2001 වසර සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන
උපදෙස්
2001 තුළදී දිව්‍යාණ්ඩු සේවා පාසැල පැවැත්විය යුතු පිළිවෙළ මතු දැක්වේ.
තොරතුරු මූලාශ්‍රය: ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය (ඉංග්‍රීසියෙන්) [bi12], මුරටැඹ [w], “මුළු ලියවිල්ල”—විශ්වාසවන්තය, ප්රයෝජනවත්ය [bsi00, 01] සහ සාකච්ඡා කිරීම සඳහා බයිබල් විෂයන් [td] යන පොත් පත් මත පදනම්ව මෙම පැවරුම් ලැබෙනු ඇත.
ගීතිකාව, යාච්ඤාව සහ කෙටි පිළිගැනීමේ ප්‍රකාශයක් සමඟින් නියමිත වේලාවට පාසැල ආරම්භ කළ යුතුයි. වැඩසටහනේ අඩංගු තොරතුරු කලින් සාරාංශ කිරීම අවශ්‍ය නැත. පාසැල් අවේක්ෂක සෑම කොටසකම ආරම්භයේදී කතාව හඳුන්වා දෙන විට, එහි තේමාව සඳහන් කරනු ඇත. පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරන්න.
පැවරුම් අංක 1: විනාඩි 15යි. මෙය වැඩිමහල්ලෙකු හෝ උපස්ථායක සේවකයෙකු විසින් හැසිරවිය යුතු අතර, එය මුරටැඹ හෝ “මුළු ලියවිල්ල”—විශ්වාසවන්තය, ප්රයෝජනවත්ය යන පොත මත පදනම් වනු ඇත. මුරටැඹ මත පදනම් වන විට, පුනරීක්ෂණයක් නොමැතිව විනාඩි 15කට පවත්වන උපදෙස් කතාවක් සේ මෙය ඉදිරිපත් කළ යුතුයි. “මුළු ලියවිල්ල” යන පොත මත පදනම් වෙද්දී, විනාඩි 10ත් 12ත් අතර කාලයක් තුළ පවත්වන කතාවක් හැටියට එය ඉදිරිපත් කළ යුතු අතර, අනතුරුව ප්රකාශනයෙහි තිබෙන මුද්‍රිත ප්‍රශ්න යොදාගනිමින් විනාඩි 3ත් 5ත් අතර කාලයකට සභාව සමඟ පුනරීක්ෂණය කළ යුතුයි. මෙහි පරමාර්ථය විය යුත්තේ, කරුණු පියවීම නොවේ. තොරතුරුවල ප්‍රායෝගික වටිනාකම අවධාරණය කළ යුතු අතර, සභාවට බෙහෙවින් උපකාරවත් වන දේවල් ඉස්මතු කොට දැක්විය යුතුය. දී ඇති තේමාව යොදාගත යුතුයි.
මෙම කතාව පැවරී ඇති සහෝදරයන් නියමිත කාල සීමාව තුළ එය නිම කිරීමට වගබලා ගත යුතුයි. උපදෙස් දීමට අවශ්‍ය නම් හෝ කථිකයා උපදෙස් ඉල්ලා සිටී නම්, පෞද්ගලිකව එය කළ යුතුයි.
බයිබල් කියවීමේ විශේෂාංග: විනාඩි 6යි. මෙය, සභාවේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන කරුණු බලපෑමෙන් යුතුව අදාළ කරමින්, වැඩිමහල්ලෙකු හෝ උපස්ථායක සේවකයෙකු විසින් ඉදිරිපත් කළ යුතු කතාවකි. එයට තේමාවක් අවශ්‍ය වන්නේ නැත. මෙය, කියවීමට නියමිතව තිබෙන කොටසේ සාරාංශයක් පමණක් නොවිය යුතුයි. තත්පර 30ත් 60ත් අතර කාලයකදී, පවරන ලද පරිච්ඡේදවල කෙටි සාරාංශයක් දීමට හැකියි. කෙසේවුවත්, මෙහි පරමාර්ථය වන්නේ අදාළ තොරතුරු අපට වටින්නේ ඇයි සහ කෙසේද යන්න ඒත්තුගැන්වීමට සභාවට උපකාර කිරීමයි. ඉන්පසු වෙනත් පාසැල් තිබේ නම්, පාසැල් අවේක්ෂක විසින් ශිෂ්‍යයන්ව අදාළ ශාලාවලට යවනු ලැබේ.
