ප්‍රශ්න පෙට්ටිය
◼ දිගු කාලයක් පුරා අක්‍රියාශීලීව සිටි කෙනෙකුට නැවත ප්‍රචාරකයෙකු වීම සඳහා සුදුසුකම් ලැබීමට උපකාර කළ හැක්කේ කෙසේද?
අක්‍රියාශීලීව සිටි කෙනෙකු යෙහෝවාට සේවය කරන්න තමන් තුළ අවංක ආශාවක් තිබෙන බව පෙන්වන විට, එය සතුටට හේතුවක්. (ලූක් 15:4-6) සමහරවිට මේ අක්‍රියාශීලී පුද්ගලයාට තමාගේ පෞද්ගලික පාඩම කිරීමට, රැස්වීම්වලට පැමිණීමට හා ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට නොහැකි වී තිබීමට හේතුව විරුද්ධවාදිකම් හෝ දෛනික ජීවිතයේ ගැටලු විය හැකියි. මේ තැනැත්තාට ආත්මිකව දියුණු වීම සඳහා උපකාර කළ හැකි හොඳම විදිය කුමක්ද?
අක්‍රියාශීලී තැනැත්තා කෙරෙහි අප තුළ අව්‍යාජ ක්‍රිස්තියානි ප්‍රේමයක් තිබෙන බව ඔහුට හැඟීමට සැලැස්වීම සඳහා අපි සියලුදෙනාම මුල් පියවර ගත යුතුයි. වැඩිමහල්ලන් ඉක්මනින්ම මොහුගේ ආත්මික අවශ්‍යතා සොයා බලා උපකාර කිරීමට පියවර ගනියි. (යාකො. 5:14, 15) මේ තැනැත්තා අක්‍රියාශීලීව සිටියේ කෙටි කාලයක් නම්, මොහුට අවශ්‍ය කරන්නේ ක්ෂේත්‍ර සේවයේ නැවත ක්‍රියාශීලී වීම සඳහා අද්දැකීම් ලත් ප්‍රචාරකයෙකුගේ උපකාරය පමණක් විය හැකියි. එහෙත්, අක්‍රියාශීලීව සිටින තැනැත්තා දිගු කාලයක් පුරා සභාව සමඟ ඇසුරු කර නැත්නම්, ඔහුට උපකාරය වැඩියෙන් අවශ්‍ය විය හැකියි. ඇදහිල්ල හා අගය ගොඩනැංවීම සඳහා සුදුසු ප්‍රකාශනයකින් බයිබල් පාඩමක් කිරීම අවශ්‍ය විය හැකියි. මෙවන් අවස්ථාවකදී, මේ තැනැත්තාගේ පාඩම කිරීම සඳහා කටයුතු පිළියෙළ කරන්නේ සේවා අවේක්ෂකයි. (හෙබ්‍රෙ. 5:12-14; අපගේ රාජ්‍ය සේවාව 1998 නොවැම්බර් කලාපයේ ප්‍රශ්න පෙට්ටිය බලන්න.) මෙවැනි උපකාරයක් අවශ්‍ය කෙනෙකු ගැන ඔබ දන්නවා නම්, ඔබේ සභාවේ සේවා අවේක්ෂක සමඟ කතා කරන්න.
දිගු කාලයක් පුරා අක්‍රියාශීලීව සිටිය කෙනෙකුට නැවත දේවසේවයේ හවුල් වීමට ආරාධනා කරන්න කලින්, රාජ්‍ය ප්‍රචාරකයෙකු වීමට එම තැනැත්තා සුදුසුද කියා තීරණය කිරීම සඳහා වැඩිමහල්ලන් දෙදෙනෙකු ඔහුව හමුවීම යෝග්‍යයි. ශුභාරංචිය දේශනා කරන ප්‍රචාරකයන් වීම සඳහා සුදුසුකම් ලබන්න උත්සාහ කරන නවකයන්ව වැඩිමහල්ලන් හමු වන විට අනුගමනය කරන ක්‍රියාපිළිවෙළට සමාන ක්‍රියාමාර්ගයක් මෙහිදී අනුගමනය කෙරෙයි. (1989 මැයි 1 මුරටැඹ සඟරාවේ 26 සහ 27 පිටු බලන්න.) අනිත් අය සමඟ ශුභාරංචිය බෙදාගැනීමට දැඩි උනන්දුවක් අක්‍රියාශීලී තැනැත්තාට තිබිය යුතුයි. අපගේ දේව සේවය පොතේ 98-9 දක්වා පිටුවල සඳහන් මූලික අවශ්‍යතාවන් ඔහු සපුරාලිය යුතු අතර, සභා රැස්වීම්වලට නිතිපතා පැමිණිය යුතුයි.
නැවතත් දෙවිට ක්‍රියාශීලීව සේවය කිරීමට මහත් ආශාවෙන් සිටින තැනැත්තෙකුට යහපත් ආත්මික පුරුදුවලට හැඩගැසීමෙන් යෙහෝවා සමඟ තිබෙන ඔහුගේ අනර්ඝ සබඳතාව ශක්තිමත් කරගැනීමටත් එය දිගටම පවත්වාගැනීමටත් හැකි වෙයි. එමෙන්ම සදාකාල ජීවනයට යන මාර්ගයේ දිගටම ගමන් කිරීමටද එය ඔහුට මහත් රුකුලක් වෙයි. (මතෙ. 7:14; හෙබ්‍රෙ. 10:23-25) ඔහු “මුළු උත්සාහයෙන්” ක්‍රිස්තියානි ගුණාංග වර්ධනය කරගන්නවා නම්, ඔහු ක්‍රිස්තියානි ගෝලයෙකු වශයෙන් නැවත කිසිදාක “අක්‍රිය හෝ ඵල නොදරන [NW]” කෙනෙකු වන්නේ නැහැ.—2 පේතෘ. 1:5-8.