ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 12/15 16 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ටිම්ගෑඩ් - වැලිකතරේ සැඟවුණු නගරයක්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සිරියැක් “පෙෂිට්ටා” මුල් බයිබල් පරිවර්තනයක්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට මතකද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට මතකද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 12/15 16 පි.

ඔබට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

ආදාහනය කිරීම ක්‍රිස්තියානීන්ට සුදුසුද?

ආදාහනය කරනවද නැද්ද කියන දේ පෞද්ගලිකව ගන්න ඕනෙ තීරණයක්. ඒ ගැන බයිබලේ කෙළින්ම සඳහන් වෙන්නේ නැතත් සාවුල් රජුගේ සහ යොනාතාන්ගේ මළ සිරුරු පුළුස්සා ඇටකටු වැළලුවා කියලා බයිබලේ සඳහන් වෙනවා. (1 සාමු. 31:2, 8-13)—6/15, 7වන පිටුව.

නරක දේවල් කරන්නේ දෙවියන් නෙමෙයි කියලා අපිට ස්ථීර ඇයි?

යෙහෝවා දෙවි කරන හැම දෙයක්ම ධර්මිෂ්ඨයි. ඒ වගේම ඔහු යුක්තිය ඉටු කරන, විශ්වාසවන්ත, ප්‍රතිපත්තිගරුක දෙවි කෙනෙක්. ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත පියෙක්. (ද්වි. 32:4; ගීතා. 145:17; යාකො. 5:11)—7/1, 4වන පිටුව.

ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගිහින් සේවය කරන අය මුහුණ දෙන අභියෝග මොනවද?

එහෙම අය අභියෝග තුනකට මුහුණ දෙනවා. (1) ජීවන රටාව, (2) පවුලේ අයගෙන් ඈත් වෙලා ඉද්දී දැනෙන පාළුව, (3) තත්වයන්ට හුරු වීම. ඒ අභියෝගවලට හොඳින් මුහුණ දීපු හුඟදෙනෙක් මේ වෙනකොට ආශීර්වාද රැසක් අද්දකිනවා.—7/15, 4-5 පිටු.

යෝසෙප්ගේ සහෝදරයන් එයාත් එක්ක තරහෙන් හිටියේ ඇයි?

යාකොබ් ඔහුට විශේෂ සැලකිල්ලක් දැක්වුව එක ඒකට එක හේතුවක්. ඔහු යෝසෙප්ට විශේෂ ඇඳුමක් මහලා දුන්නම ඒ ගැන ඊර්ෂ්‍යා කරපු සහෝදරයන් ඔහුව වහල්කමට වික්කා.—8/1, 11-13 පිටු.

මිනිසුන්ගේ හදවතට කාවදින විදිහට පහසුවෙන්ම කතා කරන්න අලුත් පත්‍රිකා උදව් වෙන්නේ කොහොමද?

අලුත් පත්‍රිකාවල තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ එකම ක්‍රමයකටයි. හැම පත්‍රිකාවකම ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට ගෙහිමියා මොන උත්තරය දුන්නත් පත්‍රිකාවේ ඇතුල් පිටුවට පෙරළලා ඒ ගැන බයිබලේ කියන දේ අපිට පෙන්නන්න පුළුවන්. අඩු ගාණේ එක බයිබල් පදයක් හරි කියවන්න ඒ නිසා අපිට පුළුවන්. ඒ වගේම ඊළඟ සැරේ සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්නෙකුත් ඒකේ සඳහන් වෙනවා.—8/15, 13-14 පිටු.

සිරියැක් “පෙෂිට්ටා” කියන්නේ මොකක්ද?

ක්‍රි.ව. දෙවන හෝ තුන්වන සියවසේදී ප්‍රචලිත වුණ සිරියැක් භාෂාව ඇරමයික භාෂාවේ උපභාෂාවක්. පෙනෙන විදිහට ග්‍රීක ලියවිල්ලේ සමහර කොටස් මුලින්ම පරිවර්තනය කරලා තියෙන්නේ සිරියැක් භාෂාවෙනුයි. සිරියැක් භාෂාවෙන් තිබුණු ශුද්ධ ලියවිල්ලේ පරිවර්තනය හැඳින්නුවේ “පෙෂිට්ටා” කියලයි.—9/1, 13-14 පිටු.

