ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 5/1 9 පි.
  • ඔබ දැන සිටියාද? - 2015 මැයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද? - 2015 මැයි
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දානියෙල් සිංහ වළේ
    මගේ බයිබල් කතන්දර පොත
  • අප්‍රිකාවේ විශිෂ්ට කේශර සිංහයෝ
    1999 පිබිදෙව්!
  • බයිබලයේ සත්‍යතාව පුරාවිද්‍යාවෙන් ඔප්පු වෙයිද?
    2007 පිබිදෙව්!
  • විශ්වාස කළ හැකි පොතක්—2වන කොටස
    2010 පිබිදෙව්!
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 5/1 9 පි.

ඔබ දැන සිටියාද?

බයිබල් වාර්තා සත්‍යයි කියලා ඔප්පු වෙලා තියෙනවාද?

ඇසිරියාවේ 2වෙනි සර්ගොන් රජුව දක්වන කැටයමක්

ඇසිරියාවේ 2වෙනි සර්ගොන් රජු ගැන යෙසායා 20:1 සඳහන් වෙනවා

අඩුම තරමින් බයිබලයේ හෙබ්‍රෙව් ලියවිල්ලේ සඳහන් පුද්ගලයන් “50දෙනෙක්වත්” ඇත්තටම හිටියා කියලා පුරාවිද්‍යාඥයන් හොයාගෙන තියෙන දේවලින් සනාථ වෙනවා කියලා සඟරාවක තියෙනවා. (Biblical Archaeology Review) ඒ අය අතරින් 14දෙනෙක් යුදයේ සහ ඊශ්‍රායෙලයේ හිටිය රජවරුන්. ප්‍රසිද්ධියක් ඉසිලුව දාවිත් හා හෙසකියා රජවරුත් එතරම් ප්‍රසිද්ධ නැති මෙනහෙම් සහ පේකා කියන රජවරුත් ඊට ඇතුළත්. පාරාවෝවරු 5දෙනෙක් වගේම ඇසිරියාවේ, බැබිලෝනියේ, මෝවබ්වල, පර්සියාවේ සහ සිරියාවේ රජවරුන් 19දෙනෙකුත් ඒ අතර හිටියා. ඒත් බයිබලයේ සහ පුරාවිද්‍යාවෙන් හොයාගත්ත වාර්තාවල තියෙන්නේ රජවරුන් ගැන විතරක්ම නෙමෙයි. උත්තම පූජකයන්, ලියන්නන් සහ වෙනත් නිලධාරීන් ගැනත් සඳහන් වෙනවා.

ඒ හැම කෙනෙක් ගැනම පැහැදිලි තොරතුරක් දෙන්න පුළුවන් සාක්ෂි තියෙනවා කියන එකට “විද්වතුන් හුඟදෙනෙක් එකඟ වෙනවා” කියලත් ඒ සඟරාවේ කියනවා. ඒ වගේම ඉතිහාසයේ හිටිය හුඟදෙනෙක් ගැන ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලිවලත් සඳහන් වෙනවා. හෙරොද්, පොන්තියුස් පිලාත්, ටයිබීරියස්, කායෆස් සහ සර්ජියස් පාවුලස් වගේ කීපදෙනෙක් ගැනත් පුරාවිද්‍යාවෙන් සාක්ෂි හොයාගෙන තියෙනවා.

ඊශ්‍රායෙල් දේශයේ සිංහයන් වඳ වෙලා ගියේ කොයි කාලෙද?

ඔප දැමූ ගඩොලින් තැනුව තාප්පයක තියෙන සිංහ රූපයක්

පුරාණ බැබිලෝනි නගරයේ ඔප දැමූ ගඩොලින් තැනුව තාප්පයක්

ඊශ්‍රායෙල් දේශයේ අද සිංහයන් නැතත් බයිබල් ලේඛකයන් සිංහයන් ගැන 150 වතාවක් විතර බයිබලයේ කියලා තියෙනවා. ඒත් හුඟක් වෙලාවට සඳහන් වෙන්නේ සංකේත අර්ථයකින්. හැබැයි සැම්සන්, දාවිත් සහ බෙනායා ඇත්තටම සිංහයන්ව මැරුවා කියලා සඳහන් වෙනවා. (විනිශ්චයකරුවෝ 14:5, 6; 1 සාමුවෙල් 17:34, 35; 2 සාමුවෙල් 23:20) ඒ වගේම, සිංහයනුත් මිනිසුන්ව මැරුවා කියලා සඳහන් වෙනවා.—1 රාජාවලිය 13:24; 2 රාජාවලිය 17:25.

අතීතයේ ආසියාතික සිංහයා (Panthera leo persica) සුළු ආසියාවේ සහ ග්‍රීසියේ ඉඳලා පලස්තීනය, සිරියාව, මෙසපොතේමියාව සහ වයඹදිග ඉන්දියාව දක්වා පැතිර ගිය ප්‍රදේශයක ඉඳලා තියෙනවා. පුරාණ ඊශ්‍රායෙලයේ හා අවට දේශවල හිටිය අය සිංහයාට බය වුණා විතරක් නෙමෙයි ඌව ගෞරවයෙනුත් සැලකුවා. පුරාණ බැබිලෝනියේ ප්‍රධාන මාර්ගය දෙපැත්තේ ඔප දැමූ ගඩොලින් තැනුව තාප්පවල කැපීපෙනෙන විදිහට සිංහ රූප දක්වලා තිබුණා.

ක්‍රිස්තු වර්ෂ 12වෙනි සියවස අගභාගයේ කුරුස යුද්ධවලට හවුල් වුණ සෙබළුන් පලස්තීනයේ හිටිය සිංහයන්ව දඩයම් කළා. ක්‍රිස්තු වර්ෂ 1300න් ටික කාලෙකට පස්සේ ඒ ප්‍රදේශයේ සිංහයන්ව දකින්න ලැබිලා නැති තරම්. ඒ වුණත් 19වෙනි සියවස දක්වා මෙසපොතේමියාවේ සහ සිරියාවෙත් 20වෙනි සියවසේ මුල් භාගයේදී ඉරානයේ සහ ඉරාකයෙත් සිංහයන් ඉඳලා තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න