ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 10/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දිළිඳුකමේ සිරකරුවෝ
    1998 පිබිදෙව්!
  • දුගීකම නැති කිරීමට ගත් වෑයම්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දිළිඳුකමේ නිමාව ළඟා වෙයි
    1998 පිබිදෙව්!
  • දිලිඳුකමට නිමාවක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 10/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

දිලිඳුකම කවදා හරි නැති වෙයිද?

පුංචි දැරියව තුරුල් කරගත්ත කාන්තාවක් හිස් භාජනයක් අතේ තියාගෙන ඉන්නවා

දෙවියන් ලෝකයෙන් දිලිඳුකම නැති කරන්නේ කොහොමද?—මතෙව් 6:9, 10.

අන්ත දුගීකම නිසා හැම අවුරුද්දකම මිලියන ගණන්දෙනා මන්දපෝෂණයට සහ ලෙඩ රෝගවලට ගොදුරු වෙලා මැරෙනවා. ලෝකයේ ධනවත් රටවල් තිබුණත් මිනිසුන්ගෙන් වැඩිහරියක් ඉන්නේ දිලිඳුකමින්. දිලිඳුකම එදා ඉඳන්ම තිබුණ දෙයක් කියලා බයිබලයේ කියනවා.—යොහන් 12:8 කියවන්න.

දිලිඳුකම නැති කරන්න නම් ලෝකෙටම එක ආණ්ඩුවක් තියෙන්න ඕනේ. ලෝකයේ සම්පත් සාධාරණව බෙදාහරින්නත් දිලිඳුකමට ප්‍රධාන හේතුවක් වන යුද්ධ නැති කරන්නත් ඒ ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ. මුළු ලෝකෙටම ඒ වගේ ආණ්ඩුවක් ගේනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.—දානියෙල් 2:44 කියවන්න.

දිලිඳුකම නැති කරන්න පුළුවන් කාටද?

මිනිස් වර්ගයාව පාලනය කරන්න දෙවියන් පත් කරලා තියෙන්නේ ඔහුගේ පුතා වන යේසුස්වයි. (ගීතාවලිය 2:4-8) යේසුස් පීඩාවලින් හා සැහැසික ක්‍රියාවලින් දිලිඳුන්ව ගලවගන්නවා.—ගීතාවලිය 72:8, 12-14 කියවන්න.

අනාවැකිවල කියලා තියෙන විදිහට “සමාදානයේ කුමාරයා” වන යේසුස් මුළු ලෝකයම සාමය හා සුරක්ෂිතභාවය පිරි තැනක් කරනවා. එදාට හැමෝම තමන්ගේම ගෙවල්වල ජීවත් වෙනවා. වැඩවලින් නියම සතුටක් ලබනවා. කෑම බීමවලිනුත් අඩුවක් නැහැ.—යෙසායා 9:6, 7; 65:21-23 කියවන්න.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 8වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න