ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 7/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යාච්ඤාව තුළින් දෙවිට ළංවීම
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යාච්ඤාවෙන් දෙවියන්ට ළං වෙන්න
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • යාච්ඤාවෙන් දෙවිට ළං වන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 7/1 16 පි.
වැඩිහිටි කෙනෙක් යාච්ඤා කරනවා

පැනයට පිළිතුර බයිබලයෙන්

අපි යාච්ඤා කරන්න ඕන ඇයි?

අපේ හැම කාරණයක් ගැනම දිනපතාම යෙහෝවා දෙවියන්ට කියනවාට ඔහු කැමතියි. (ලූක් 18:1-7) ඒකට හේතුව ඔහු අපි ගැන සැලකිලිමත් වීමයි. අපේ ස්වර්ගික පියාණන් යාච්ඤාවෙන් හැම දෙයක්ම කියන්න කියලා කියනවා නම් අපි එහෙම කරන්න ඕන නේද?—ෆිලිප්පි 4:6 කියවන්න.

යාච්ඤා කරන්න ඕන උදව් ලබාගන්න විතරක් නෙමෙයි දෙවියන්ට ළං වෙන්නයි. (ගීතාවලිය 8:3, 4) දිගටම අපේ හැඟීම් දෙවියන්ට කියනවා නම් ඔහු එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන්.—යාකොබ් 4:8 කියවන්න.

යාච්ඤා කරන්න ඕන කොහොමද?

කටපාඩමින් යාච්ඤා කරනවාටවත් ලොකු ලොකු වචන කියලා යාච්ඤා කරනවාටවත් දෙවියන් කැමති නැහැ. ඒ වගේම විශේෂ ඉරියව්වකින් යාච්ඤා කරන්න අවශ්‍යත් නැහැ. දෙවියන් කැමති අපි මුළු හදවතින්ම ඔහුට යාච්ඤා කරනවාටයි. (මතෙව් 6:7) උදාහරණයකට හන්නා ඇගේ හිතේ තිබුණු ලොකු ප්‍රශ්නයක් ගැන යාච්ඤා කළා. ප්‍රශ්නෙට උත්තරේ ලැබුණාම ඇය මුළු හදවතින්ම ස්තුති කරමින් දෙවියන්ට යාච්ඤා කළා.—1 සාමුවෙල් 1:10, 12, 13, 26, 27; 2:1 කියවන්න.

යාච්ඤාව මොන තරම් උතුම් වරප්‍රසාදයක්ද! අපේ ප්‍රශ්න ගැන කියන්න පුළුවන්. ඔහු අපි වෙනුවෙන් කරන දේවලට ස්තුති කරන්නත් ප්‍රශංසා කරන්නත් පුළුවන්. යාච්ඤා කරන්න ලැබිලා තියෙන වරප්‍රසාදය සුළු නොකරමු.—ගීතාවලිය 145:14-16 කියවන්න.

වැඩි විස්තර දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 17වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියේ තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න