ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w19 ජූලි 30-31 පි.
  • යේසුස් මැරුණේ මං වෙනුවෙන්මද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් මැරුණේ මං වෙනුවෙන්මද?
  • 2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යේසුස් කැමති අපි කොහොම හිතනවාටද?
  • පාවුල්ට උදව් වුණේ මොකක්ද?
  • දෙවියන් අපේ හිත ගැන අපිටත් වඩා දන්නවා
  • යෙහෝවා දෙවියන්ට ඔයාව හුඟක් වටිනවා!
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔබව සනසනවා
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාට ආදර්ශයක්—පාවුල්
    යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 2වන පොත
  • ජීවිත පූජාව ගැන හැම දවසකම ස්තුති කරන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w19 ජූලි 30-31 පි.
පංච කොටාගත්ත, ආභරණ ගොඩක් පැළඳගෙන ඉන්න කෙනෙක් එක්ක සහෝදරයන් දෙන්නෙක් බයිබල් පාඩමක් කරනවා

යේසුස් මැරුණේ මං වෙනුවෙන්මද?

“අප හා සමාන හැඟීම් ඇති” දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් හුඟදෙනෙකුට හැඟුණ විදිහ ගැන බයිබලේ තියෙනවා. (යාකො. 5:17) රෝම 7:21-24 පාවුල් කියන මේ දේ බලන්න. “මා හරි දේ කිරීමට කැමැත්තෙන් සිටියත් මා තුළින් ඉස්මතු වන්නේ වැරදි දේ කිරීමට තිබෙන නැඹුරුවාවයි. . . . මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද!” පාවුල් වගේ විශ්වාසවන්ත කෙනෙකුට ඒ වගේ හැඟුණා කියලා දැනගද්දී ඒක අපිට සහනයක්.

පාවුල් එයාට හැඟුණ තවත් දෙයක් ගැන ගලාති 2:20 සඳහන් කෙරුවා. යේසුස් ‘එයාට ප්‍රේම කර එයා වෙනුවෙන් තම ජීවිතය පුද කළා’ කියලා එයා විශ්වාසයෙන් කිව්වා. ඔයාටත් ඒ විදිහටම හැඟෙනවාද?

අතීතයේදී ඔයා අතින් වුණ වැරදි නිසා ඔයා වටින්නේ නැහැ කියලා ඔයාට හැඟෙනවා ඇති. යෙහෝවා දෙවියන් ඔයාට ආදරෙයි, ඔහු ඔයාට සමාව දුන්නා කියලා පිළිගන්න ඔයාට අමාරු ඇති. එහෙමනම් යේසුස්ගේ ජීවිත පූජාව ඔහු ඔයා වෙනුවෙන්ම දුන්න දෙයක් කියලා ඔයාට හැඟෙන්නේ නැතුව ඇති. ඒත් යේසුස් කැමති අපි ඔහුගේ ජීවිත පූජාව ගැන කොහොම හිතනවාටද? එහෙම හිතන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

යේසුස් කැමති අපි කොහොම හිතනවාටද?

යේසුස් කැමති ඔහුගේ ජීවිත පූජාව ඔයා වෙනුවෙන්ම දුන්න තෑග්ගක් කියලා ඔයා හිතනවාටයි. එහෙම කියන්නේ ඇයි? ලූක් 23:39-43 සඳහන් සිද්ධිය හිතින් මවාගන්න. යේසුස්ට එහා පැත්තෙන් තවත් වධකණුවක මිනිසෙක්ව ඇණ ගහලා ඉන්නවා. තමන් වරදක් කළා කියලා එයා පිළිගන්නවා. එයාගේ වරද බරපතළ එකක් වෙන්න ඕනේ. මොකද ඒ වගේ දඬුවමක් ලැබෙන්නේ දරුණු වැරදි කරපු අයට. දුකෙන් ඉන්න මේ මිනිසා යේසුස්ට මෙහෙම කියනවා. “ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වන විට මාව අමතක කරන්න එපා.”

