ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 1/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවියන්ගේ නම
    2017 පිබිදෙව්!
  • දෙවිගේ නම දැනගන්න ඕනේ ඇයි?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන්ට නමක් තියෙනවද?
    බයිබලයෙන් උත්තර
  • ඔබ දෙවියන්ගේ නම දන්නවාද? ඒක පාවිච්චි කරනවාද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 1/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

දෙවි පියාණන්ගේ නම මොකක්ද?

අපි හැමෝටම නමක් තියෙනවා. ගෙදර ඇති කරන සුරතල් සතුන්ටත් අපි නම් දානවා. එහෙම බලද්දී දෙවියන්ටත් නමක් තියෙන්න ඕනේ කියලා ඔයා හිතන්නේ නැද්ද? බයිබලයේ දෙවියන්ව එක එක විදිහට හඳුන්වලා තියෙනවා. උදාහරණයකට සියලු බලැති දෙවි, විශ්වයේ පාලකයාණන් හා නිර්මාතෘ කියලා දෙවියන්ව හඳුන්වනවා. හැබැයි ඒ එකක්වත් දෙවියන්ගේ නම නෙමෙයි.—යෙසායා 42:8 කියවන්න.

හුඟක් බයිබල්වල ගීතාවලිය 83:18 (හෝ 17) දෙවියන්ගේ නම සඳහන් වෙලා තියෙනවා. ශුද්ධ බයිබලය—නව ලොව පරිවර්තනය කියන බයිබලයේ ඒ පදය තියෙන්නේ මෙහෙමයි. “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.” දෙවි පියාණන්ගේ නම යෙහෝවා කියලා ඒකෙන් පැහැදිලියි.

අපි දෙවියන්ගේ නම පාවිච්චි කරන්න ඕනේ ඇයි?

කිට්ටු මිතුරන් එකිනෙකාගේ නම පාවිච්චි කරනවා

අපි එහෙම කරන්න ඕනේ දෙවියන්ගේ නම පාවිච්චි කරනවට දෙවියන් කැමති නිසයි. ඒ වගේම යේසුස් මේ පොළොවේ ඉන්න කොටත් දෙවියන්ගේ නම අනිත් අයට කියලා දීලා ඒ නම පාවිච්චි කරන්න කියලා දිරිගැන්නුවා. එහෙමනම් අපි දෙවියන්ගේ නම පාවිච්චි කරන එක වැදගත් නැද්ද?—මතෙව් 6:9; යොහන් 17:26 කියවන්න.

බයිබලයේ කියනවා අපිට දෙවියන්ගේ මිතුරෙක් වෙන්න පුළුවන් කියලා. හැබැයි දෙවියන්ගේ මිතුරෙක් වෙන්න නම් ඔහුගේ නම විතරක් දැනගෙන මදි. ඔහු මොන වගේ කෙනෙක්ද කියලත් අපි දැනගන්න ඕනේ. දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා ඔයාට බයිබලයෙන් දැනගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න