ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp19 අංක 1 4-5 පි.
  • දෙවියන්ගේ නම මොකක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ගේ නම මොකක්ද?
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවියන්ගේ නාමය අනර්ඝයි!
  • නාමයෙන් හෙළි වන දේ
  • දෙවියන්ගේ නම
    2017 පිබිදෙව්!
  • දෙවිගේ නම දැනගන්න ඕනේ ඇයි?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා යන ශ්‍රේෂ්ඨ නාමය ගෞරවයට පත් කරමු!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ නාමය
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp19 අංක 1 4-5 පි.

දෙවියන්ගේ නම මොකක්ද?

ඔයාට කෙනෙක්ව හඳුනාගන්න ඕනෙ නම් ඔයා මුලින්ම එයාගෙන් අහන්නේ “ඔයාගේ නම මොකක්ද” කියලා. ඒ ප්‍රශ්නේ ඔයා දෙවියන්ගෙන් ඇහුවොත් ඔහු මොනවා කියයිද?

“මාගේ නාමය යෙහෝවාය.”—යෙසායා 42:8.

ඔයා ඒ නම අහන්නේ ජීවිතේ පළවෙනි වතාවට නම් ඒ ගැන පුදුම වෙන්න එපා. මොකද අද තියෙන හුඟක් බයිබල් පරිවර්තනවලින් දෙවියන්ගේ නම අයින් කරලා ඒ වෙනුවට “ස්වාමීන්” කියලා සඳහන් කරලා තියෙනවා. ඒත් බයිබලයේ මුල් හෙබ්‍රෙව් අත්පිටපත්වල දෙවියන්ගේ නම 7,000 වාරයකටත් වඩා සඳහන් වුණා. දෙවියන්ගේ නම හෙබ්‍රෙව් භාෂාවෙන් ලිව්වේ ගාත්‍රාක්ෂර හතරකින්. (සිංහලෙන් - “ය්හ්ව්හ්.”) සිංහල භාෂාවෙන් ඒ නම උච්චාරණය කරන්නේ “යෙහෝවා” කියලයි.

මළ මුහුදේ ලියවිලිවල හෙබ්‍රෙව් භාෂාවෙන් දෙවියන්ගේ නම සඳහන් වෙනවා

මළ මුහුදේ ලියවිලිවල කොටසක් 1වෙනි සියවස, හෙබ්‍රෙව් භාෂාව

ටින්ඩේල්ගේ පරිවර්තනයේ ඉංග්‍රීසි භාෂාවෙන් දෙවියන්ගේ නම සඳහන් වෙනවා

ටින්ඩේල්ගේ පරිවර්තනය 1530, ඉංග්‍රීසි

රේනා වැලේරා පරිවර්තනයේ ස්පාඤ්ඤ භාෂාවෙන් දෙවියන්ගේ නම සඳහන් වෙනවා

රේනා වැලේරා පරිවර්තනය 1602, ස්පාඤ්ඤ භාෂාව

යූනියන් වර්ෂන් පරිවර්තනයේ දෙවියන්ගේ නම චීන භාෂාවෙන් සඳහන්

“යූනියන් වර්ෂන්” 1919, චීන භාෂාව

දෙවියන්ගේ නම පුරාණ හෙබ්‍රෙව් අත්පිටපත්වලත් සමහර බයිබල් පරිවර්තනවලත් දකින්න තියෙනවා

දෙවියන්ගේ නාමය අනර්ඝයි!

දෙවියන්ට තම නාමය අනර්ඝයි. තමන්ව හඳුන්වන්න “යෙහෝවා” කියන නාමය තෝරාගත්තේ දෙවියන් විසින්මයි. ඒ ගැන ඔහු කියන්නේ මෙහෙමයි. “සදහටම මගේ නාමය එයයි. පරම්පරාවෙන් පරම්පරාවට මා සිහි කරනු ලබන්නේ ඒ නාමයෙන්ය.” (නික්මයාම 3:15) දෙවියන්, ස්වාමීන්, සර්වබලධාරී යන යෙදුම්වලටත් මෝසෙස්, ආබ්‍රහම් වගේ නම්වලටත් වඩා වැඩි වාර ගණනක් “යෙහෝවා” කියන නම බයිබලයේ සඳහන් වෙලා තියෙනවා. දෙවියන් කැමතියි මිනිසුන් ඔහුගේ නම දැනගන්නවාට. ඒ නිසයි බයිබලයේ කියන්නේ “යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න” කියලා.—ගීතාවලිය 83:18.