දරුවන්ව රැකබලා ගන්න නම් දෙමව්පියන් කරන්න ඕනෙ මොනවද?

දරුවන්ට හොඳින් ඇහුම්කන් දීලා ඒගොල්ලන්ව තේරුම්ගන්න. බයිබලේ තියෙන තොරතුරුවලින් එයාලව පෝෂණය කරන්න. එයාලට හොඳ මඟ පෙන්වීම් දෙන්න. විශේෂයෙන්ම සත්‍ය ඉගැන්වීම් ගැන එයාලගේ හිතේ සැකයන් තියෙනවා කියලා තේරුණොත් එයාලට ආදරෙන් උදව් කරන්න.—9/15, 18-21 පිටු.

දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලෙදී නැති වෙන්නේ මොන වගේ දුක් වේදනාද?

එදාට ලෙඩ රෝග, මරණය, රැකියා ප්‍රශ්න, යුද්ධ, ආහාර හිඟකම්, දිලිඳුකම නැහැ.—10/1, 6-7 පිටු.

යේසුස් එක්ක රජකම් කරන්න තවත් අයට අවස්ථාව දුන්න ගිවිසුම මොකක්ද?

යේසුස් අවසන් පාස්කුව සැමරුවට පස්සේ ඔහුගේ විශ්වාසවන්ත ගෝලයන් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. ඒකට කියන්නේ රාජ්‍යයක් සඳහා ඇති කරගත් ගිවිසුම කියලයි. (ලූක් 22:28-30) ඒ විශ්වාසවන්ත ගෝලයන් ඔහුත් එක්ක රජකම් කරනවා කියන දේට ඒක සහතිකයක්.—10/15, 16-17 පිටු.

යක්ෂයා ඇත්ත පුද්ගලයෙක් කියලා ඔප්පු වෙන්නේ බයිබලේ සඳහන් මොන සිද්ධි දෙකෙන්ද?

යේසුස්ව වරදකට පොලඹවන අරමුණින් සාතන් යේසුස් එක්ක කතා කළා කියලා බයිබලේ තියෙනවා. ඒ වගේම යෝබ්ගේ කාලෙදී සාතන්, දෙවි එක්ක කතා කළා කියලත් බයිබලේ තියෙනවා. සාතන් ඇත්ත පුද්ගලයෙක් කියලා ඒ වාර්තාවලින් ඔප්පු වෙනවා.—11/1, 4-5 පිටු.

ක්‍රියා 15:14 “තම නාමය දැරීමට සෙනඟක්” කියලා යාකොබ් යොමු දැක්වුවේ කාටද?

දෙවිගේ “ශ්‍රේෂ්ඨ ගතිගුණ සෑම තැනකම ප්‍රකාශ කිරීම” සඳහා යුදෙව් සහ යුදෙව් නොවන අයගෙන් දෙවි තේරාගත් විශේෂ ජාතියටයි. (1 පේතෘ. 2:9, 10)—11/15, 24-25 පිටු.

ටිම්ගෑඩ් නගරේ තිබුණේ කොහෙද? එහේ හිටපු අයට තිබුණේ මොන වගේ ආකල්පයක්ද?

ටිම්ගෑඩ් කියන්නේ (දැන් ඇල්ජීරියාව) උතුරු අප්‍රිකාවේ රෝමවරුන් ඉදි කරපු විශාල නගරයක්. කැණීම් කරපු පුරාවිද්‍යාඥයන්, ඒ නගරෙන් කැටයමක් හොයාගත්තා. “දඩයම් කරලා, නාලා, සෙල්ලම් කරලා, හිනා වෙලා ඉන්න පුළුවන් මේ ජීවිතේ තමයි නියම ජීවිතේ!” කියලා ඒකේ කොටලා තිබුණා. ඔවුන් හිතපු විදිහ 1 කොරින්ති 15:32, 33 තියෙන අදහසට සමානයි.—12/1, 8-10 පිටු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න