ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 5/01 5 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
2001 අපගේ රාජ්‍ය සේවාව
km 5/01 5 පි.

නිවේදන

◼ මැයි මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. නැවත බැලීම් කිරීමේදී උනන්දුවක් දක්වන අයට දායක ඉදිරිපත් කළ හැකියි. නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමේ ඉලක්කය ඇතුව දැනුම පොත හෝ ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න. ජූනි: දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? නමැති විවරණිකාව හෝ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොත. බයිබල් පාඩම් පටන්ගැනීමට වෑයම් කරන්න. ජූලි සහ අගෝස්තු: සභා පොත් පත් තොගයෙහි තිබිය හැකි පිටු 32 ඕනෑම විවරණිකාවක් යෝග්‍ය අවස්ථාවලදී ඉදිරිපත් කළ හැක.

◼ මුලසුන භාර අවේක්ෂක හෝ ඔහු විසින් පත් කරනු ලබන කෙනෙකු විසින් ජූනි 1වනදා හෝ ඉන්පසුව හෝ හැකි විගස සභාවේ ගිණුම් පරීක්ෂා කළ යුතුයි. අදාළ මාසයේ ගිණුම් වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය මාස තුනේ ගිණුම් පරීක්ෂා කර තිබෙන බව නිවේදනය කරන්න.

◼ වර්ෂ 2001 ජූලි 30න් පටන්ගන්නා සතියේ සිට සභා පොත් පාඩම්වලදී සාකච්ඡා කරන්නේ යෙසායාගේ අනාවැකිය—සියලුම මනුෂ්‍යවර්ගයා සඳහා පහන I නමැති පොතයි. කලින් නිවේදනය කළ පරිදි, මෙම පොත අවශ්‍ය තරම් ඉල්ලුම් කිරීමට සියලුම සභාවන් දැන්ම කටයුතු කළ යුතුයි.

◼ සභාවන් මතු දැක්වෙන ප්‍රකාශන සඳහා ඉල්ලුම් කිරීම දැන් සිටම පටන්ගත යුතුයි. දින දර්ශනය 2002 (item no. 7202); දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම 2002 (item no. 6902); වාර්ෂික පොත 2002 (සිංහලෙන් පළ වී නොමැත. Item no. 5902). සියලුම සභාවන් තමන්ගේ ඉල්ලුම 2001 ජූලි 20වනදාට කලින් සමිතියට එවිය යුතුයි. මෙම දිනයෙන් පසු එවන ඉල්ලුම් සැපයිය නොහැකි බව කරුණාවෙන් සලකන්න. ශ්‍රී ලංකා ශාඛා කාර්යාලයෙන් ඉහත අයිතම ලබාගත නොහැක. එමෙන්ම ජපානයේ ශාඛා කාර්යාලයද මුද්‍රණය කරන්නේ ඉල්ලුම් කර තිබෙන ප්‍රමාණය පමණයි. එනිසා ඔවුන්ට කල් වේලා ඇතුව ඉහත අයිතම සඳහා ඉල්ලුම් ලැබුණේ නැත්නම්, ඒවා සැපයිය නොහැකි වනු ඇත.

සියලුම ප්‍රචාරකයන් ඉහත සඳහන් ප්‍රකාශනවලින් තමන්ට අවශ්‍ය ප්‍රමාණය ලබාගැනීම සඳහා, කල් වේලා ඇතුව නිවේදනය කරන්න. තමන්ට අවශ්‍ය ප්‍රමාණය පොත් පත් සේවකට දැනුම් දෙන්න කියා සියලුම ප්‍රචාරකයන්ට ආරාධනා කරන්න. සතිපතා මෙම නිවේදනය කරන්න. එමගින් තමන්ගේ ඉල්ලුම දැනුම් දෙන්න සියලුම ප්‍රචාරකයන්ට හැකි වෙයි. පොත් පත් සේවක මාසය අවසානයේදී, මුළු ඉල්ලුම ගණන් බලා එය පොත් පත් සම්බන්ධිකරණ සහෝදරයාට ලබා දිය යුතුයි. මෙසේ කිරීමෙන් ඔහුට පුළුවන් සමිතියට යවන ජූනි හෝ ජූලි මාසයේ පොත් පත් ඉල්ලුම් කිරීමේ පෝර්මයට (S-14) නියමිත ප්‍රමාණය ඇතුළත් කරන්න.

[Caption on page 5]

වර්ෂ 2002 සඳහා වාර්ෂික පොත්, දින දර්ශන හා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම නමැති පොත් පිංච ඉල්ලුම් කිරීමට අමතක නොකරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න