යේසුස්ට දෙවියන්ගේ නාමය අනර්ඝයි. “ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියලා දෙවියන්ට යාච්ඤා කරන්න යේසුස් තම අනුගාමිකයන්ට ඉගැන්නුවා. (මතෙව් 6:9) ඒ වගේම යේසුස් දෙවියන්ට යාච්ඤා කරද්දීත් “පියාණෙනි, ඔබගේ නාමය ගෞරවයට පත් කරන්න” කියලා කිව්වා. (යොහන් 12:28) දෙවියන්ගේ නම ගෞරවයට පත් කරන එක යේසුස් තම ජීවිතයේ වැදගත්ම දේ විදිහට සැලකුවා. “මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා. ඒ ගැන ඉදිරියටත් දැනුම් දෙනවා” කියලා ඔහු යාච්ඤා කළා.—යොහන් 17:26.

දෙවියන්ගේ සේවකයන්ට ඔහුගේ නාමය අනර්ඝයි. “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවාගනු ඇත” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (යෝවෙල් 2:32) තමන්ගේ ගැලවීමට දෙවියන්ගේ නම දැනගන්න එක අත්‍යවශ්‍යයි කියලා අතීතයේ හිටපු දෙවියන්ගේ සේවකයන් තේරුම්ගත්තා. බයිබලයේ කියන්නේ “යෙහෝවා දෙවිගේ නාමය ශක්තිමත් බලකොටුවකි. ධර්මිෂ්ඨයා ඒ වෙත දුව ගොස් ආරක්ෂාව ලබයි” කියලා. (හිතෝපදේශ 18:10) ඒ නාමය නිසා සැබෑ දෙවියන්ට නමස්කාර කරන අයව හඳුනාගන්නත් පුළුවන්. බයිබලේ මෙහෙම කියනවා. “අන් අය තම තමන්ගේ දෙවිවරුන්ගේ කැමැත්තට අනුව ජීවත් වුණත් අපි සදහටම අපේ දෙවි වන යෙහෝවාගේ නාමය දරමින් ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වෙමු.”—මීකා 4:5; ක්‍රියා 15:14.

නාමයෙන් හෙළි වන දේ

දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා හෙළි වෙනවා. විද්වතුන් හුඟදෙනෙක් කියන්නේ යෙහෝවා කියන නමේ තේරුම “තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඉතා ක්‍රියාශීලීව කටයුතු කරන තැනැත්තා” කියලයි. යෙහෝවා කියන නමින් අදහස් වෙන දේ තේරුම්ගන්න දෙවියන්ම කිව්ව මේ දේ උදව් වෙනවා. ඔහු කිව්වේ “තමා කැමති දේ ඉටු කළ හැකි එකම තැනැත්තා මා බව මමම ඔප්පු කර පෙන්වමි” කියලයි. (නික්මයාම 3:14) යෙහෝවා කියන නමේ තේරුමට ඔහු නිර්මාතෘ කියන දේට වඩා දෙයක් ඇතුළත් වෙනවා. තම අරමුණ ඉටු කරන්න දෙවියන්ට ඕනෙම තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ සඳහා ඔහුගේ නිර්මාණ වුණත් යොදාගන්න පුළුවන්. පදවි නම්වලින් දෙවියන්ගේ බලතල, තනතුරු විස්තර කළත් දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා හොඳින්ම විස්තර කරන්නේ යෙහෝවා කියන ඔහුගේ පෞද්ගලික නාමයෙන් විතරයි.

දෙවියන් අපි ගැන සැලකිලිමත් කියලා හෙළි වෙනවා. දෙවියන්ගේ නමේ තේරුම දිහා බලද්දී ඔහු මිනිසුන් ඇතුළු තම නිර්මාණවල යහපත වෙනුවෙන් වගේම ඒවායේ පැවැත්ම වෙනුවෙනුත් දිගටම ක්‍රියා කරනවා කියලා පැහැදිලි වෙනවා. ඒ වගේම ඔහු කැමතියි අපි ඔහුට ළං වෙනවාට. (ගීතාවලිය 73:28) ඒ නිසයි දෙවියන්ම තම පෞද්ගලික නාමය මිනිසුන්ට දැනුම් දුන්නේ. ඔහු අපෙන් දුරස්ව ඉන්න, තේරුම්ගන්න බැරි කෙනෙක් කියලා හිතනවාට දෙවියන් කැමති නැහැ.