පැවරුම් අංක 2: විනාඩි 5යි. මෙය සහෝදරයෙකු විසින් ඉදිරිපත් කළ යුතු අතර, නියමිත බයිබල් කොටස කියවිය යුතුය. මෙය ප්‍රධාන පාසැලට හා උපපාසැල්වලටද අදාළ වනු ඇත. කතාව ආරම්භයේදී සහ අවසානයේදී ශිෂ්‍යයාට කෙටියෙන් කරුණු පැහැදිලි කිරීමට හැකි වන පරිදි කියවිය යුතු කොටස සාමාන්‍යයෙන් කෙටි කර තිබේ. මෙම කතාවේදී ඓතිහාසික තොරතුරු, අනාවැකි ඉටු වී ඇති ආකාරය හෝ ප්‍රතිපත්ති අදාළ වන ආකාරය එම කතාවට ඇතුළත් කළ හැකියි. හැඳින්වීමෙන් පසුව නියමිත සියලුම පද, එක දිගටම කියවිය යුතුයි. කියවීමට තිබෙන පද අනුපිළිවෙළකින් නොමැති විට, නැවතත් කියවීමට පටන්ගන්නා පදය සඳහන් කිරීමට ශිෂ්‍යයාට හැකි බව නොකිවමනාය.
පැවරුම් අංක 3: විනාඩි 5යි. මෙය සහෝදරියකට පවරනු ලැබේ. මෙම කතාව පදනම් වනු ඇත්තේ සාකච්ඡා කිරීම සඳහා බයිබල් විෂයන් නමැති පොත්පිංචය මතයි. අවිධිමත් සාක්ෂි දැරීමක්, නැවත බැලීමක් හෝ නිවාස බයිබල් පාඩමක් පවත්වන ආකාරය සැලැස්ම ලෙස යොදාගත හැකියි. සහභාගිවන්නන්ට ඉඳගෙන හෝ සිටගෙන සිටිය හැකියි. ශිෂ්‍යයා පවරා ඇති තේමාව ගොඩනඟන ආකාරය කෙරෙහිත්, ශිෂ්‍යයා නිවැසියාට ශුද්ධ ලියවිලි මත තර්ක කරන්න උපකාර කරන ආකාරය කෙරෙහිත් පාසැල් අවේක්ෂක විශේෂ අවධානයක් යොමු කරනු ඇත. මෙම කොටස සඳහා පැවරුම ලබන ශිෂ්‍යයාට කියවීමේ හැකියාව තිබිය යුතුයි. පාසැල් අවේක්ෂක විසින් එක් සහයකයෙකු නම් කරනු ලැබුවත්, අමතර සහයකයෙකුවත් උපයෝගි කරගත හැකියි. මූලිකවම සැලකිල්ල දිය යුත්තේ, තෝරාගන්නා සැලැස්මට නොව, කාවදින ලෙස බයිබලය උපයෝගි කරගන්නා ආකාරයටය.
පැවරුම් අංක 4: විනාඩි 5යි. මෙම පැවරුමේ විෂය පදනම් වනු ඇත්තේ මුරටැඹ සඟරාවක ලිපියක් මතයි. සාකච්ඡා කෙරෙන විෂය පැහැදිලිව තේරුම්ගැනීමට ශිෂ්‍යයා අදාළ තොරතුරු අධ්‍යයනය කළ යුතුයි. ඉන්පසු ශිෂ්‍යයා පවරා ඇති තේමාව ගොඩනැඟිය යුතු අතර, එයට ඇතුළත් කිරීම සඳහා යෝග්‍ය ශුද්ධ ලියවිලිමය පාඨ තෝරාගත යුතුයි. තේමාවට සම්බන්ධ වන බයිබල් ප්‍රතිපත්ති අවධාරණය කෙරෙන ශුද්ධ ලියවිලිමය පාඨද ඇතුළත් කළ හැක. මේ විෂයන් සලකා බලන්නේ ක්‍රිස්තියානි ගුණාංග විදහාපෑමෙන් සහ බයිබල් ප්‍රතිපත්ති තම ජීවිතයට අදාළ කරගැනීමෙන් නෙළාගත හැකි ප්‍රයෝජන පැහැදිලි කිරීමේ අරමුණෙනි. බයිබලයේ සඳහන් වන චරිතයක් ගැන සාකච්ඡා කරන විටත් මේ හා සමානව අදාළ කළ යුතුයි. පැවරුම් අංක 4 සහෝදරයෙකුට හෝ සහෝදරියකට පවරනු ලැබේ. සහෝදරයෙකුට පැවරූ විට, මෙය සැමවිටම කතාවක් ලෙස ඉදිරිපත් කළ යුතුයි. මෙම කොටස සහෝදරියකට පැවරූ විට, කරුණු ඉදිරිපත් කළ යුත්තේ පැවරුම් අංක 3හි සඳහන්ව ඇති පිළිවෙළටයි.
බයිබලය කියවීමේ වැඩසටහන: සතිපතා බයිබලය කියවීමේ වැඩසටහන අනුගමනය කිරීමට සභාවේ සෑම කෙනෙකුවම දිරිගන්වනු ලැබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ දවසකට පිටුවක් පමණ කියවීමයි.
සටහනක්: උපදෙස් දීම, නියමිත කාල සීමාව තුළ නිම කිරීම, ලිඛිත පුනරීක්ෂණය සහ පැවරුම් සූදානම් කිරීම පිළිබඳව අමතර කරුණු සහ උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම් 1996 ඔක්තෝබර් මස අපගේ රාජ්‍ය සේවාවේ 3වන පිටුව බලන්න.
