ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 11/1 6 පි.
  • අගය කරන්න ඉගෙනගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගය කරන්න ඉගෙනගන්න
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අනිත් අයව අගය කරන්න ඕනෙ ඇයි?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • තෙල් ලබාගන්නේ කොහෙන්ද?
    2003 පිබිදෙව්!
  • යහපත් ක්‍රියා අගය කරන දෙවි යෙහෝවා
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අගය කිරීමේ ඇති වටිනාකම
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 11/1 6 පි.

3

අගය කරන්න ඉගෙනගන්න

බයිබලයේ සඳහන් දෙය. “සෑම දෙයක් සඳහාම ස්තුති දෙන්න.”—1 තෙසලෝනික 5:18.

අභියෝගය. අපි ජීවත් වන්නේ අහංකාර මෙන්ම ස්තුතිවන්ත නොවන මිනිසුන් සිටින සමාජයකයි. (2 තිමෝති 3:1, 2) ඒ නිසා අපි තුළත් එවැනි නරක ගති ඇති වීමට ඉඩ තිබෙනවා. එමෙන්ම අපට මුහුණ දීමට සිදු වන ප්‍රශ්න ගැටලු නිසාත් කාර්යබහුල වීම නිසාත් අපට දැනටමත් තිබෙන දේවල් අගය කිරීමට හෝ අන් අය අපි වෙනුවෙන් කරන දේවල් අගය කිරීමට අපි අපොහොසත් විය හැකියි.

කළ හැකි දෙය. සමහරවිට ඔබ යම් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙනවා ඇති. නමුත් දැනටමත් ඔබට තිබෙන යහපත් දේවල් අගය කරන්න එය බාධාවක් කරගන්න එපා. අතීතයේ සිටි දාවිත් රජ ගැන කල්පනා කරන්න. විවිධ ප්‍රශ්න ගැටලු නිසා මහත් වේදනාවක් අද්දැක්කත් ඔහු දෙවිට මෙසේ යාච්ඤා කළා. “ඔබේ සියලු ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කළෙමි. ඔබේ මහත් බලය විදහා ඔබ කළ දේවල් ගැන මහත් ආශාවකින් කල්පනා කළෙමි.” (ගීතාවලිය 143:3- 5) ඉන් පැහැදිලි වන්නේ කොතරම් ප්‍රශ්න ගැටලු ඇති වුණත් යහපත් දේවල් අගය කරන්න ඔහු අමතක නොකළ බවයි. ඒ නිසා ඕනෑම තත්වයක් යටතේ සෑහීමට පත් වෙන්න ඔහුට හැකි වුණා.

අන් අය ඔබට උපකාර කිරීම සඳහා කර තිබෙන දේවල් ගැන සිතමින් ඒ සඳහා අගය ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්න. යේසුස් ඒ දෙය කළා. දිනක් යේසුස්ගේ මිතුරියක් වූ මරියා ඉතා මිල අධික තෙල් වර්ගයක් ඔහුගේ හිසේ සහ පාදවල ආලේප කළා.a නමුත් සමහර අය ඊට විරෝධය පාමින් “‘මේ සුවඳ තෙල් ඇයි මෙහෙම නාස්ති කළේ’” කියා ප්‍රශ්න කළා. එවිට යේසුස් ඔවුන්ට පැවසුවේ මෙයයි. ‘ඇයි ඔබ හැමෝම එකතු වී ඇයට කරදර කරන්නේ? ඇයට ඉන්න දෙන්න. ඇය කළේ ඇයට පුළුවන් දෙයයි.’ (මාක් 14:3-8; යොහන් 12:3) මරියා නොකළ දෙයට අවධානය දෙනවා වෙනුවට ඇය කළ දෙය යේසුස් අගය කළා.

ඇතැම් අයට තම පවුලේ අයගේ මිතුරන්ගේ හෝ තමන් සතුව තිබෙන වෙනත් දේවල අගය දැනෙන්නේ ඒවා තමන්ට අහිමි වූ පසුවයි. නමුත් එවැනි දෙයක් ඔබට සිදු වීමට ඉඩ තබන්න එපා. දැන් සිටම ඔබට තිබෙන දේවල් අගය කිරීමට පුරුදු වන්න. ඔබ සතුව තිබෙන අගය කළ හැකි දේවල් ගැන කල්පනා කර බැලීම හෝ ඒවා සටහන් කරගැනීම ඔබට ප්‍රයෝජනවත් වෙයි.

“සෑම යහපත් දීමනාවක්ම” අපට ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන් නිසා ඒ සඳහා අපි ඔහුට ස්තුති කළ යුතුයි. (යාකොබ් 1:17) අපි නොකඩවා එය කරනවා නම් තිබෙන දේවල් අගය කරමින් සෑහීමට පත්ව සිටින්න අපට හැකි වෙනවා.—ෆිලිප්පි 4:6, 7.

[පාදසටහන]

a පළමු සියවසේදී හිස මත තෙල් ආලේප කිරීම ආගන්තුක සත්කාරය පෙන්වීමේ ලක්ෂණයක් වූ අතර පාද මත තෙල් ආලේප කිරීමෙන් නිහතමානිකම පිළිබිඹු වුණා.

[6වන පිටුවේ පින්තූරය]

අන් අය ඔබ වෙනුවෙන් කරන දේවල් අගය කරන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න