පටුන
ජූනි 27, 2016–ජූලි 3, 2016 සතිය සඳහා
අපි පව්කාරයන් නිසා අපේ සහෝදරයන් එක්ක මතභේද ඇති වෙන්න පුළුවන්. ඒවා ආදරෙන් විසඳගෙන, සමාදානයෙන් ඉන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මේ ලිපියේ කතා කරනවා.
ජූලි 4-10, 2016 සතිය සඳහා
8 ‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට දේශනා කරන්න’
මතෙව් 24:14 යේසුස් කියපු අනාවැකිය ඉටු කරන එකම සෙනඟ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා තේරුම්ගන්න මේ ලිපිය අපිට උදව් කරනවා. තම අනුගාමිකයන් “මිනිසුන් අල්ලන්නන්” වෙනවා කියද්දී යේසුස් අදහස් කළේ මොකක්ද කියලත් පැහැදිලි කරනවා.—මතෙ. 4:19.
ජූලි 11-17, 2016 සතිය සඳහා
13 තීරණයක් ගන්න වෙද්දී ඔයා මොකක්ද කරන්නේ?
තීරණයක් ගන්න වෙද්දී ඔයාට හරියි කියලා හිතෙන දේ කරනවද නැත්නම් ඔයා කරන්න ඕනෙ මොනවද කියලා වෙන අයගෙන් අහනවද? යෙහෝවා දෙවි හිතන විදිහට හිතන්න පුරුදු වුණොත් හොඳ තීරණ ගන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියේ පෙන්නනවා.
ජූලි 18-24, 2016 සතිය සඳහා
18 පෞද්ගලිකත්වය වෙනස් කරන්න ඔයා තවමත් බයිබලේට ඉඩ දෙනවද?
බව්තීස්ම වෙන්න කලින් ඔයා ජීවිතේ ලොකු වෙනස්කම් කරලා ඇති. ඒත් යෙහෝවා දෙවිව සහ යේසුස්ව කිට්ටුවෙන් අනුගමනය කරන්න නම් ඔයාගේ පෞද්ගලිකත්වයේ යම් යම් වෙනස්කම් කරගන්න ඕනෙ කියලා තේරුණත් ඒක අමාරුයි කියලා ඔයාට දැනෙනවද? ඒක අමාරු ඇයි කියලත් ඔයාට උදව් කරන්න බයිබලේට පුළුවන් කොහොමද කියලත් මේ ලිපියේ පෙන්නලා දෙනවා.
ජූලි 25-31, 2016 සතිය සඳහා
23 දෙවි ලබා දෙන හැම සැපයුමකින්ම ප්‍රයෝජන ගන්න
යෙහෝවා දෙවි අපිට ලබා දෙන හැම සැපයුමකින්ම ප්‍රයෝජන ගන්නේ කොහොමද සහ අපි පරෙස්සම් වෙන්න ඕනෙ පැත්තක් ගැන මේ ලිපියේ පෙන්නලා තියෙනවා.