ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 11/1 12 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අතිවිශාල ගසේ අභිරහස හෙළි කිරීම
    දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
  • යෙරුසලම සහ සලමොන්ගේ දේවමාළිගාව
    ‘ඒ සරුසාර දේශය දැකගනිමු’
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 11/1 12 පි.

ඔබ දැන සිටියාද?

යෙරුසලමේ තිබූ දේවමාලිගාවේ සිදු වූ කාර්යයන් සඳහා මුදල් ලැබුණේ කොහොමද?

▪ ප්‍රධාන වශයෙන් ඒ සඳහා මුදල් ලැබුණේ ජනයා ලබා දෙන දසයෙන් කොටස මගිනුයි. නමුත් වෙනත් බදුද ඒ සඳහා යොදාගත්තා. උදාහරණයකට, සංගණනයක් කර ඊට ඇතුළත් වෙන සියලුදෙනාගෙන් ෂෙකෙල් භාගයක් අය කරගන්න කියා මණ්ඩපය ඉදි කරන අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ට පැවසුවා. එම මුදල ‘යෙහෝවා දෙවිට දෙන සම්මාදමක්’ ලෙස සැලකුවා.—නික්මයාම 30:12-16.

පසුව සෑම යුදෙව්වෙක්ම සම්ප්‍රදායක් ලෙස වාර්ෂිකව එම බද්ද දේවමාලිගාවට ගෙව්වා. යේසුස්ද එම බද්ද ගෙව්වා. ඔහු පේතෘස්ට පැවසූ මේ දෙයින් එය පැහැදිලියි. ‘ඔබ මුලින්ම අල්ලාගන්නා මාළුවා ගෙන උගේ කට අරින විට රිදී කාසියක් තිබෙනවා ඔබ දකියි. ඒ කාසිය ගෙන ඔවුන්ට දෙන්න.’—මතෙව් 17:24-27.

දේවමාලිගාවේ බද්ද ගෙවීම සඳහා භාවිත කළ කාසි වර්ග දෙකක් මෑතකදී යෙරුසලමේ කරන ලද කැණීම්වලදී සොයාගත්තා. පළමු ශතවර්ෂයේ ඉදි කර තිබූ කානුවකින් සොයාගත් එක් කාසියක් සාදා තිබුණේ ක්‍රිස්තු වර්ෂ 22 තීර් නගරයේයි. එම කාසියේ එක් පැත්තක තීර්හි අධිපති දෙවි ලෙස සැලකෙන මෙල්කාට්ගේ රූපය සටහන් කර තිබූ අතර අනික් පැත්තේ රාජාලියෙකුගේ හැඩයට සාදා තිබෙන නැවක ඉදිරිපස රූපයක් සටහන් කර තිබෙනවා. දෙවන කාසිය සොයාගත්තේ දේවමාලිගාව තිබූ ස්ථානයේ කළ කැණීම්වලදීයි. එම කාසිය ක්‍රි.ව. 66-67 කාලයේදී සාදන ලද්දක්. යුදෙව්වන් රෝමයට විරුද්ධව කැරලිගැසීමට පටන්ගත්තේද ඒ කාලයේදීයි. එම කාසියේ කුසලානයක් හා ගැට දෙළුම් ගෙඩි තුනක රූපද “ෂෙකෙල් භාගයක්” සහ “ශුද්ධ යෙරුසලම” කියා සටහන් කරද තිබුණා. එම කාසි දෙක සම්බන්ධයෙන් මහාචාර්ය ගාබ්‍රියෙල් බාකේ මෙසේ පැවසුවා. “මෙම කාසි පිලිස්සී ඇති බවට ලකුණු තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 70දී දේවමාලිගාවට ගිනි තැබූ අවස්ථාවේදී එසේ වූවා විය හැකියි.”

නෙබුකද්නෙෂර් රජු සෑදූ ගොඩනැඟිලි මොන තරම් විශිෂ්ටද?

▪ නෙබුකද්නෙෂර් රජු මෙසේ පැවසූ බව බයිබලයේ සඳහන් වෙනවා. “මේ, මගේ තේජසත් ගෞරවයත් සියල්ලන්ටම පෙන්වන පිණිස මගේම බලයෙන් මා ගොඩනැඟූ රජවාසල වන මහා බැබිලෝනිය නොවේද?” (දානියෙල් 4:30) එම නගරය එතරම්ම ශ්‍රේෂ්ඨද?

නෙබුකද්නෙෂර් රජු සිද්ධස්ථාන, මාලිගා, විශාල තාප්ප මෙන්ම කුලුනු මත උයනක්ද ඉදි කළා. ප්‍රධාන දේවස්ථානය ඉදි කර තිබුණේ බැබිලෝනි නගර මධ්‍යයේයි. එය ඉදි කර තිබුණේ පිරමිඩයක හැඩයෙන් යුක්තවයි. ඊට තට්ටු කිහිපයක් තිබූ අතර පඩි පෙළක්ද තිබුණා. අඩි 230ක් පමණ උසැති මෙම ගොඩනැඟිල්ල මුදුනේ එම දේවස්ථානය ඉදි කර තිබුණා. ‘නෙබුකද්නෙෂර් රජුගේ ඉදි කිරීම් අතරින් බොහෝදෙනාගේ ආකර්ෂණයට ලක් වී තිබෙන්නේ පෙරහැර යන මාවත සහ ඉෂ්තාර් ආරුක්කුවයි’ කියා එක් පොතක සඳහන් වෙනවා. පෙරහැර යන මාවත ඉදි කර තිබුණේ ඉෂ්තාර් ආරුක්කුව හරහායි. සිංහයන් ඇවිදින ආකාරය දැක්වෙන රූප සටහන් එහි මඟ දෙපස තිබුණා. ඉෂ්තාර් ආරුක්කුව සම්බන්ධයෙන් එම පොතේ මෙසේ විස්තර කර තිබෙනවා. “දිලිසෙන නිල් පාට ගඩොල්වලින් තනා ඇති එම ආරුක්කුවේ ගවයන් සහ මකරුන් සිය ගණනකගේ රූප කැටයම් කර තිබෙනවා. එම අලංකාර නිර්මාණ දුටු අයට නම් ඒවා කිසිදාක අමතක නොවන්න ඇති.”—Babylon—City of Wonders.

විසිවන සියවස මුල්භාගයේදී කරන ලද කැණීම්වලින් පෙරහැර මාවතේ හා ඉෂ්තාර් ආරුක්කුවේ නටබුන් රාශියක් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. ඔවුන් ඒවා යොදාගෙන එහි ආකෘතියක් ජර්මනියේ බර්ලින් කෞතුකාගාරයේ ඉදි කර තිබෙනවා.

[12වන පිටුවේ පින්තූර]

මෙහි දැක්වෙන්නේ කාසිවල සැබෑ ප්‍රමාණයයි

[හිමිකම් විස්තර]

Top: Clara Emit, Courtesy of Israel Antiquities Authority; bottom: Zev Radovan

[12වන පිටුවේ පින්තූරය]

ඉෂ්තාර් ආරුක්කුවේ ආකෘතිය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න