්නේ යාච්ඤා කළ යුතු ඉරියව්ව සහ භාවිත කළ යුතු වචන වැනි දේවල් කෙරෙහියි. නමුත් යාච්ඤා කරන විට අපි සැලකිලිමත් විය යුතු ඉතා වැදගත් දෙයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. එය නම් “යාච්ඤා කළ යුත්තේ කෙසේද” යන්නයි.

පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් විවිධ ස්ථානවලදී නොයෙක් ඉරියව්වලින් යෙහෝවා දෙවිට යාච්ඤා කර තිබෙනවා. ඇතැම් අය නිශ්ශබ්දව හෝ හඬ නඟමින්ද තවත් අය අහස දෙස බලමින් හෝ දණ ගසා බිමට පහත් වී යාච්ඤා කර තිබෙනවා. නමුත් ඔවුන් කිසිම අවස්ථාවක රූප, කොන්ත හෝ යාච්ඤා පොත් වැනි දේවල් භාවිත කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ගේ සිතේ තිබෙන සියල්ල දෙවිට පැවසුවා. ඔවුන්ගේ යාච්ඤාවලට යෙහෝවා දෙවි සවන් දීමට හේතුව කුමක්ද?

දෙවි ඔවුන්ගේ යාච්ඤාවලට සවන් දුන්නේ ඔවුන් දෙවිගේ කැමැත්තට එකඟව යාච්ඤා කළ නිසයි. බයිබලයේ සඳහන් වෙන්නේ ‘දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙනවා’ කියායි. (1 යොහන් 5:14) නමුත් දෙවිගේ කැමැත්තට එකඟව යාච්ඤා කළ හැක්කේ කෙසේද?

ඒ සඳහා අපි මුලින්ම බයිබලය අධ්‍යයනය කර දෙවිගේ කැමැත්ත කුමක්ද කියා තේරුම්ගත යුතුයි. ඉන්පසු අපි ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වෙයි කියා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා. (මතෙව් 7:21-23) අපි නිතරම දෙවිට යාච්ඤා කළ යුත්තේ අපි බයිබලයෙන් ඉගෙනගන්නා දේවලට එකඟවයි.

යෙහෝවා දෙවිගේ කැමැත්තට එකඟව, විශ්වාසයෙන් යුතුව කරන යාච්ඤා යේසුස්ගේ නාමයෙන් දෙවිට ඔප්පු කරනවා නම් දෙවි ඒවාට සවන් දෙනවා

යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්නා විට දෙවි කෙරෙහි තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. දෙවි අපේ යාච්ඤාවලට සවන් දෙනවාට අපි කැමති නම් දෙවි කෙරෙහි විශ්වාසයක් තිබීම ඉතා වැදගත්. “විශ්වාසයක් ඇතුව ඕනෑම දෙයක් ඔබ යාච්ඤාවෙන් ඉල්ලුවොත් ඒ දේ ඔබට ලැබෙයි” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (මතෙව් 21:22) විශ්වාසය යනු බලාපොරොත්තු වන දේවල් අනිවාර්යයෙන්ම ඉටු වෙන බවට සැක නොකිරීමයි. එමෙන්ම විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි තිබෙන නිසා ඒවා පිළිගැනීමයි. (හෙබ්‍රෙව් 11:1) යෙහෝවා දෙවිව අපි කිසිම කෙනෙකුට පෙනෙන්නේ නැහැ. ඒ වුණත් ඔහු සැබවින්ම සිටින බවටත් අපගේ යාච්ඤාවලට සවන් දෙන බවටත් බයිබලයේ ඇති තරම් සාක්ෂි තිබෙනවා. අපේ විශ්වාසය තවත් ශක්තිමත් කරන්න කියා දෙවිගෙන් ඉල්ලුවොත් ඔහු ඉතා කාරුණිකව එය ඉටු කරනවා.—ලූක් 17:5; යාකොබ් 1:17.

අපේ යාච්ඤාවලට දෙවි සවන් දීමට නම් අපි තවත් දෙයක් මතක තබාගත යුතුයි. යේසුස් එය මෙසේ විස්තර කළා. “මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.” (යොහන් 14:6) ඒ අනුව අපිට යෙහෝවා දෙවිට ළං විය හැක්කේ යේසුස් මාර්ගයෙන් පමණයි. මාගේ නාමයෙන් දෙවිට යාච්ඤා කරන්න කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (යොහන් 14:13; 15:16) අපි යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කරන විට ඉන් පෙන්නුම් කරන්නේ දෙවිට ළං විය හැක්කේ යේසුස් තුළින් පමණයි කියා අපි පිළිගන්නා බවයි.

එක අවස්ථාවකදී යේසුස්ගේ ගෝලයන් “යාච්ඤා කරන්නේ කොහොමද” කියා උගන්වන මෙන් යේසුස්ගෙන් ඉල්ලා සිටියා. (ලූක් 11:1) ඔවුන් එසේ ඉල්ලා සිටියේ ‘යාච්ඤා කළ යුත්තේ කුමන කාරණා ගැනද’ කියා දැනගැනීමටයි. ඇත්තෙන්ම අපි යාච්ඤා කළ යුත්තේ කුමක් ගැනද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න