වැඩසටහන
ජන. 1 බයිබල් කියවීම: 2 රාජාවලිය 13-16
ගීතිකා අංක 62
අංක 1: සමාව දීමක් ගැළවීම සඳහා මාවත විවර කරයි (w99 1/1 30-1 පි.)
අංක 2: 2 රාජාවලිය 14:1-14
අංක 3: දරුවන් සම්බන්ධයෙන් ක්‍රිස්තියානි දෙමාපියන්ට ඇති වගකීම (td 38ඇ)
අංක 4: ක්‍රිස්තියානීන් මහජන නින්දාවට මුහුණ දෙන අයුරු (w95 4/1 26-29 පි.)
ජන. 8 බයිබල් කියවීම: 2 රාජාවලිය 17-20
ගීතිකා අංක 116
අංක 1: භාරගැනීමට පහසු උපදෙස් (w99 1/15 21-4 පි.)
අංක 2: 2 රාජාවලිය 18:1-16
අංක 3: ක්‍රිස්තියානියෙක් විවාහ විය යුත්තේ ක්‍රිස්තියානියෙකු සමඟ පමණි (td 38ඈ)
අංක 4: අඛණ්ඩතාව පවත්වාගෙන ජීවත් වන්න! (w95 1/1 3, 4 පි.)
ජන. 15 බයිබල් කියවීම: 2 රාජාවලිය 21-25
ගීතිකා අංක 61
අංක 1: 2 රාජාවලිය—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi00 33-6 ඡේ.)
අංක 2: 2 රාජාවලිය 21:1-16
අංක 3: බහු භාර්යා සේවනය ශුද්ධ ලියවිල්ලට පටහැනිය (td 38ඉ)
අංක 4: ‘අසම ලෙස සම්බන්ධ නොවන්න’ (w95 11/15 31 පි.)
ජන. 22 බයිබල් කියවීම: 1 ලේකම් 1-5
ගීතිකා අංක 16
අංක 1: 1 ලේකම් පොතට හැඳින්වීම (bsi00 1-7 ඡේ.)
අංක 2: 1 ලේකම් 1:1-27
අංක 3: යේසුස්ගේ මව වූ මරියා, “දේව මෑණියෝ” නොවේ (td 26අ)
අංක 4: අතීතයේ දේවභක්තික පවුල් අපේ දවසට ආදර්ශයක් (w95 9/15 20-23 පි.)
ජන. 29 බයිබල් කියවීම: 1 ලේකම් 6-10
ගීතිකා අංක 73
අංක 1: සැබෑ නිහතමානීකම පෙන්වන අයුරු (w99 2/1 6-7 පි.)
අංක 2: 1 ලේකම් 9:1-21
අංක 3: මරියා “නිත්‍ය කන්‍යාවක්” නොවීය (td 26ආ)
අංක 4: වඩාත් හොඳ ජීවිතයක්—ළඟදීම! (w95 11/15 4-7 පි.)
පෙබ. 5 බයිබල් කියවීම: 1 ලේකම් 11-16
ගීතිකා අංක 65
අංක 1: දිරිගැන්වීමේ උල්පතක් වන්න (w99 2/15 26-9 පි.)
අංක 2: 1 ලේකම් 11:1-19
අංක 3: ස්වාමීන්ගේ රාත්‍රි භෝජනය සිහි කිරීම (td 42අ)
අංක 4: නියම ජීවනය ඉතා අගේ කොට සලකන්න (w95 1/15 3-7 පි.)
පෙබ. 12 බයිබල් කියවීම: 1 ලේකම් 17-23
ගීතිකා අංක 122
අංක 1: යටත්කම පැළඳගන්න (w99 3/1 30-1 පි.)
අංක 2: 1 ලේකම් 18:1-17
අංක 3: පූජාව ශුද්ධ ලියවිල්ලට පටහැනිය (td 42ආ)
අංක 4: ඔහු දිව්‍ය මඟ පෙන්වීම පිළිගත්තේය (w95 1/15 29-31 පි.)
පෙබ. 19 බයිබල් කියවීම: 1 ලේකම් 24-29
ගීතිකා අංක 119
අංක 1: 1 ලේකම්—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi00 22-5 ඡේ.)
අංක 2: 1 ලේකම් 29:1-13
අංක 3: සියලුම ක්‍රිස්තියානීන් දේවසේවකයන් විය යුතුය (td 13අ)
අංක 4: නිර්මාණශීලිත්වය—දෙවිගෙන් ලද නොමසුරු දීමනාවකි (w95 2/1 32 පි.)
පෙබ. 26 බයිබල් කියවීම: 2 ලේකම් 1-5
ගීතිකා අංක 168
අංක 1: 2 ලේකම් පොතට හැඳින්වීම (bsi00 1-6 ඡේ.)
අංක 2: 2 ලේකම් 1:1-17
අංක 3: දේවසේවය සඳහා තිබිය යුතු සුදුසුකම් (td 13ආ)
අංක 4: යේසුස්ගේ ප්‍රාතිහාර්යවලින් පාඩම් (w95 3/1 5-8 පි.)
