ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 6/1 9 පි.
  • ‘සදාකාල ජීවනයට’ මඟ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘සදාකාල ජීවනයට’ මඟ
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දැනුත් සදහටමත් දැනුම ලබාගැනීම
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මිනිස්වර්ගයාට දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම අවශ්‍යය
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලය—එහි නියම වටිනාකම කුමක්ද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට සන්තෝෂවත් අනාගතයක් භුක්ති විඳිය හැකියි!
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 6/1 9 පි.

‘සදාකාල ජීවනයට’ මඟ

“සදාකාල ජීවනය ලබාගැනීමට ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගැනීමයි.”—යොහන් 17:3.

මාස නවයක් වයසැති නූහූ හිටිහැටියේම අසනීප වුණා. නූහූගේ මව පවුල් සෞඛ්‍ය සේවිකාවක් නිසා ඒ අවස්ථාවේදී කළ යුතු හොඳම දේ කුමක්ද කියා ඇය දැන සිටියා. ඇය සීනි සහ ලුණු වතුරේ දිය කර දරුවාට පෙව්වා. “දරුවාගේ අසනීපය සුව වුණේ ඇය පමා නොවී දුන් අත් බෙහෙත නිසයි” කියා යුනිසෙෆ් ආයතනය ප්‍රකාශ කළා.

බයිබලයේ සඳහන් තොරතුරු නිවැරදිව තේරුම්ගැනීමෙන්ද ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා එහි සඳහන් “දේවල් කිසි වැදගැම්මකට නැති දේවල් කියා කෙදිනකවත් නොසිතන්න. ඔබේ ජීවිත රඳා පවතින්නේ ඒ මතයි.”—ද්විතීය කතාව 32:47.

බයිබලයේ නිවැරදි අනාවැකි, ඉතිහාසය සහ වෛද්‍ය උපදෙස් සඳහන් බව අපි කලින් ලිපිවලින් බැලුවා. ඒ වගේම එහි අදහස් එකිනෙක ගැළපෙන බවත් අදටත් අදාළ වන මඟ පෙන්වීම් එහි සඳහන් බවත් සලකා බැලුවා. ඒ කරුණු අනුව එය අද්විතීය පොතක් කියා පැවසිය හැකියි. මිනිසුන්ට මේ පොළොවේ සදාකාලයටම ජීවත් වීමට අවස්ථාව ලැබෙන බවත් බයිබලයේ සඳහන් වෙනවා. ඒ ගැන තවදුරටත් සොයා බලන්න ඔබ කැමති නැද්ද?

බයිබලයේ සඳහන් තොරතුරු නිවැරදිව තේරුම්ගැනීමෙන් දැනුත් අනාගතයේදීත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට හැකියි. ඔබ ඒ ගැන දැනගැනීමට කැමති නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වන්න ඔබට පුළුවන්.

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මෙම වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සඳහන් වන්නේ බයිබලයේ පමණයි.

• අප මෙහි ජීවත් වන්නේ ඇයි?

• මෙතරම් දුක් වේදනා පවතින්නේ ඇයි?

• මිය ගිය අයව නැවත දැකගන්න පුළුවන්ද?

බයිබලයේ සඳහන් එම පිළිතුරු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොතෙන් සොයාගත හැකියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න