ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 4/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 4/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

මිනිසුන්ගේ අනාගතය මොන වගේ එකක් වෙයිද?

වෙනත් ජාතියකට අයත් වැඩිහිටි කාන්තාවකට සැලකිල්ල දක්වන පවුලක්

යේසුස් දිවි පිදුව එකෙන් අනිත් අය ගැන සැලකිලිමත් සමාජයක් ගොඩනඟන්න පුළුවන් වෙන්නේ කොහොමද?

මිනිසුන් දවසින් දවස විද්‍යාව අතින් දියුණු වෙනවා. ඒත් ඔවුන්ට පුළුවන් වෙයිද අනිත් අය ගැන සැලකිලිමත් මිනිසුන් ඉන්න සමාජයක් ගොඩනඟන්න? බැහැ. තණ්හාවෙන් පිරුණු, ආත්මාර්ථකාමී මිනිසුන්ගෙන් මේ ලෝකේ පිරිලා. ඒත් ඉදිරියේදී දෙවියන් ප්‍රීතිමත් කාලයක් ගේනවා.—2 පේතෘස් 3:13 කියවන්න.

බයිබලයේ කියනවා එකිනෙකාට ප්‍රේම කරන මිනිස් සමාජයක් අනාගතයේදී බිහි වෙනවා කියලා. එදාට කවුරුත් අනිත් අයට හානි කරන්නේ නැහැ. හැමෝම සුරක්ෂිතව ජීවත් වෙනවා.—මීකා 4:3, 4 කියවන්න.

ආත්මාර්ථකාමී හැඟීම් නැති වෙන්නේ කොහොමද?

දෙවියන් මුල් මිනිසාව නිර්මාණය කළේ ආත්මාර්ථකාමී හැඟීම් ඇතුව නෙවෙයි. ඒත් ඔහු දෙවියන්ට අකීකරු වෙලා පාපය උරුම කරගත්තා. ඔහුගෙන් අපිටත් ආත්මාර්ථකාමිකම වගේ ගුණාංග උරුම වුණා. ඒ වුණත් දෙවියන් යේසුස් මාර්ගයෙන් මිනිසුන්ව පාපයෙන් ගලවගන්නවා.—රෝම 7:21, 24, 25 කියවන්න.

මුල් මිනිසාගේ අකීකරුකම නිසා නරක ප්‍රතිඵල ඇති වුණත් මිනිසුන්ව බේරගන්න යේසුස් කැමැත්තෙන්ම දිවි පිදුවා. (රෝම 5:19) ඔහු ඒ විදිහට මිනිසුන්ට ලස්සන අනාගතයක් ලබා දෙන්න මාර්ගය විවර කළා. ඒ කාලයේදී ආත්මාර්ථකාමී හැඟීම් වගේ වැරදි හැඟීම් මිනිසුන් තුළ තියෙන්නේ නැහැ.—ගීතාවලිය 37:9-11 කියවන්න.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 5වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න