මාර්තු 5 බයිබල් කියවීම: 2 ලේකම් 6-9
ගීතිකා අංක 103
අංක 1: කාංසාවට යට නොවන්න (w99 3/15 21-3 පි.)
අංක 2: 2 ලේකම් 8:1-16
අංක 3: ක්‍රිස්තියානීන්ට විරුද්ධවාදිකම් එල්ල වීමට හේතුව (td 37අ)
අංක 4: ඔබ යෙහෝවාට ප්‍රශංසා කරනු ඇද්ද? (w95 3/15 29-31 පි.)
මාර්තු 12 බයිබල් කියවීම: 2 ලේකම් 10-15
ගීතිකා අංක 59
අංක 1: ඔබේ සිතුවිලි හැඩගස්වන්නේ කවුද? (w99 4/1 20-2 පි.)
අංක 2: 2 ලේකම් 10:1-16
අංක 3: දෙවිගෙන් තමාව ඈත් කිරීමට භාර්යාව පුරුෂයාට ඉඩ නොදිය යුතුයි (td 37ආ)
අංක 4: ආගම ගැන සාකච්ඡා කිරීමෙන් ඇති වන යහපත කුමක්ද? (w95 4/1 4-8 පි.)
මාර්තු 19 බයිබල් කියවීම: 2 ලේකම් 16-20
ගීතිකා අංක 69
අංක 1: බාල් වන්දනාවට එරෙහිව ඔබේ හෘදය රැකගන්න (w99 4/1 28-31 පි.)
අංක 2: 2 ලේකම් 16:1-14
අංක 3: දෙවි සවන් දෙන යාච්ඤා (td 31අ)
අංක 4: කිසිවෙකු දුප්පත් නොවන කාලයක් ළඟදීම! (w95 5/1 4-7 පි.)
මාර්තු 26 බයිබල් කියවීම: 2 ලේකම් 21-25
ගීතිකා අංක 212
අංක 1: අගය ප්‍රකාශ කිරීමෙන් නොවළකින්න (w99 4/15 15-17 පි.)
අංක 2: 2 ලේකම් 22:1-12
අංක 3: එකම දේ නැවත නැවත කීම, මරියාට හෝ “ශුද්ධවන්තයන්ට” යාච්ඤා කිරීම නිෂ්ඵලය (td 31ආ)
අංක 4: ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් කුමක් වැය කිරීමට ඔබට සිදු වේද? (w95 5/1 28-31 පි.)
අප්‍රි. 2 බයිබල් කියවීම: 2 ලේකම් 26-29
ගීතිකා අංක 49
අංක 1: දෙවි “ඇද” ආකාරයකට කටයුතු කරයිද? (w99 5/1 28-9 පි.)
අංක 2: 2 ලේකම් 28:1-15
අංක 3: යේසුස්ගේ මිනිස් ජීවිතය “සියල්ලන් උදෙසා මිදීමේ මිලයක්” ලෙස ගෙවන ලදි (td 28අ)
අංක 4: සත්‍යය සෙවිය යුත්තේ මන්ද? (w95 7/1 5-8 පි.)
අප්‍රි. 9 බයිබල් කියවීම: 2 ලේකම් 30-33
ගීතිකා අංක 1
අංක 1: යෙහෝවාට ප්‍රශංසා කිරීමට මිනිසාට හැකි අයුරු (w99 5/15 21-4 පි.)
අංක 2: 2 ලේකම් 33:1-13
අංක 3: යේසුස්ගේ මිදීමේ මිලය අනුරූපී මිලයකි (td 28ආ)
අංක 4: දෙවි ලෝකය පාලනය කරයිද? (w95 7/15 3-7 පි.)
අප්‍රි. 16 බයිබල් කියවීම: 2 ලේකම් 34-36
ගීතිකා අංක 144
අංක 1: 2 ලේකම්—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi00 34-6 ඡේ.)
අංක 2: 2 ලේකම් 36:1-16
අංක 3: ඇත්තේ එක සැබෑ ආගමකි (td 4අ)
අංක 4: කැඩපත කුමක් හෙළි කරයිද? (w95 7/15 32 පි.)
අප්‍රි. 23 බයිබල් කියවීම: එස්රා 1-6
ගීතිකා අංක 90
අංක 1: එස්රා පොතට හැඳින්වීම හා ප්‍රයෝජනවත් වීමට හේතු (bsi01 1-7 ඡේ.; 14-18 ඡේ.)
අංක 2: එස්රා 4:1-16
අංක 3: බොරු ඉගැන්වීම් හෙළා දැකීම උචිතය (td 4ආ)
අංක 4: අඛණ්ඩ උත්සාහයේ විපාක (w95 8/1 25-29 පි.)
අප්‍රි. 30 ලිඛිත පුනරීක්ෂණය. බයිබල් කියවීම: එස්රා 7-10
ගීතිකා අංක 203
මැයි 7 බයිබල් කියවීම: නෙහෙමියා 1-5
ගීතිකා අංක 56
අංක 1: නෙහෙමියා පොතට හැඳින්වීම (bsi01 1-5 ඡේ.)
