ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 ජනවාරි 32 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිගේ අනුමැතිය ඇති සේවකයා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “යෙහෝවාගේ ව්‍යවස්ථාව පරිපූර්ණය”
    යෙහෝවාට ළං වන්න
  • “මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා”
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 ජනවාරි 32 පි.

ඔබ දැන සිටියාද?

අතීතයේ ජීවත් වුණ ඊශ්‍රායෙල්වරු එදිනෙදා ඇති වුණ ප්‍රශ්න විසඳගන්න මෝසෙස්ට දුන්න නීතියේ තිබුණ ආඥා අදාළ කරගත්තාද?

ඔව්. සමහර වෙලාවලදී අදාළ කරගත්තා. මේ උදාහරණය බලන්න. ද්විතීය කතාව 24:14, 15 මෙහෙම කියනවා. ‘කුලියට යම් වැඩක් කරගැනීමට ඔබේ සහෝදරයෙකුව හෝ ඔබේ දේශයේ පදිංචි වී සිටින විදේශිකයෙකුව ගන්න ඔබට හැකියි. නමුත් ඔහු දිලිඳු හෝ අසරණ කෙනෙක් වූ පළියට ඔහුගෙන් අයුතු ප්‍රයෝජන ගන්න එපා. ඔබ එසේ කළොත් එය පාපයක්. ඔබ කළ ඒ අසාධාරණය ගැන ඔහු යෙහෝවා දෙවිට කන්නලව් කරයි.’

මැටි බඳුනක කැබලි

සේවකයා කළ ආයාචනය සඳහන් වෙන මැටි බඳුනේ කැබලි

ඒ වගේ අසාධාරණයකට මුහුණ දුන්න කෙනෙක් වෙනුවෙන් ලියපු ආයාචනයක් අෂ්දොද් නගරය අසලින් සොයාගත්ත මැටි බඳුනක කැබලිවල සඳහන් වෙනවා. ඒක ක්‍රි.පූ. හත්වෙනි සියවසට අයිති බඳුනක්. ඒ ආයාචනය කරලා තියෙන්නේ පොරොන්දු වුණ ධාන්‍ය ප්‍රමාණය ලබා දෙන්න අසමත් වුණා කියලා චෝදනාවක් ලබපු සේවකයෙක් වෙන්න ඇති. එහි සඳහන් වෙන්නේ මෙහෙමයි. “දින කීපයකට පෙර ඔබේ සේවකයා [පැමිණිලිකරු] අස්වැන්න ගබඩා කර අවසන් වූ පසු ෂෝබෙයිගේ පුත්‍රයා වූ හෝෂයාහූ ඔබේ සේවකයාගේ වස්ත්‍රය රැගෙන ගියා. දැඩි හිරු රශ්මිය මැද මා සමඟ අස්වැන්න නෙළන්න හවුල් වුණ මගේ සියලුම මිතුරන් මා කියන දේ ඇත්තක් බවට සාක්ෂි දරයි. මට කර තිබෙන්නේ බොරු චෝදනාවක්. මගේ වස්ත්‍රය නැවත ලබා දීම ආණ්ඩුකාරතුමාට අදාළ රාජකාරියක් නොවෙයි කියා සිතනවා නම් මා ගැන අනුකම්පා කර හෝ ඒ වස්ත්‍රය නැවත ලබා දෙන්න. ඔබේ සේවකයාට අහිමි වුණ වස්ත්‍රය ගැන කිසිවක් නොකර නිහඬව ඉන්න එපා.”

ඉතිහාසඥයෙක් කියන්නේ මෙහෙමයි. “සේවකයෙක් තමන්ගේ වස්ත්‍රය ආයෙත් ලබාගන්න කරන ආයාචනයකට වඩා දෙයක් ඒකෙන් කියවෙනවා. ඒක කියවද්දී තේරෙන්නේ පැමිණිලිකරුට බයිබලේ තියෙන ආඥා ගැන යම් අවබෝධයක් තිබුණා කියලයි. විශේෂයෙන්ම දුප්පතුන්ට අසාධාරණ විදිහට සලකන්න එපා කියලා ලෙවී කතාව සහ ද්විතීය කතාව පොත්වල සඳහන් තොරතුරු ඔහු දැනගෙන ඉන්න ඇති.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න