ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 3/1 12 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යාකොබ් ආත්මික සාරධර්ම අගය කළා
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වසර පුරා කාර්යබහුල එඬේරුන්
    2011 පිබිදෙව්!
  • සියලු ජාතීන්ට පණිවිඩය පැතිරෙන්න දොරගුලු ඇරෙයි
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යාකොබ් හාරානයට යයි
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 3/1 12 පි.

ඔබ දැන සිටියාද?

රෝම පුරවැසියෙක් වුණ එක පාවුල්ට වාසියක් වුණේ කොහොමද?

පාවුල් සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලනවා

‘මට සීසර්ගෙන් තීන්දුවක් අවශ්‍යයි’ කියලා පාවුල් කිව්වා

රෝම පුරවැසියෙකුට අධිරාජ්‍යයේ කොහේ හිටියත් විශේෂ අයිතිවාසිකම් හා වරප්‍රසාද තිබුණා. ඔහු යටත් වුණේ රෝම නීතියට මිස වෙනත් පළාතක නීතිවලට නෙමෙයි. ඔහුට විරුද්ධව චෝදනාවක් තිබුණොත් ඔහුගේ ප්‍රදේශයේ අධිකරණයේ පෙනී ඉන්න පුළුවන්කම තිබුණත් ඕන නම් ඔහුට රෝම අධිකරණයේ තීන්දුවක් ඉල්ලන්න හැකියාව තිබුණා. ඒ වගේම මරණ දණ්ඩනය නියම වුණ කෙනෙක්ට අධිරාජ්‍යයාගෙන් තීන්දුවක් ඉල්ලන්නත් අයිතියක් තිබුණා.

ක්‍රිස්තු පූර්ව 1වෙනි සියවසේ රෝම පාලකයෙක් වුණ සිසෙරෝ මෙහෙම කිව්වා. “රෝම පුරවැසියෙක්ව බැඳ දමන එක අපරාධයක්, ඔහුට කසයෙන් තළන එක දුෂ්ටකමක් සහ ඔහුව මරණයට පත් කරන එක ඔහුගේම දෙමව්පියෙක්ව හරි කිට්ටු නෑදෑයෙක්ව හරි මරනවා වගේ දෙයක්.”

පාවුල් රෝම අධිරාජ්‍යයේ දේශනා කරද්දී තුන් වතාවක් රෝම පුරවැසිභාවයෙන් ප්‍රයෝජන ගත්තා. (1) තමන්ට පහර දෙන එක රෝම පුරවැසියෙක් හැටියට තමාගේ අයිතිවාසිකම උල්ලංගනය කිරීමක් කියලා ඔහු ෆිලිප්පි අධිකරණයේදී කිව්වා. (2) යෙරුසලමේදී කස පහර කෑමෙන් වළකින්න ඔහු රෝම පුරවැසියෙක් කියන එක හෙළි කළා. (3) නඩු තීන්දුව දෙන්න ඔහුව රෝම අධිරාජ්‍යයා වන සීසර් ළඟට ගෙනියන්න කියලා ඉල්ලා සිටියා.—ක්‍රියා 16:37-39; 22:25-28; 25:10-12.

අතීතයේදී එඬේරුන්ට කුලිය ගෙව්වේ කොහොමද?

බැටළුවන් හා එළුවන් මිල දී ගැනීම ගැන සඳහන් පුරාණ ගිවිසුමක්

ක්‍රි.පූ. 2050දී විතර, බැටළුවන් හා එළුවන් මිල දී ගැනීම ගැන සඳහන් ගිවිසුමක්

අතීතයේ හිටිය යාකොබ් අවුරුදු 20ක් පුරා ඔහුගේ මාමා වුණ ලාබන්ගේ බැටළුවන් බලාගත්තා. මාමාගේ දූවරු දෙන්නාව විවාහ කරගන්න ඔහු අවුරුදු 14ක් සේවය කළා. ඊළඟ අවුරුදු 6දී කරපු සේවයට කුලිය හැටියට සත්ව රැළක් ලැබුණා. (උත්පත්ති 30:25-33) සඟරාවක මෙහෙම කියනවා. “අතීතයේ බයිබලයේ කොටස් ලියපු අයටත් ඒවා කියවපු අයටත් ලාබන් සහ යාකොබ් අතර ඇති වුණා වගේ ගිවිසුම් හුරු පුරුදු ඒවා වෙන්න ඇති.”—Biblical Archaeology Review.

ඉරාකයේ ලාර්සා, නූසි සහ වෙනත් නගරවලින් ඒ වගේ ගිවිසුම් හොයාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ගිවිසුමක් වලංගු වුණේ අවුරුද්දකටයි. ඒ කියන්නේ බැටළු ලොම් කපන කාල දෙකක් අතරයි. රැකබලා ගන්න තිබුණ ගැහැනු හා පිරිමි සතුන් ගණන සහ උන්ගේ වයස් මට්ටම් ගිවිසුමේ සටහන් කරලා තිබුණා. අවුරුද්දකට පස්සේ ගිවිසුමට අනුව ලොම්, කිරි නිෂ්පාදන හා පැටවුන් රැළේ අයිතිකරුට දුන්නා. අමතරව ලැබුණ දේවල් අයිති වුණේ එඬේරුන්ටයි.

රැළේ වැඩි වීම රැඳිලා තිබුණේ බැටළුදෙනුන්ගේ ගාණ මතයි. බැටළුදෙනුන් සීයකගෙන් පැටවුන් 80ක් විතර බලාපොරොත්තු වුණා. ඒ ගාණ අඩු වුණොත් පාඩුව දරාගන්න සිද්ධ වුණේ එඬේරාටයි. ඒ නිසා රැළ හොඳින් රැකබලා ගන්න ඔවුන් පෙලඹුණා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න