අංක 2: නෙහෙමියා 1:1-11
අංක 3: තම ආගම වැරදි බව ඔප්පු වූවොත් එයින් ඉවත් වීම අත්‍යවශ්‍යය (td 4ඇ)
අංක 4: අනතුරු සහිත අසල්වාසී පෙදෙසක ඔබට සුරැකිව සිටිය හැක්කේ කෙසේද? (w95 8/15 3-7 පි.)
මැයි 14 බයිබල් කියවීම: නෙහෙමියා 6-9
ගීතිකා අංක 155
අංක 1: ක්‍රිස්තියානි සභාව සැනසිල්ලේ උල්පතක් (w99 5/15 25-8 පි.)
අංක 2: නෙහෙමියා 9:1-15
අංක 3: “හැම ආගමක්ම හොඳයි” කියා පැවසුවත්, දෙවිගේ අනුමැතිය ඒවාට ඇති බවට එය සහතිකයක් නොවේ (td 4ඈ)
අංක 4: යේසුස් පිළිබඳ සැක යුක්තිසහගතද? (w95 8/15 8-11 පි.)
මැයි 21 බයිබල් කියවීම: නෙහෙමියා 10-13
ගීතිකා අංක 46
අංක 1: නෙහෙමියා—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi01 16-19 ඡේ.)
අංක 2: නෙහෙමියා 12:27-43
අංක 3: මළවුන් සඳහා ඇති බලාපොරොත්තුව (td 14අ)
අංක 4: කුරුල්ලන්ගෙන් හා මල්වලින් පාඩමක් (w95 9/15 32 පි.)
මැයි 28 බයිබල් කියවීම: එස්තර් 1-4
ගීතිකා අංක 38
අංක 1: එස්තර් පොතට හැඳින්වීම (bsi01 1-6 ඡේ.)
අංක 2: එස්තර් 1:1-15
අංක 3: ස්වර්ගික හෝ භූමික ජීවනයේ නැවත නැඟිටීමක් (td 14ආ)
අංක 4: දේවදූතයන් පිළිබඳ සත්‍යය (w95 11/1 4-8 පි.)
ජූනි 4 බයිබල් කියවීම: එස්තර් 5-10
ගීතිකා අංක 37
අංක 1: එස්තර්—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi01 16-18 ඡේ.)
අංක 2: එස්තර් 5:1-14
අංක 3: ක්‍රිස්තුස්ගේ නැවත පැමිණීම අදෘශ්‍යමානව සිදු වේ (td 8අ)
අංක 4: මුදල් ලැබෙන්නේ කොහෙන්ද? (w95 12/1 28-31 පි.)
ජූනි 11 බයිබල් කියවීම: යෝබ් 1-7
ගීතිකා අංක 84
අංක 1: යෝබ් පොතට හැඳින්වීම (bsi01 1-6 ඡේ.)
අංක 2: යෝබ් 1:6-22
අංක 3: ක්‍රිස්තුස්ගේ නැවත පැමිණීම භෞතික සිද්ධීන්ගෙන් හඳුනාගත හැක (td 8ආ)
අංක 4: අමනාපය පවතින්ට ඉඩ නොහරින්න (w95 12/1 32 පි.)
ජූනි 18 බයිබල් කියවීම: යෝබ් 8-14
ගීතිකා අංක 192
අංක 1: සාවුල්—ස්වාමීන් සඳහා තෝරාගන්නා ලද භාජනයක් (w99 5/15 29-31 පි.)
අංක 2: යෝබ් 8:1-22
අංක 3: ක්‍රිස්තියානීන් සබත පැවැත්වීමට බැඳී නැත (td 39අ)
අංක 4: ගැටලු පිරි ලොවක සාමය සෙවීම (w96 1/1 3-7 පි.)
ජූනි 25 බයිබල් කියවීම: යෝබ් 15-21
ගීතිකා අංක 81
අංක 1: තම පොරොන්දු සම්බන්ධයෙන් දෙවි ප්‍රමාද නැහැ (w99 6/1 4-7 පි.)
අංක 2: යෝබ් 17:1-16
අංක 3: සබත පැවැත්වීමට බැඳී සිටියේ පුරාණ ඉශ්‍රායෙලිතයන් පමණි (td 39ආ)
අංක 4: ගැළවීම සඳහා අප කුමක් කළ යුතුද? (w96 2/1 4-8 පි.)
ජූලි 2 බයිබල් කියවීම: යෝබ් 22-29
ගීතිකා අංක 173
අංක 1: ඔබේ දෘෂ්ටිය ඔබ පුළුල් කළ යුතුද? (w99 6/15 10-13 පි.)
අංක 2: යෝබ් 27:1-23
අංක 3: දෙවිගේ සබත් නිවාඩුව (මැවීමේ ‘සතියේ’ 7වන දවස) (td 39ඇ)
අංක 4: ගෝලයන් සෑදීමේදී ප්‍රීතිය සොයාගත හැකි ආකාරය (w96 2/15 19-22 පි.)