නාමය පාවිච්චි කරද්දී අපි දෙවියන්ට ආදරෙයි කියලා හෙළි වෙනවා. කෙනෙක්ව මුණගැහුණ මුල්ම වතාවේ ඔයා එයාට ඔයාගේ නම කියනවා කියලා හිතන්න. ඒත් ඔයාගේ නම කියලා කතා කරන එක එයා වුවමනාවෙන්ම මඟහරිනවා නම් ඔයාට කොහොම හිතෙයිද? යෙහෝවා දෙවියන් ඔහුගේ නාමය දැනුම් දීලා ඒ නමින් ඔහුට කතා කරන්න කියලා මිනිසුන්ට ආරාධනා කරනවා. ඒ නම පාවිච්චි කරනවා නම් දෙවියන්ට ළං වෙන්න අපේ හිතේ ලොකු ආශාවක් තියෙනවා කියලා පේනවා. ‘යෙහෝවා දෙවිගේ නාමය සිහි කරන’ අය ගැන ඔහු ගොඩක් සැලකිලිමත්.—මලාකි 3:16.

දෙවියන්ගේ නම දැනගන්න එක ඔහුව දැන හඳුනාගන්න ඔයා තියන මුල්ම පියවරයි. ඔහුට තවත් ළං වෙන්න නම් ඔහු මොන වගේ පුද්ගලයෙක්ද කියලා තේරුම්ගන්නත් ඕනේ.

දෙවියන්ගේ නම මොකක්ද? දෙවියන්ගේ නම යෙහෝවා. තමන්ගේ අරමුණ ඉටු කරගන්න දෙවියන්ට ඕනෙම තත්වයකට පත් වෙන්න පුළුවන් කියලා ඒ නමින් පැහැදිලි වෙනවා

දෙවියන්ව නිර්මාණය කළේ කවුද?

විශ්වයේ තියෙන හැම දෙයක්ම නිර්මාණය කළේ දෙවියන් නම් දෙවියන්ව නිර්මාණය කළේ කවුද? ඔයාත් කවදා හරි ඒ ගැන හිතලා තියෙනවාද?

විශ්වයට ආරම්භයක් තිබුණා කියලා විද්‍යාඥයන් පවා විශ්වාස කරනවා. ඒ අදහස බයිබලයේ සඳහන් මුල්ම වගන්තියටත් එකඟයි. එතන කියන්නේ “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය” කියලයි.—උත්පත්ති 1:1.

විශ්වය ඉබේම ඇති වෙන්න පුළුවන්ද? බැහැ. මොකද හැම දෙයක්ම ඇති වෙන්න හේතුවක් තියෙන්න ඕනේ. විශ්වයේ ආරම්භයට කලින් කිසිම කෙනෙක් හෝ දෙයක් තිබුණේ නැත්නම් විශ්වය ඇති වෙන්න විදිහකුත් නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ අසීමිත බලයක් තියෙන, සදහටම පවතින කෙනෙක් හෝ දෙයක් විශ්වයේ ආරම්භයට කලින් ඉඳන්ම පවතින්න ඕනෙ කියන එකයි. අපිට නොපෙනුණත් විශ්වයේ ආරම්භයට හේතු වුණ ඒ තැනැත්තා එකම සැබෑ දෙවියන් වන යෙහෝවායි.—යොහන් 4:24.

යෙහෝවා දෙවියන් ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි “පටන්ගැන්මක්වත් අවසානයක්වත් ඔබට නැත. කඳු බිහි වන්නත් පොළොව හා එහි ඇති සියල්ල සාදන්නත් කලින් ඔබ සිටියෙහිය.” (ගීතාවලිය 90:2) “පටන්ගැන්මේදී” විශ්වය ඇතුළු මේ හැම දෙයක්ම නිර්මාණය කළ යෙහෝවා දෙවියන්ට පටන්ගැන්මක්වත් අවසානයක්වත් නැහැ.—එළිදරව් 4:11.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න