මුල් පිටුවෙන් | මිනිසුන්ව දෙවියන්ගෙන් ඈත් කරන අසත්‍ය ඉගැන්වීම්
දෙවියන්ට ප්‍රේම කරන්න සමහරුන්ට අමාරු ඇයි?
“‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’ උතුම්ම සහ පළමුවෙනි ආඥාව එයයි.”—යේසුස් ක්‍රිස්තුස්, ක්‍රිස්තු වර්ෂ 33.a
සමහර අයට දෙවියන් ගැන ආදරයක් නැත්තේ ඔහු තේරුම්ගන්න බැරි, ළං වෙන්න බැරි, නපුරු කෙනෙක් කියලා හිතෙන නිසයි. එහෙම හිතපු තුන්දෙනෙක්ගේ අදහස් බලන්න.
- “මම නිතරම දෙවියන්ට යාච්ඤා කළා. ඒත් දෙවියන්ට ළං වෙන්න පුළුවන් කියලා නම් හිතුවේ නැහැ. මට හිතුණේ දෙවියන් හැඟීම් දැනීම් නැති, තේරුම්ගන්න බැරි කෙනෙක් කියලයි.”—මාර්කො, ඉතාලිය. 
- “දෙවියන්ට සේවය කරන්න මට උවමනාවක් තිබුණා. හැබැයි මම හිතාගෙන හිටියේ දෙවියන් වැරදි කරන අයට දඬුවම් කරන නපුරු කෙනෙක් කියලයි. දෙවියන් අනුකම්පා කරන කෙනෙක් කියලා නම් මම හිතුවේ නැහැ.”—රෝසා, ග්වාතමාලාව. 
- “පොඩි කාලේ මම හිතුවේ දෙවියන් අපේ වැරදි හොයලා දඬුවම් කරන්න බලාගෙන ඉන්නවා කියලයි. පස්සේ මට හිතුණා දෙවියන්ට අපි ගැන කිසි තැකීමක් නැහැ කියලා. ඒ නිසා මම දෙවියන්ව දැක්කේ කිසි සැලකිල්ලක් නැති පාලකයෙක් වගෙයි.”—රේමොන්ඩ්, කැනඩාව. 
දෙවියන් තමන්ට ආදරේ නැහැ කියලා සියවස් ගාණක් තිස්සේ මිනිසුන්ට හිතිලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 500 හා 1500 අතර කාලයේ ක්‍රිස්තියානීන් කියලා කියාගත්ත හුඟක් අය දෙවියන්ට යාච්ඤා කරන එක නතර කළේ ඔහු ගැන ලොකු බයක් තිබුණ නිසයි. ඉතිහාසඥයෙක් ඒ ගැන මෙහෙම කිව්වා. “දෙවියන් ගැන ලොකු බයක් තියෙන කෙනෙක් කොහොමද ඔහුට යාච්ඤා කරන්නේ?”
දෙවියන්ට ළං වෙන්න බැහැ කියලා මිනිසුන් හිතන්නේ ඇයි? දෙවියන් ගැන බයිබලයේ කියන්නේ මොකක්ද? දෙවියන් ගැන සත්‍යය දැනගන්න එක ඔහුට ප්‍රේම කරන්න උදව් වෙයිද?