ජූලි 9 බයිබල් කියවීම: යෝබ් 30-35
ගීතිකා අංක 108
අංක 1: බයිබල් අනාවැකි ඔබට විශ්වාස කළ හැකි හේතු (w99 7/15 4-8 පි.)
අංක 2: යෝබ් 31:1-22
අංක 3: ගැළවීම යනු යේසුස්ගේ මිදීමේ පූජාව තුළින් දෙවි ලබා දෙන දෙයකි (td 9අ)
අංක 4: දෙවි ඔබ ගැන සැලකිලිමත් වෙයි (w96 3/1 3-7 පි.)
ජූලි 16 බයිබල් කියවීම: යෝබ් 36-42
ගීතිකා අංක 160
අංක 1: යෝබ්—ප්‍රයෝජනවත් වීමට හේතු (bsi01 39-43 ඡේ.)
අංක 2: යෝබ් 36:1-22
අංක 3: “අපි ගැළවීම ලබලා” යන ප්‍රකාශය ශුද්ධ ලියවිල්ලට පටහැනිය (td 9ආ)
අංක 4: කල්පවතින මිත්‍රත්වයන් භුක්ති විඳීමට ඔබට හැක (w96 3/15 4-6 පි.)
ජූලි 23 බයිබල් කියවීම: ගීතාවලිය 1-10
ගීතිකා අංක 5
අංක 1: ගීතාවලිය පොතට හැඳින්වීම—1 කොටස (bsi01 1-5 ඡේ.)
අංක 2: ගීතාවලිය 3:1–4:8
අංක 3: “සියලු ජනයා ගැළවෙයි” යන ඉගැන්වීම ශුද්ධ ලියවිල්ලට පටහැනිය (td 9ඇ)
අංක 4: “ඔබට විඳදරාගැනීම අවශ්‍යය” (w96 4/1 32 පි.)
ජූලි 30 බයිබල් කියවීම: ගීතාවලිය 11-18
ගීතිකා අංක 48
අංක 1: ගීතාවලිය පොතට හැඳින්වීම—2 කොටස (bsi01 6-11 ඡේ.)
අංක 2: ගීතාවලිය 11:1–13:6
අංක 3: පාපය යනු කුමක්ද? (td 17අ)
අංක 4: අවසානය දක්වා ඔබේ නිසැකකම පවත්වාගන්න (w96 5/1 21-24 පි.)
අගෝ. 6 බයිබල් කියවීම: ගීතාවලිය 19-26
ගීතිකා අංක 117
අංක 1: හිතකර අදහස් හුවමාරුව—සාර්ථක විවාහයකට යතුරක් (w99 7/15 21-3 පි.)
අංක 2: ගීතාවලිය 20:1–21:13
අංක 3: ආදම්ගේ පාපය නිසා සියල්ලන් දුක් විඳීමට හේතුව (td 17ආ)
අංක 4: ඔබ සමබර පුරෝගාමියෙක්ද? (w96 5/15 29-31 පි.)
අගෝ. 13 බයිබල් කියවීම: ගීතාවලිය 27-34
ගීතිකා අංක 130
අංක 1: පිලිප්—ජ්වලිත එවැන්ජලිස්තවරයෙක් (w99 7/15 24-5 පි.)
අංක 2: ගීතාවලිය 28:1–29:11
අංක 3: තහනම් ඵලයෙන් අකීකරුකම මිස, ලිංගික සම්බන්ධයක් අදහස් නොවේ (td 17ඇ)
අංක 4: ඔවුන් තම ශක්තිය ලබන්නේ කොතැනින්ද? (w96 5/15 32 පි.)
අගෝ. 20 බයිබල් කියවීම: ගීතාවලිය 35-39
ගීතිකා අංක 18
අංක 1: තුල්‍ය පීඩනය—එය ඔබේ වාසියට හරවාගත හැකිද? (w99 8/1 22-5 පි.)
අංක 2: ගීතාවලිය 38:1-22
අංක 3: ශුද්ධාත්මයට විරුද්ධව පව් කිරීම යනු කුමක්ද? (td 17ඈ)
අංක 4: අප දෙවිට යාච්ඤා කළ යුත්තේ කෙසේද? (w96 7/15 5-7 පි.)
අගෝ. 27 ලිඛිත පුනරීක්ෂණය. බයිබල් කියවීම: ගීතාවලිය 40-47
ගීතිකා අංක 91
සැප්. 3 බයිබල් කියවීම: ගීතාවලිය 48-55
ගීතිකා අංක 36
අංක 1: කෝපය ඔබට බාධාවට හේතුවක් කර නොගන්න (w99 8/15 8-9 පි.)
අංක 2: ගීතාවලිය 49:1-20
අංක 3: ප්‍රාණය යනු කුමක්ද? (td 21අ)
අංක 4: පිලිප් එතියෝපිය නිලධාරියෙකුව බව්තීස්ම කරයි (w96 7/15 8, 9 පි.)