අපරාධකරුවන් දෙන්නෙක් මැද වධකණුවක ඇණ ගහලා ඉන්න යේසුස්

යේසුස් මොනවාද කිව්වේ? ඒ අපරාධකරු දිහාවට අමාරුවෙන් ඔළුව හරවලා යේසුස් එයාට මෙහෙම කියනවා. “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා.” ඕනෙ නම් යේසුස්ට තිබුණා ‘මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි’ කියලා එයාට කියන්න. (මතෙ. 20:28) එහෙම කියනවා වෙනුවට යේසුස්ගේ ජීවිත පූජාව නිසා මේ අපරාධකරුට පෞද්ගලිකව ලැබෙන ප්‍රයෝජනය ගැනයි ඔහු කිව්වේ. යේසුස් යාළුවෙක්ට කතා කරනවා වගේ “ඔබ” සහ “මා” වගේ වචන පාවිච්චි කළා. පාරාදීසයේ ජීවත් වෙන්න එයාට අවස්ථාව ලැබෙනවා කියලයි යේසුස් කිව්වේ.

යේසුස්ට ඕනෙ වුණේ ඔහු පූජා කරන්න යන ඔහුගේ ජීවිතේ මේ කෙනා වෙනුවෙන්ම දෙන තෑග්ගක් කියලා එයා හිතනවාටයි. දෙවියන්ට සේවය කරන්න අවස්ථාව නොලැබුණු අපරාධකරුවෙක් ගැන යේසුස්ට එහෙම හැඟුණා නම් බව්තීස්ම වුණ දෙවියන්ගේ සේවකයෙක් ගැන යේසුස්ට එහෙම හැඟෙන්නේ නැද්ද? එහෙමනම් යේසුස්ගේ ජීවිත පූජාව මං වෙනුවෙන්ම දුන්න දෙයක් කියන විශ්වාසය තව වැඩි කරගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

පාවුල්ට උදව් වුණේ මොකක්ද?

යේසුස්ගේ ජීවිත පූජාව එයා වෙනුවෙන්ම දුන්න දෙයක් කියලා හිතන්න පාවුල්ට උදව් වුණේ මොකක්ද? එයා මෙහෙම කියනවා. “මට බලය දුන් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්ට මම ස්තුතිවන්ත වෙමි. මා එසේ කරන්නේ මට මෙම දේවසේවය පැවරීමෙන් ඔහු මා විශ්වාසවන්ත කෙනෙකු ලෙස සැලකූ නිසාය. කලින් මා දෙවිට අපහාස කළ කෙනෙකි.” (1 තිමෝ. 1:12-14) පාවුල් වැරදි කරලා තිබුණත් යේසුස් එයාට දුන්න පැවරුම නිසා යේසුස්ගේ දයාව, ආදරේ එයාට ලැබිලා කියලා පාවුල් තේරුම්ගත්තා. යේසුස්ට එයා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා කියලත් පාවුල්ට දැනුණා. යේසුස් අපි එක් එක් කෙනාටත් දේශනා කිරීමේ පැවරුම දීලා තියෙනවා. (මතෙ. 28:19, 20) එහෙමනම් අපිටත් පාවුල්ට හැඟුණා වගේ හැඟෙන්න ඕනෙ නේද?

සභා සාමාජිකත්වයෙන් ඉවත් කරලා අවුරුදු 34කට පස්සේ ආයෙත් දෙවියන්ට සේවය කරන්න පටන්ගත්ත ඇල්බට් මෙහෙම කියනවා. “මං කරපු වැරදි මට නිතරම මතක් වෙනවා. ඒත් මං සේවේ යද්දී මට හැඟෙනවා මේක යේසුස් මටම දුන්න පැවරුමක් කියලා. ඒක මට සතුටක්. මගේ ජීවිතේ ගැන, අනාගතය ගැන දැන් මට බයක්, කලකිරීමක් දැනෙන්නේ නැහැ.”—ගීතා. 51:3.

