ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w18 ඔක්තෝබර් 32 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • “දෙවියන්ගේ බලයයි, අනුමැතියයි කිසිම අඩුවක් නැතුව ස්තේපන්ට ලැබුණා”
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • ස්තේපන්ට ගල් ගැසීම
    මගේ බයිබල් කතන්දර පොත
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 3 | වෛර කරන සිතුවිලි උගුල්ලලා දාන්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w18 ඔක්තෝබර් 32 පි.

ඔබ දැන සිටියාද?

දරුණු පීඩාවලට මුහුණ දෙන්න වෙද්දීත් ස්තේපන් සන්සුන්ව හිටියේ කොහොමද?

යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියේ සන්සුන්ව ඉන්න ස්තේපන්

විනිශ්චයකරුවන් 71දෙනෙක්ගෙන් හැදුණු යුදෙව්වන්ගේ ඉහළම අධිකරණය ආයෙත් රැස් වුණා. මාස කිහිපයකට කලින් උත්තම පූජක කායෆස්ගේ මූලිකත්වය යටතේ යේසුස්ව මරන්න තීන්දු කළෙත් ඒ මන්ත්‍රණ සභාවමයි. මේ වතාවේ කායෆස් එයාලව කැඳෙව්වේ ස්තේපන්ට විරුද්ධව නඩු විභාගයක් පවත්වන්න. (මතෙ. 26:57, 59; ක්‍රියා 6:8-12) තමන්ට විරුද්ධව බොරු චෝදනා එල්ල වෙද්දිත් හැමෝම පුදුම කරමින් ස්තේපන්ගේ මුහුණ ‘දේවදූතයෙකුගේ මුහුණ මෙන් දිස් වුණා.’—ක්‍රියා 6:13-15.

බය නැතුව සන්සුන්ව ඉන්න ස්තේපන්ට පුළුවන් වුණේ කොහොමද? ඒ වෙද්දී දෙවිගේ බලය එයා තුළ ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙමිනුයි තිබුණේ. මොකද මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙනියන්න කලින් එයා දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව දෙවිගේ වචනය උද්‍යෝගයෙන් උගන්වමින් හිටියා. (ක්‍රියා 6:3-7) නඩු විභාගය පවත්වද්දිත් ස්තේපන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වුණු නිසා අවශ්‍ය උපකාරය සහ සැනසීම එයාට ලැබුණා. (යොහ. 14:16) ඒ නිසා නඩු විභාගයට නිර්භීතව මුහුණ දෙන අතරතුරේදී හෙබ්‍රෙව් ලියවිල්ලෙන් පද 20ක් විතර මතක් කරගන්නත් එයාට පුළුවන් වුණා. (ක්‍රියා 7; යොහ. 14:26) යේසුස් දෙවිගේ දකුණු පැත්තේ ඉන්න ආකාරය දර්ශනයකින් දකින්න ලැබුණු නිසා එයාගේ විශ්වාසය තවත් ශක්තිමත් වුණා.—ක්‍රියා 7:54-56, 59, 60.

අපිටත් දරුණු පීඩා විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙයි. (යොහ. 15:20) හැමදාම දෙවිගේ වචනය කියවලා හිතට ගන්නවා නම්, දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙනවා නම් දෙවිගේ බලය අපි තුළත් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙයි. විරුද්ධවාදිකම්වලට සන්සුන්ව මුහුණ දෙන්න අවශ්‍ය ශක්තියත් අපිට ලැබෙයි.—1 පේතෘ. 4:12-14.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න