නිවේදන
◼ පෙබරවාරි: මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! හෝ සභා පොත් පත් තොගයෙහි තිබිය හැකි පිටු 192ක ඕනෑම පැරණි පොතක්. මාර්තු: සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දැරිය යුතුයි. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. නැවත බැලීම් කිරීමේදී උනන්දුවක් දක්වන අයට දායක ඉදිරිපත් කළ හැකියි. නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමේ ඉලක්කය ඇතුව දැනුම පොත හෝ ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න.
◼ මුලසුන භාර අවේක්ෂක විසින් හෝ ඔහු විසින් පත් කරනු ලබන කෙනෙකු විසින් මාර්තු 1වනදා හෝ ඉන්පසුව හෝ හැකි විගස සභාවේ ගිණුම් පරීක්ෂා කළ යුතුයි. අදාළ මාසයේ ගිණුම් වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය මාස තුනේ ගිණුම් පරීක්ෂා කර තිබෙන බව නිවේදනය කරන්න.
◼ ලේකම් හා සේවා අවේක්ෂක සියලුම ස්ථාවර පුරෝගාමීන්ගේ සේවය හා සම්බන්ධ කටයුතු සලකා බැලිය යුතුයි. පැය අවශ්‍යතා සපුරාගැනීමට යම් අයට අපහසු නම්, ඒ අයට උපකාර කිරීමට වැඩිමහල්ලන් කටයුතු පිළියෙළ කළ යුතුයි. මේ සඳහා අවශ්‍ය යෝජනා ලබාගැනීමට වාර්ෂිකව සමිතිය වැඩිමහල් මණ්ඩලයට එවන ඔක්තෝබර් 1 දිනැති S-201 ලිපි බලන්න. වර්ෂ 1986 අපගේ රාජ්‍ය සේවාවේ සැප්තැම්බර් කලාපයේ පළ වූ අතිරේකයේ 12-20 දක්වා ඡේදත් බලන්න.
◼ 2001 මැයි 12වන සෙනසුරාදා සමිතියේ වත්තල ශාඛා කාර්යාලය පිරිසිදු කිරීම සඳහා වසා තබනවා. එදින බෙතෙල් නිවස බැලීමට හා එහි පැමිණ පොත් පත් ගැනීමට නොහැකි බව සලකන්න.
◼ ඉඳ හිට සේවය කරන ප්‍රදේශවල සේවයේ යෙදෙන විට දැනුම පොත හෝ ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න ප්‍රචාරකයන්ට පුළුවන්. මෙම ප්‍රකාශන දෙක ගෙවැසියන් ළඟ දැනටමත් තිබෙනවා නම්, වෙනත් ඕනෑම ප්‍රකාශනයක් ඉදිරිපත් කළ හැකියි. නිවෙස්වල කවුරුත් නැති විට තබා ඒම සඳහාත් පොත් පත් ලබා නොගන්න අයට දීම සඳහාත් විවිධ පත්‍රිකා ළඟ තබාගන්න. දුර ප්‍රදේශයක ජීවත් වන උනන්දුව දක්වන කෙනෙකුව හමු වුණොත්, ඒ තැනැත්තා පදිංචි වී සිටින ප්‍රදේශයේ විශේෂ පුරෝගාමීන් සේවය කරයි නම් හෝ ඒ ප්‍රදේශය කිට්ටුව සභාවක් තිබෙනවා නම්, ඔහුව නැවත හමුවීම සඳහා කටයුතු පිළියෙළ කිරීමට මුලපිරිය යුතුය.
◼ ලබාගත හැකි අලුත් ප්‍රකාශන:
දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!—සිංහල