සැප්. 10 බයිබල් කියවීම: ගීතාවලිය 56-65
ගීතිකා අංක 44
අංක 1: යක්ෂයා අපව රෝගාතුර කරනවාද? (w99 9/1 4-7 පි.)
අංක 2: ගීතාවලිය 59:1-17
අංක 3: ප්‍රාණය සහ ආත්මය අතර ඇති වෙනස (td 21ආ)
අංක 4: “සිංහයෙකුගේ සිත මෙන් සිතක්” ඔබ සතු කරගත හැක (w96 7/15 32 පි.)
සැප්. 17 බයිබල් කියවීම: ගීතාවලිය 66-71
ගීතිකා අංක 210
අංක 1: “යහපත් කොටස” තෝරාගන්න (w99 9/1 30-1 පි.)
අංක 2: ගීතාවලිය 69:1-19
අංක 3: ශුද්ධාත්මය යනු කුමක්ද? (td 5අ)
අංක 4: බයිබලය දෛවය පිළිබඳ විශ්වාසය උගන්වයිද? (w96 9/1 3-7 පි.)
සැප්. 24 බයිබල් කියවීම: ගීතාවලිය 72-77
ගීතිකා අංක 217
අංක 1: ඔබේ පොරොන්දු ඉටු කළ යුත්තේ මන්ද? (w99 9/15 8-11 පි.)
අංක 2: ගීතාවලිය 73:1-24
අංක 3: ජීව බලය සඳහා ආත්මය යන වචනයද යොදයි (td 5ආ)
අංක 4: සියලුම ආගම් දෙවිව සතුටු කරාවිද? (w96 9/15 3-7 පි.)
ඔක්. 1 බයිබල් කියවීම: ගීතාවලිය 78-81
ගීතිකා අංක 88
අංක 1: හික්මවීම පිළිගනිමින් ප්‍රඥාව ලබාගන්න (w99 9/15 12-15 පි.)
අංක 2: ගීතාවලිය 78:1-22
අංක 3: භූතවාදය ප්‍රතික්ෂේප කළ යුත්තේ එය භූතයන් මෙහෙයවන දෙයක් නිසාය (td 5ඇ)
අංක 4: සිහිනවලට අනාගතය ගැන කලින් කීමට හැකිද? (w96 10/1 3-7 පි.)
ඔක්. 8 බයිබල් කියවීම: ගීතාවලිය 82-89
ගීතිකා අංක 221
අංක 1: තිමෝති—‘ඇදහිල්ලෙහි සැබෑ දරුවෙක්’ (w99 9/15 29-31 පි.)
අංක 2: ගීතාවලිය 88:1-18
අංක 3: පිය වූ දෙවි තනි පුද්ගලයෙකි. විශ්වයේ ශ්‍රේෂ්ඨතම තැනැත්තාය (td 11අ)
අංක 4: පීඩිතයන්ට සැනසිල්ල (w96 11/1 3-6 පි.)
ඔක්. 15 බයිබල් කියවීම: ගීතාවලිය 90-98
ගීතිකා අංක 134
අංක 1: වැරදි දේවල් ප්‍රතික්ෂේප කිරීමට ශක්තිය උපදවාගැනීම (w99 10/1 28-31 පි.)
අංක 2: ගීතාවලිය 90:1-17
අංක 3: මිහිපිට ජීවිතය ගෙවීමට පෙරත් ඊට පසුවත් පුත්‍රයා පියාට වඩා පහත්ය (td 11ආ)
අංක 4: දෙවි නිරාහාරව සිටීම නියම කරන්නේද? (w96 11/15 3-7 පි.)
ඔක්. 22 බයිබල් කියවීම: ගීතාවලිය 99-105
ගීතිකා අංක 89
අංක 1: ප්‍රේමයේ වඩා උතුම් මාර්ගය ඉගෙනගැනීම (w99 10/15 8-11 පි.)
අංක 2: ගීතාවලිය 103:1-22
අංක 3: දෙවි සහ ක්‍රිස්තුස් අතර ඇති ඒකත්වය (td 11ඇ)
අංක 4: මෙම අද්විතීය ප්‍රස්තාව අල්ලාගන්න! (w96 11/15 21-23 පි.)
ඔක්. 29 බයිබල් කියවීම: ගීතාවලිය 106-109
ගීතිකා අංක 214
අංක 1: ‘ප්‍රඥාව දෙන්නේ යෙහෝවාය’ (w99 11/15 24-7 පි.)
අංක 2: ගීතාවලිය 107:1-19
අංක 3: දෙවිගේ ශුද්ධාත්මය යනු ඔහුගේ ක්‍රියාකාරක බලයයි (td 11ඈ)
අංක 4: ඔබට මත්පැන් පිළිබඳව තිබෙන්නේ දේවදෘෂ්ටියක්ද? (w96 12/15 25-29 පි.)
