ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 5/1 23 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • “උත්සාහය අත්හරින්නේ නැතුව දිගටම නිර්භීතව දේශනා කරන්න”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • ‘ධෛර්යවන්ත ලෙස’ සම්පූර්ණ සාක්ෂියක් දීම
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 5/1 23 පි.

ඔබ දැන සිටියාද?

ක්‍රියා පොතේ 18:12හි සඳහන් “විනිශ්චයාසනය” කුමක්ද?

▪ පාවුල් නීති විරෝධී ලෙස ශුභාරංචිය ප්‍රකාශ කළ බවට චෝදනා කරමින් කොරින්තියේ සිටි යුදෙව්වන් ඔහුව “විනිශ්චයාසනය” ඉදිරියට ගෙන ගියා. (ක්‍රියා 18:12, 13) පුරාණ කොරින්ති නගරයේ පොදු වෙළඳපොළ අසල එළිමහනේ තරමක් උස වේදිකාවක් සාදා තිබුණා. ජනයා ශුද්ධ ලියවිලි ඉගෙනගැනීමට රැස් වූ ස්ථානය වන සිනගෝගය පිහිටා තිබෙන්න ඇත්තේ ඒ අසලින්ම විය හැකියි. රැස්ව සිටින විශාල පිරිසකට කතා කිරීම සඳහා මෙම ස්ථානය ප්‍රයෝජනයට ගත්තා. නිල් සහ සුදු පාට පිඟන් ගඩොල්වලින් සහ සියුම් කැටයම්වලින් එම වේදිකාව අලංකාර කර තිබුණා. ඊට පිටුපසින් තාවකාලිකව රැඳී සිටීමට කාමර දෙකක් සාදා තිබූ අතර කිරිගරුඬවලින් සෑදූ බංකුද එහි තිබුණා. කාමරවල බිම නිමවා තිබුණේ විවිධ පාටවලින් යුත් වීදුරු කැබලිවලිනුයි.

පාවුල්ව රැගෙන ආවේ මෙම වේදිකාව අසලට විය හැකියි. ඔහුව විනිශ්චය කළේ ඇකේයා පළාතේ සිටි ආණ්ඩුකාර ගලියෝ විසිනුයි. නිලධාරීන් විසින් නඩු ඇසීමට හා තීන්දු දීමට එම ස්ථානය යොදාගත්තා.

ග්‍රීක ජනයා ජීවත් වූ පළාත්වල සිටි ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ව්‍යාපාර ගැන වැදගත් සාකච්ඡාවන් පැවැත්වීමට එවැනි ස්ථාන යොදාගත්තා. පිලාත් විසින් යේසුස්ගේ නඩු විභාගය පැවැත්වුවේද එම ස්ථානයේ බව යොහන් 19:13 සහ මතෙව් 27:19හි සඳහන් දෙයින් පැහැදිලි වෙනවා.—ක්‍රියා 12:21.

යේසුස් වධකණුවක මිය ගිය බව ඇතැම් යුදෙව්වන් පිළි නොගත්තේ ඇයි?

▪ පාවුල් මෙසේ පැවසුවා. “අප දේශනා කරන්නේ වධකණුවක ඇණ ගසා මරනු ලැබූ ක්‍රිස්තුස් ගැනයි. යුදෙව්වරු ඒ ගැන කෝප වී එය පිළි නොගනිති. වෙනත් ජාතීන් එය සලකන්නේ මෝඩකමක් ලෙසය.” (1 කොරින්ති 1:23) යේසුස් මිය ගිය ආකාරය පිළිගැනීමට සමහරු අකමැති වුණේ ඇයි?

යේසුස්ගේ මරණය හා පළමු ශතවර්ෂයේ මැදපෙරදිග ජීවත් වූ අයගේ සංස්කෘතිය ගැන අදහස් දක්වමින් ලේඛකයෙක් වන තුන්වන බෙන් විදරිංටන් මෙසේ පැවසුවා. “ඒ කාලයට අනුව එය ඉතා ලැජ්ජාසහගත මරණයක්. ඔහු මිය ගියේ ආගම වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන කෙනෙක් මිය යන ආකාරයට නොවෙයි. කෙනෙක් මිය යන ආකාරයෙන් ඔහු කොයි වගේ පුද්ගලයෙක්ද කියා එදා සිටි ජනයා තීරණය කළා. යේසුස් මිය ගිය ආකාරය නිසා ඔවුන් සිතුවේ ඔහු රාජද්‍රෝහියෙක් කියායි. එමෙන්ම වහලෙකුට ලැබෙන දඬුවම ඔහුට ලැබිය යුතුයි කියා ඔවුන් සිතුවා.” එදා සිටි ජනයාට තිබුණේ එවැනි ආකල්පයක් බව යේසුස්ගේ අනුගාමිකයන් හොඳින් දැන සිටියා. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය නම් ගොතපු කතාවක් කියන්න තිබුණා. නමුත් ඔවුන් එසේ කළේ නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න