ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 5/1 32 පි.
  • “ඔබේ සිත ආරක්ෂා කරගන්න!”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔබේ සිත ආරක්ෂා කරගන්න!”
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 5/1 32 පි.

“ඔබේ සිත ආරක්ෂා කරගන්න!”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුව

සිකුරාදා දවසේ තේමාව

“යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි”—1 සාමුවෙල් 16:7.

සෙනසුරාදා දවසේ තේමාව

“කෙනෙකුගේ මුවින් පිට වන්නේ ඔහුගේ සිත තුළ පිරී ඇති දෙයයි”—මතෙව් 12:34.

ඉරිදා දවසේ තේමාව

‘මුළු හදවතින්ම [යෙහෝවා දෙවිට] සේවය කරන්න’—1 ලේකම් 28:9.

බයිබලයේ සිත යන වචනය බොහෝ තැන්වල සඳහන් වී තිබෙනවා. බයිබලයේ සිත කියා පවසන විට ඊට මිනිසුන්ගේ සිතුවිලි, හැඟීම් හා ආශාවන් ඇතුළත් වෙනවා.

සිත ආරක්ෂා කරගත යුත්තේ ඇයි? බයිබලයේ සඳහන් මේ දෙයින් ඊට හේතුව පැහැදිලියි. “සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. මන්ද ජීවනය නික්මෙන්නේ එයින්ය.” (හිතෝපදේශ 4:23) දැනුත් අනාගතයේදීත් සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට නම් අපේ සිත ආරක්ෂා කරගත යුතුයි. ඊට හේතුව දෙවිට අපේ සිතේ තිබෙන දේ දැකගැනීමට හැකි වීමයි. (1 සාමුවෙල් 16:7) දෙවි බලන්නේ මිනිසුන්ගේ ‘ඇතුළාන්තයයි.’—1 පේතෘස් 3:4.

අපේ සිත ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මෙවර පවත්වන දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීමෙන් ඔබට ඊට පිළිතුර දැනගත හැකියි. එහි තේමාව “ඔබේ සිත ආරක්ෂා කරගන්න” යන්නයි. එම සමුළුව පැවැත්වෙන දින තුනටම සහභාගි වන ලෙස අප ඔබට ආරාධනා කරනවා.a යෙහෝවා දෙවිගේ සිත සතුටු කරන ආකාරයෙන් ජීවත් වෙන්නේ කොහොමද කියා ඔබට එයින් ඉගෙනගත හැකියි.—හිතෝපදේශ 27:11.

[පාදසටහන]

a ඔබට ළඟම තිබෙන සමුළුව පැවැත්වෙන ස්ථානය දැනගැනීම සඳහා www.pr418.com වෙබ් අඩවියට පිවිසෙන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වීමෙන් හෝ මෙම සඟරාවේ සඳහන් ලිපිනයට ලිවීමෙන්ද ඒ ගැන වැඩි විස්තර දැනගැනීමට ඔබට හැකියි.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photo on right: Aus dem Fundus der MÜNCHNER OLYMPIAPARK GMBH, München

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න