නොවැ. 5 බයිබල් කියවීම: ගීතාවලිය 110-118
ගීතිකා අංක 14
අංක 1: ලෝකාන්තිමය—ජනිත වන්නේ බියක්ද, බලාපොරොත්තුවක්ද? (w99 12/1 5-8 පි.)
අංක 2: ගීතාවලිය 112:1–113:9
අංක 3: දුක් ගාවිනාවලට වගකිව යුත්තේ කවුද? (td 12අ)
අංක 4: නිසසල හදවතක ප්‍රයෝජන (w96 12/15 32 පි.)
නොවැ. 12 බයිබල් කියවීම: ගීතාවලිය 119
ගීතිකා අංක 35
අංක 1: ඔබගේ ශක්තිය දුර්වලකමක් කර නොගන්න (w99 12/1 26-9 පි.)
අංක 2: ගීතාවලිය 119:1-24
අංක 3: දුෂ්ටකමට ඉඩ දීමට හේතුව (td 12ආ)
අංක 4: අපොල්ලොස්—ක්‍රිස්තියානි සත්‍යයේ ප්රකාශකයෙකි (w96 10/1 20-23 පි.)
නොවැ. 19 බයිබල් කියවීම: ගීතාවලිය 120-137
ගීතිකා අංක 175
අංක 1: ගීතාවලිය—ප්‍රයෝජනවත් වීමට හේතු—1 කොටස (bsi01 23-7 ඡේ.)
අංක 2: ගීතාවලිය 120:1–122:9
අංක 3: අවසාන කාලය දීර්ඝ කිරීම දයාවේ ප්‍රකාශයකි (td 12ඇ)
අංක 4: අකිලා සහ ප්‍රිස්කිලා ආදර්ශවත් යුවළක් (w96 12/15 22-24 පි.)
නොවැ. 26 බයිබල් කියවීම: ගීතාවලිය 138-150
ගීතිකා අංක 135
අංක 1: ගීතාවලිය—ප්‍රයෝජනවත් වීමට හේතු—2 කොටස (bsi01 28-32 ඡේ.)
අංක 2: ගීතාවලිය 139:1-24
අංක 3: දුක් ගාවිනාවලට සහනය දෙන්නේ මිනිසා නොවේ (td 12ඈ)
අංක 4: දානියෙල් නොකඩවාම දෙවිට සේවය කළේය (w96 11/15 8, 9 පි.)
දෙසැ. 3 බයිබල් කියවීම: හිතෝපදේශ 1-7
ගීතිකා අංක 132
අංක 1: හිතෝපදේශ පොතට හැඳින්වීම—1 කොටස (bsi01 1-5 ඡේ.)
අංක 2: හිතෝපදේශ 4:1-27
අංක 3: සියලු ක්‍රිස්තියානීන් සාක්ෂි දැරිය යුතුයි, එනම් ශුභාරංචිය ප්‍රකාශ කළ යුතුයි (td 41අ)
අංක 4: එපප්‍රොදිතස්—පිලිප්පිවරුන්ගේ නියෝජිතයා (w96 8/15 27-30 පි.)
දෙසැ. 10 බයිබල් කියවීම: හිතෝපදේශ 8-13
ගීතිකා අංක 51
අංක 1: හිතෝපදේශ පොතට හැඳින්වීම—2 කොටස (bsi01 6-11 ඡේ.)
අංක 2: හිතෝපදේශ 13:1-25
අංක 3: නැවත නැවත යෑමත්, නොකඩවා සාක්ෂි දැරීමත් අවශ්‍යය (td 41ආ)
අංක 4: ගමාලියෙල් තාර්සස්හි සාවුල්ට ඉගැන්වීය (w96 7/15 26-29 පි.)
දෙසැ. 17 බයිබල් කියවීම: හිතෝපදේශ 14-19
ගීතිකා අංක 111
අංක 1: හිතෝපදේශ—ප්‍රයෝජනවත් වීමට හේතු—1 කොටස (bsi01 19-28 ඡේ.)
අංක 2: හිතෝපදේශ 16:1-25
අංක 3: ලේ වරදින් නිදහස් වීමට සාක්ෂි දැරිය යුතුයි (td 41ඇ)
අංක 4: ලිදියා—ආගන්තුක සත්කාරශීලී දේවනමස්කාර කරන්නියක් (w96 9/15 26-28 පි.)
දෙසැ. 24 බයිබල් කියවීම: හිතෝපදේශ 20-25
ගීතිකා අංක 9
අංක 1: හිතෝපදේශ—ප්‍රයෝජනවත් වීමට හේතු—2 කොටස (bsi01 29-38 ඡේ.)
අංක 2: හිතෝපදේශ 20:1-30
අංක 3: මුතුන් මිත්තන්ට නමස්කාර කිරීම නිෂ්ඵලය (td 29අ)
අංක 4: යෙහෝවාගේ දයාව ගැන යෝනා ඉගෙනගනියි (w96 5/15 24-28 පි.)
දෙසැ. 31 ලිඛිත පුනරීක්ෂණය. බයිබල් කියවීම: හිතෝපදේශ 26-31
ගීතිකා අංක 180