ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/00 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2000 අපගේ රාජ්‍ය සේවාව
2000 අපගේ රාජ්‍ය සේවාව
km 4/00 7 පි.

නිවේදන

◼ අප්‍රියෙල් සහ මැයි මාසවල ඉදිරිපත් කරන පොත් පත්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුව දක්වන පුද්ගලයන්ට ඕනෑ කරන්නේ විවරණිකාව ලබා දී නිවාස බයිබල් පාඩම් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. ජූනි: දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමට වෑයම් කරන්න. ජූලි සහ අගෝස්තු: මතු දැක්වෙන පිටු 32 ඕනෑම විවරණිකාවක්: ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද?, පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, Should You Believe in the Trinity?, The Divine Name That Will Endure Forever, The Government That Will Bring Paradise, What Happens to Us When We Die?, ජීවිතයේ අරමුණ කුමක්ද? ඔබට එය දැනගත හැක්කේ කෙසේද? සහ ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට. යෝග්‍ය අවස්ථාවලදී මතු දැක්වෙන විවරණිකා ඉදිරිපත් කළ හැකියි: සියලුම ජනයා සඳහා පොතක්, අපගේ ගැටලු—ඒවා විසඳීමට අපට උපකාර කරනු ඇත්තේ කවුද?, මළ අයගේ ආත්ම—ඔබට උපකාර හෝ හානි කිරීමට ඔවුන්ට හැකි ද? ඔවුන් සැබවින් ම පවතී ද? සහ Will There Ever Be a World Without War?

◼ අප්‍රියෙල් 22වන සෙනසුරාදා විශේෂ සඟරා දිනය ලෙස නම් කර තිබෙනවා. සඟරා බෙදාහැරීමෙන් ශුභාරංචිය පතුරුවාලීම සඳහා දරන මෙම ප්‍රයත්නයට හවුල් වන්න කියා සියලුදෙනාවම දිරිගන්වන්න කැමතියි. සභා බොහොමයක් හැම ප්‍රචාරකයෙකුටම මෙදින සේවයේ හවුල් වීමට හැකි වන අයුරින් දවස පුරාම විවිධ තැන්වල ක්ෂේත්‍ර සේවය සඳහා එක්රැස් වන ස්ථාන සැලසුම් කරනවා.

◼ වසර 2000 දිස්ත්‍රික් සමුළුවේදී පළඳින බැජ් කාඩ්පත් ඉල්ලුමකින් තොරව සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂාවලින් පොත් පත් සැපයුම සමඟ එවනවා. එක් එක් සභාවේ ප්‍රමාණය අනුව 25 බැගින් වූ කොටස් වශයෙනුයි එවන්නේ. සභාවලට අමතර බැජ් කාඩ්පත් අවශ්‍ය නම් පොත් පත් ඉල්ලුම් පෝර්මය (S-14) යොදාගනිමින් ඉල්ලුම් කළ හැකියි. ප්ලාස්ටික්වලින් සාදා තිබෙන බැජ් කාඩ් රඳවනයන් අවශ්‍ය නම් ඒවාද ඉල්ලුම් කළ හැකියි.

◼ වර්ෂ 1951 සිට 1955 දක්වාත්, 1987, 1995 සහ 1996 මුරටැඹ බැඳි වෙළුම්ද 1987 සහ 1989 පිබිදෙව්! සඟරාවල බැඳි වෙළුම්ද සමිතිය සතුව තිබෙනවා. මේවා ලබාගත හැක්කේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් වන අතර, මේවා අවශ්‍ය කරන ප්‍රචාරකයන්ට හා අලුත් සභාවලට ඉල්ලුම් කළ හැකියි. ඉල්ලුම් කළ යුත්තේ පොත් පත් සේවක මාර්ගයෙනුයි.

◼ පසුගිය මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ නිවේදනවල සඳහන් වුණාක් මෙන් CD-ROMවල නිෂ්පාදනය කර තිබෙන Watchtower Library—1999 Edition දැන් භාෂා නවයකින් ලබාගත හැකියි. මේවා මහජනයාට හෝ පාසැල් පුස්තකාලවල භාවිතය සඳහා හෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන උනන්දුව දක්වන අයගේ ප්‍රයෝජනය සඳහා හෝ නොවන බව මතක තබාගන්න. Watchtower Library—1999 සභා සාමාජිකයන් සඳහා පමණක් බව සලකන්න. ඉල්ලුම් කළ හැක්කේ සභාව මගින් පමණයි. මෙම සංයුක්ත තැටි සභාවලට ලැබෙන තෙක් “ලැබීමට නියමිතයි (Pending)” යනුවෙන් සභා ඇසුරුම් ලැයිස්තුවේ දක්නට ලැබේවි.

◼ අලුතින් ලබාගත හැකි ප්‍රකාශන:

සාමකාමී නව ලොවක ජීවිතය (පත්‍රිකා අංක 15)—බෙන්ගෝලි

ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය—අරාබි

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ විශ්වාස කරන්නේ කුමක්ද? (පත්‍රිකා අංක 14)—බෙන්ගෝලි

ඔබට බයිබලය විශ්වාස කළ හැකි හේතු (පත්‍රිකා අංක 13)—බෙන්ගෝලි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න