පංච කොටාගත්ත, ආභරණ ගොඩක් පැළඳගෙන ඉන්න කෙනෙක් එක්ක සහෝදරයන් දෙන්නෙක් බයිබල් පාඩමක් කරනවා

විවිධ පසුබිම්වලට අයිති අය එක්ක බයිබලේ පාඩම් කරද්දී යේසුස් එයාලට ආදරෙයි, එයාලට දයාව පෙන්නනවා කියන දේ කාවද්දන්න

ඇලන් කලින් හුඟක් අපරාධවලට සම්බන්ධ වුණ කෙනෙක්. එයා මෙහෙම කියනවා. “මං නිසා කීදෙනෙක් නම් වේදනාවට පත් වුණාද කියලා මට තවමත් මතක් වෙනවා. ඒ ගැන හිතද්දී මං කලකිරෙනවා. ඒත් ශුභාරංචිය ගැන අනිත් අයට කියන්න යෙහෝවා දෙවියන් මං වගේ පව්කාරයෙක්ට අවස්ථාව දුන්න එක ගැන මං ඔහුට ස්තුති කරනවා. මිනිස්සු සත්‍යය පිළිගද්දී යෙහෝවා දෙවියන් කොච්චර යහපත්, ආදරණීය දෙවි කෙනෙක්ද කියලා මට දැනෙනවා. මං ගත කළා වගේ ජීවිත ගත කරන අයට උදව් කරන්න දෙවියන් මාව පාවිච්චි කරනවා කියලයි මට දැනෙන්නේ.”

සේවයේ යද්දී අපි අපේ ශක්තිය යොදවන්නේ යහපත් දේකට. අපි හිතන්නේ යහපත් දේවල් ගැන. යේසුස්ගේ දයාව, ආදරේ අපිට ලැබිලා තියෙනවා කියලත් ඔහු අපිව විශ්වාස කරනවා කියලත් දේවසේවය නිසා අපිට තවත් ස්ථිර වෙනවා.

දෙවියන් අපේ හිත ගැන අපිටත් වඩා දන්නවා

අපි අතින් වුණ වැරදි නිසා අපි වටින්නේ නැහැ, දෙවියන් අපිට ආදරේ නැහැ කියන හැඟීම් එක්ක දුෂ්ට සමාජය තියෙන තාක් කල් අපිට සටන් කරන්න වෙයි. ඒකට අපිට උදව් වෙන්නේ මොකක්ද?

ජීන් තරුණ කාලේ දෙවියන්ට සේවය කරන ගමන් ගත කරපු දෙබිඩි ජීවිතය ගැන එයාගේ හිත නිතරම එයාට දොස් කියනවා. ඒත් “’අපට වඩා හොඳින් දෙවි අපගේ සිත් ගැන දන්නවා’ කියලා බයිබලේ සඳහන් දේ මට ලොකු සහනයක්” කියලා ජීන් කියනවා. (1 යොහ. 3:19, 20) අපි අතින් වැරදි වෙනවා කියලා යෙහෝවා දෙවියන් සහ යේසුස් තේරුම්ගන්නවා කියලා දැනගන්න ලැබුණ එක ජීන්ට වගේම අපිටත් සහනයක්. ජීවිත පූජාව කියන තෑග්ග දුන්නේ තමන් අතින් වැරදි වුණත් පසුතැවිලි වන මිනිසුන් වෙනුවෙන් මිසක් පරිපූර්ණ අය වෙනුවෙන් නෙමෙයි කියලා අමතක කරන්න එපා.—1 තිමෝ. 1:15.

යේසුස් මිනිසුන්ට සලකපු විදිහ ගැන හොඳට හිතද්දී, ඔහු අපිට දීලා තියෙන පැවරුම විශ්වාසවන්තව කරද්දී යේසුස්ගේ ජීවිත පූජාව ඔහු දුන්නේ ‘මං වෙනුවෙන්මයි’ කියන දේ අපිට තවත් ස්ථිර වෙයි. එතකොට යේසුස් “මට ප්‍රේම කර මා වෙනුවෙන් තම ජීවිතය පුද කළා” කියලා කියන්න අපිටත් පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න